Kspersky boot cd : අවදානමට පෙර සූදානම් වන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Kspersky boot cd : අවදානමට පෙර සූදානම් වන්න

    5021816-attention-virus-detecte.jpg

    ඔන්න එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පටන් ගත්තා අලුත් අවුරුද්දේ පළවැනි පෝස්ට් එක. අලුත් අවුරුද්දේ ඔන්න වටින කියන පෝස්ට් එකක් දෙන්න හිතුවා. මේක අපේ බාල වයිරස් ගාඩ්ඩුයි වයිරස් ගාඩ් නැතිව කම්පියුටරේ පාවිච්චි කරලා අමාරුවේ වැටුන කට්ටිය ඕන තරම් ඇති. එයාලා ඉතිං පුලුවන් තරම් වැඩෙන් ගොඩ එන්න හැම තුරුම්පුවක්ම ගැහැව්වත් වැඩේ හරියන්නෑනේ.අන්තිමට තමාට පිහිටටතියෙන්නේ ඉතිං ෆෝමෑට් කොරලා දාන එක විතරයි. ඒත් දැන් මම කියලා දෙන්න යන්නේ ෆෝමැට්නොකර මේ වගේ අවස්තාවකින් ලේසියෙන් ගොඩඑන ක්‍රමයක්. මේ පහසුකම අපිට ලබාදෙන්නේ දැන් ඉන්න අංක 1කේ සිකියුරිටී රාජයෙකු වන කැස්පෙර්කී සමාගමෙන්. මේ කයි කරන්න තියෙන්නේ මුල්න්ම මෙයාලගේ සර්වර් එකේ තියෙන කැස්පෙර්කී ISO ෆයිල්එක අපි සීඩී එකකට රයිට් කරගන්න ඕන (මේ පිලිබද Nero උපකාරක ලිපිය මීලග පෝස්ට් එකේ බලා පොරොත්තු වන්න) ඊලගට අපිට තියෙන්නේ මේ සිඩී එක කම්පියුටරේට දාලා රීස්ටාට් කරලා සීඩි එක boot කරන්න හරියට වින්ඩෝස් දානවා වගේ. ඊලගට කරන්න තියෙන්නේ ස්කෑන් කරන්න විතරයි. මේ කෙටියෙන් කියපු ටික කාටවත් තේරුන් නැත්නම් පහල තියෙන ස්ටැප් බයි ස්ටැප් එක බලන්නකෝ.

    1.) මුලින්ම kasperky ෆයිල් එක බාගැනීම.

    මෙම ගොනුව 258MB පමණ ධාරිතාවකින් යුක්තය. මෙයාලාගේ නිල වෙබ් අඩවියේ Link මෙහි ලබා දී තිබේ. ISO ෆෝමැට් එකෙන් යුත් ෆයිල් එකකි.
    Download the Kaspersky Rescue Disk iso image

    2.) ISO ගොනුව සංසුක්ත නැටියකට පිටපත් කිරීම.

    මේ සදහා ඔයාට Nero Burning ROM, ISO Recorder, DeepBurner, Roxio Creator වැනි මෘදුකාංගයක් භාවිත කිරීමට සිදුවේ.ඒවගේම අවම වේගයක් පවත්වා ගනිමින් දත්ත පිටගත්කරන්න වග බලාගන්න. මේ පිලිබද සම්පුර්ණ පාඩමක් මම ඊලග පෝස්ට් එකේ ලබා දෙන්නම්.

    3.) බයෝස්හි සීඩී තැටිය බුට්වීමට සැකසුම් සැකසීම.
    ( first boot drive එක විදිහට cd/dvd drive එක දාලා තියෙන අය ආයේ දාන්න ඕන නෑ.)

    දැන් ඔයා සීඩී එක රයිට් කරලා ඉවරනම් ඒක ඊලග අදීරය සදහා අරන් තියන්න. දැන් කරන්න තියෙන වැඩේ පරෙස්සමෙන් කරන්න මතක තියාගන්න. මොකද වින්ඩෝස් කෙළඋනොත් ෆෝමැට් කරන්න හරි පුලුවන් බයෝස් කෙළඋනොත් ජීවත් වෙලත් වැඩක්නෑ. හරි මේකයි කරන්න තියෙන්නේ කම්පියුටරේ රී ස්ටාර්ට් කරලා බයෝස් වලට පිවිසෙන යතුර කීබෝඩ් එකෙන් ඔබන්න. මේ කීඑක එකිනෙකට වෙනස් වෙනවා. බොහෝ පරිගණක වල Delete යතුර දෙන්නේ බලන්න පහල ඇති ඔයාලගේ බයෝස් යතුර.

    Ctrl+Esc Ctrl+Ins Ctrl+Alt Ctrl+Alt+Esc Ctrl+Alt+Enter Ctrl+Alt+Del Ctrl+Alt+Ins Ctrl+Alt+S

    දැන් බයෝස් එකට ආවනම් ඔයා එතන උඩ තියෙන Boot ටැබ් එකට යන්න. එතන තියන ලිස්ට් එකේ අංක 1 කට ඔයාගේ cd/dvd drive එක ලබාදෙන්න.ඊලගට ඔක්කොම සෙව්කරලා අයින් උනාම කම්පියුටරේ වෙනද වගේම ස්ටාර්ට් වෙයි. (ස්ටාර්ට් උන්නැත්නම් ඔන්න මම නම් දන්නෑ)

    4.) සාදාගත් cd එකෙන් boot කිරීම.

