Kuja 12 tynwa kiyanne mokadda theruma?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,941
    8,778
    113
    Cenon
    cenon.com
    කුජ දෝෂය යෙදෙන්නේ කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8 ,12 යන ස්ථානවල කුජ හෙවත් අඟහරු පිහිටීම නිසයි.


    කුජ යනු ප්‍රබල පාප ග්‍රහයෙකි. ඔහු සිටින ස්ථානවලට අයත් කරුණුද, දකින ස්ථානවලට අයත් කරුණුද දුර්වල කිරීම, කඩා බිඳ දැමීම කුජගේ ස්වාභාවයයි. ඒ අනුව විවාහය සම්බන්ධ 7 වැන්න හා විවාහයෙන් පසු ජීවිතය ගැන කියවෙන 2 වැන්න කුජගෙන් පීඩා වූ විට විවාහය තරමක් ප්‍රමාදවීම, විවාහයෙහි යම් යම් ගැටලු මතුවීම දක්නට ලැබේ.
    නමුත් කුජ දෝෂය යෙදුණ පමණින් හැමදෙනාටම මෙම විපාක ලැබෙන්නේද නැත. විවාහයෙහි ගැටලු ඇතිවිය හැකි බවට ඉඟියක් කුජ දෝෂය විසින් ලබා දෙයි. එය ස්ථිර නැත. විවාහය හෝ එහි පැවැත්ම කුජගෙන්ම තීරණය කිරීම වරදකි. විවාහයට බලපාන තවත් සාධක ගණනාවක් තිබේ.


    එනම් හත් වැන්න, එය අධිපති, විවාහ කාරක සිකුරු කුජට වඩා විවාහයට බලපානු ලබයි. එ් නිසා කුජ හතේ පිහිටි පමණින් හෝ කුජ දෝෂය යෙදුණු පමණින් විවාහයට එම කේන්ද්‍රය අයහපත් යැයි සිතීම සාධාරණ නැත. හත්වැන්න බලවත් වූ විට හත්වැන්න අධිපති බලවත් වූ විට සිකුරු බලවත් වූ විට කුජ දෝෂය එතරම් බලපාන්නේ නැත. නමුත් කුජ දෝෂය යෙදුණු විට විවාහය තරමක් ප්‍රමාද විය හැකියි.


    අවශ්‍ය ශාන්තිකර්මවල යෙදීමෙන් එම ප්‍රමාදය ද වළක්වා ගත හැකිය. එසේ නොමැතිව කුජ දෝෂය යෙදුණු පමණින් විවාහය අසාර්ථක වන්නේ නැත. නමුත් විවාහය සම්බන්ධ කරුණු දුර්වල වී කුජ දෝෂයක් පිහිටීම යහපත් නැත. කුජ දෝෂය තිබෙන කේන්ද්‍රයට කුජ දෝෂය තිබෙන කේන්ද්‍රයක්ම ගළපනු ලබයි. එය විසෙන් විස නැසීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමකි. වෘෂභ හා තුලා ලග්න හිමියන්ට කුජ දෝෂය එතරම් බලපාන්නේ නැත. එයට හේතුව වෘෂභ තුලා ලග්න හිමියන්ගේ 7 අධිපති හෙවත් විවාහය පිළිබඳ වගකීම ඇති ග්‍රහයා වීමයි.


    කුජ කාමය නිවේදනය කරන එක් ග්‍රහයෙකි. කුජ විවාහයට ලිංගිකත්වයට කැමතිය. එහෙයින් කුජ දෝෂය යෙදීම නිසා විවාහයට ඇති කැමැත්ත නැති වන්නේ නැත. කුජ දෝෂය තිබෙන කේන්ද්‍රවල විවාහය පමා කරන තවත් යෝග පිහිටයි. එවැනි දෝෂද පවතී නම් තද බල ලෙස විවාහය ප්‍රමාද වනු ඇත. නැතහොත් අතරමගදී විවාහය ගැටලුකාරී වේ.
    විවාහයට අසුබ පිහිටීම් හඳුනා ගෙන ඒවාට පිළියම් කළ යුතුය. විවාහයට බලපාන ග්‍රහයන් ශක්තිමත් කළ යුතුයි. බොහෝදුරට කුජ දේෂය තිබෙන අයට ලැබෙන්නේ හිතුවක්කාර ගති ඇති සහකරුවකු හෝ සහකාරියකි. විවාහය ගැටලුකාරී වීමට එයද එක්තරා හේතුවක් වේ.


    කුජ දෝෂය බිඳෙන පිහිටීමද ජ්‍යොතිෂයේ තිබේ. එම දෝෂ භංග වන පිහිටීම් අනුව කුජ දෝෂයේ විපාක තවදුරටත් වෙනස් වෙයි. හරියටම කුජ දෝෂය පිහිටන්නේ ඉතා කලාතුරකින්ය.


    එමෙන්ම කුජ 7ට කුජ හතේ සිටින කේන්ද්‍රයක්ම අවශ්‍ය නැත. 1, 2, 4, 7, 8, 12 යන ඕනෑම තැනක කුජ සිටින කේන්ද්‍රයක් ගැළපෙයි. පොරොන්දම්වල ගැළපීම් අනුවද කුජ දෝෂයේ බලපෑම අඩු වැඩි වේ.
    thank you :love:
     
    • Like
    Reactions: Galvatron