    මේක තමයි අවසන් අදීරය මුලින්ම පරිගණකයට සීඩී එක දාලා රීස්ටාර්ට් කොරන්ඩ එතකොට මෙන්න මෙහෙම එකක් එයි හරියට වින්ඩෝව්ස් ඉන්ස්ටෝල් කරනකොට වගේ. තත්පර 10ක් ඇතුලට මොකක් හරි කීබෝඩ් එකේ බට්න් එකක් ඔබන්න. මේ අවස්තාව මගහැරුනොත් ආයේ රී ස්ටාර්ට් කොරන්ඩ.

    krd_4470_2_en.png

    ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝවක් එයි මේකෙදී ඔයාලා කැමති භාශාවක් තෝරගෙන එන්ටර් කොත්තම ඔබන්න. (කැමති එකක් කිව්වට ඉංග්‍රීසි තෝරගන්න නැත්තනම් එන්නේ අන්ඩර දෙමළ භාශාවක්නේ.)

    krd_8095_01_en.png

    එතනින් ගිහාම මෙන්න මේවගේ ලයිසොන් ඇග්‍රීමෙන්ට් එක එයි ඒක හොදටම කියෝලා බලලා I අකුර ඔබන්න.

    krd_8005_01_en.png

    ඊලගට මෙන්න මෙහෙම කේස් එකක් අහයි මෙතනින් ග්‍රැෆික් මොඩ් එක ගන්න මොකද ඒක ලේසියි පහසුයි.

    4122(3)en.jpg

    මීලගට මෙන්න මේ වින්ඩෝ එක එයි මෙතනදී සියලුම කොටස් සිලෙක්ට් කර ස්කෑන් කරන්න. එතකොට වෙනදේ කියන්න ඕනි නෑනේ...

    krd_8097_02_en.png

    මම හිනවිදිහට මේ දේ ඔයාලට ගොඩක් ප්රෝජනවත් වෙන්ඩ ඇති මොකද වයිරස් ඇති නැති හැමොටම මේක වැදගත් දෙයක් වන නිසා..........​

    හුදෙක් මෙය මාගේ ම බ්ලොග් අඩවියේ සදහන් ලිපියක් ඔබ සමග බෙදාගැනීමකි! වැරදියට වටහා ගන්න එපා!
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    ochcra uddayak karanna onada ban eset smart security dala full scan ekak dunna nam iwaraine, Kspersky dala thiyena pc walata hoda virus awoth Kspersky hoyanna wena scan ekak karanna ona melo rahak na experience eken kiyanne :dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ochcra uddayak karanna onada ban eset smart security dala full scan ekak dunna nam iwaraine, Kspersky dala thiyena pc walata hoda virus awoth Kspersky hoyanna wena scan ekak karanna ona melo rahak na experience eken kiyanne :dull:

    මම කියන්නේ බං වයිරස් එන්න කලියෙන් මේක හදලා තියලා ඕන වෙලාවට ගන්න මොකද වයිරස් ආවම වයිරස් ගාඩ් ඉන්ස්ටෝල් කරනව තියා කම්පියුටරේ ඔන් කරන්නවත් බැරි වෙලාවල් තියෙනවනේ!:D:yes:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ochcra uddayak karanna onada ban eset smart security dala full scan ekak dunna nam iwaraine, Kspersky dala thiyena pc walata hoda virus awoth Kspersky hoyanna wena scan ekak karanna ona melo rahak na experience eken kiyanne :dull:

    Rescue CD පාවිච්චි කරන්නේ virus guard තියෙද්දි හො නැතුව computer එකට virus ඇවිල්ල තියන වෙලාවක computer 1 format නොකර වයිරස් අයින් කරගන්න හොඳ ක්‍රමයක්. නිකන්ම virus guard එකක් වයිරස් තියන computer එකකට install කරලා virus 100% අයින් කරන්න බැහැ. මොකද සමහර virus අපි install කරන virus guard එක වෙනස් කරගන්නවා අදාල virus එක විතරක් delete නොවෙන විදියට. එතකොට ඉතින් format නොකර ගොඩගන්න පුලුවන් එකම ක්‍රරමේ rescue CD.

    Rescue CD එකක් කියන්නේ virus guard එකක් නෙවි. virus cleaning tool එකක්. Simple Linux OS එකකින් තමා Boot වෙන්නේ. එක හින්දා කිසිම windows virus එකකට මේ tool එකට attack කරන්නත බැ.

    virus නෑ කියල හිතෙන computer එකක උනත් virus හමබවෙන්න පුලුවන් මේකෙන් scan කරාම.

    Rescue CD හැමදාම update කරනවා. ඒක නිසා කලින් download කරලා තියාගෙන නම් වැඩක් නෑ. අවශයතාව ආපු දවසට download කරලා use කරන එක තමා හොද.

    Rescue CD තියෙන්නේ kaspersky ලා ට විතරක් නෙවි. තව කට්ටියත් මේක දෙනවා. මං kaspersky rescue disk කිහිප සැරයක්ම try කලාට මොකද්දො අවුලක් නිසා මැදකින් නවතිනවා. මම use කරන්නේ Avira Rescue Disk එක.

    http://www.avira.com/en/download/product/avira-antivir-rescue-system
     
    ෂා.. මේ හැම ඇටි වයිරස් ආයතනේකින්ම මේ වගේ ටුල් එකක් හදලා තියෙනවා නේද මම ඒක දන්නේ දැන් :rofl: තෑන්ක්ස්. මම හිතුවේ කැස්පෙර්කී විතරයි කියලා.:P:lol::baffled:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන්,
    kaspersky original antivirus (internet security) CD එක
    rescue disk එක හැටියට use කරන්න පුළුවන් නේද?