ක්‍යුදෝ (KYUDO) යනු ජපානයේ අතිශයින් ජනප්‍රිය දුනු ශිල්පයකි. මෙය හුදු දුනු ශිල්පයක් නොවීම විශේෂත්වයකි. ප්‍රාණයක් නැසීම හෝ දඩයම් කිරීමේ අරමුණ මෙම ශිල්පයේ නැත. මෙය හැඳින්වෙන්නේ දුනු ශිල්ප දර්ශනයක් ලෙසිනි. එනම් මෙයින් සිදු කෙරෙන්නේ මනස එක අරමුණකට ගනිමින් ශරීර සමබරතාව රැක ගැනීමෙන් ශාරීරික හා මානසික ඒකාග්‍රතාව ප්‍රගුණ කිරීමයි. මෙය සැලකෙන්නේ භාවනානුගෝගී ශිල්පයක් ලෙසිනි.
ජපානයේ අනාදිමත් කාලයක පටන් පැවත එන මෙම "ක්‍යුදෝ" ශිල්පය එරට පාසල් අධ්‍යාපනයට ද ඇතුළත් කර තිබේ. දූපත්වල ඇති ගම් ආශ්‍රිතව මුල් කාලයේ සතුන් දඩයම් කිරීම සඳහා දුනු ශිල්පය ආරම්භ වී තිබිණි. මාළු බෑම, ගොවිතැන් කටයුතු ආදියෙහි නිරත වූ ජපන් ගැමියෝ විවේක වේලාව දඩයම සඳහා යෙදවීය. එය පසුකාලීනව "ක්‍යුදෝ" නම් දුනු ශිල්ප දර්ශනය කෙරෙහි බලපා ඇත.
"ක්‍යුදෝ" හි ඇති සිත ඒකාග්‍ර කිරීමේ ගුණය, මානසික පීඩනකාරී බව, නිවාලීමේ ගුණය ජපානයේ දියුණුවට ඉවහල්වී ඇති බව කියෑවේ. වසර ගණනක් ජපානය පුරා "ක්‍යුදෝ" පිළිබඳ අධ්‍යයනය කරමින් එම ශිල්පය ප්‍රගුණ කළ කීර්ති වික්‍රමරත්න මහතා සහ එම මහත්මිය වන ලලනි වික්‍රමරත්න මේ වන විට එම දර්ශනය ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රදානය කිරීමෙහි නියුතුව සිටී. වසර ගණනක් ජපානයේ ජීවත් වූ මෙම යුවළ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන විට රැගෙන විත් තිබුණේ ජපන් කාර්, ජපන් තාක්‍ෂණය, ජපන් නිෂ්පාදන නොවේ. ජපනුන්ට දියුණුවන්නට හේතු වන ජපානයේ දියුණුවේ රහස වන "ක්‍යුදෝ" පමණි. ඔවුන් අද ක්‍යුදෝ සෙන්සේවරුන් (ගුරුවරුන්) ලෙස උගත් ශිල්පය අන් අයට බෙදාදෙමින් සිටී.
මේ සම්බන්ධයෙන් ක්‍යුදෝ සෙන්සේ කීර්ති වික්‍රමරත්නයන් අප සමග අදහස් දැක්‌වූයේ මෙසේය.
මෙම පැරැණි දුනු සටන් කලාව ජපානයේ ෂින්නෝ ධර්මයෙන් පෝෂණය ලබා තියෙනවා. සෙන් බුදු දහමේ දාර්ශනික තත්ත්වයක් ක්‍යුදෝවල අඩංගු වෙනවා. ඒ වගේම ජපන් සමුරායිවරුන්ගේ ගතිගුණ හා සෘජු බව, වගකීම්සහගත බව, අධ්‍යාපනික ඥනය ක්‍යුදෝවල අඩංගුයි. ක්‍යqදෝ පුහුණු කිරීම් සිදු කරද්දී ඉතාම සුළු දේවල් ගැන පවා සැලකිලිමත් වෙනවා. නියමිත ක්‍රමවේදයක්, පිළිවෙළක්, දැඩි සංයමයක් පුහුණුවීම්වලදී අනුගමනය කරනවා. ක්‍යුදෝ ඉගෙන ගන්න එන නවකයා පාසල් ශිෂ්‍යයෙක් වුණත්, විශ්‍රාමික තැනැත්තෙක් වුණත් කිසිම භේදයක් සිදු කෙරෙන්නේ නැහැ. කලක් පුහුණුව ලැබූ අය වගේම අලුතින් එකතුවන අයත් එකම මට්‌ටමටයි සලකන්නේ. එකට බැඳුණු එකම පවුලක් හැටියට ගුරු ගෝල සබඳතා පවතිනවා. ඒ බැඳීම්වලින් කවදාවත් දුරස් වෙන්න බැහැ. වයෝවෘද්ධ කෙනෙකුට ක්‍යුදෝ ඉගෙන ගන්න එන මුල්ම දවසේ පටන් තමා නැවත ජීවිතය ආරම්භ කළා වැනි හැඟීමක් ඇති වෙනවා. ක්‍යුදෝ පුහුණුවීම් වගේම මනසේ ඇති වන ප්‍රබෝධමත් හැඟීම් නිසා ලෙඩ රෝග ගණනාවක් සුවවීමටත් එය බලපානවා. හැම ඉරියව්වක්‌ම හැම ක්‍රියාවක්‌ම භාවනාවක් වගෙයි කරන්නේ. වට පිට කිසිවක් ක්‍යුදෝ කරන වෙලාවේදී ඔළුවේ නැහැ. දුන්නෙන් ඊතලය විදින මොහොත නැත්නම් දුනුදිය ඇදලා ඊතලය ගිලිහෙන මොහොත ඉතාම විශේෂයි. ඒ මොහොත සිතුවිලිවලින් තොරයි. මනසත්, ශරීරයත්, උපකරණයක් (දුන්න හා ඊතලය) තුනම එකට එකම මොහොතක එකම තැනකට ගොනුවන නිමේෂය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ මොහොතේ තමයි දුන්නෙන් ඊතලය ගිලිහෙන්නේ. ඊතලය ඉලක්‌කයට වැදුනත් නැතත් දුකක් හෝ සතුටක් ඇතිවෙන්න බැහැ. එහෙම වුණු අවස්‌ථාව තමයි ක්‍යුදෝ දර්ශනයේ උච්චතම අවස්‌ථාව වන්නේ. ආගමික ඉගැන්වීම්වල එන සොබාදහම කෙරෙහි ඇති බැඳීම ක්‍යුදෝවල දැඩි ලෙස ඉගැන්වෙනවා. එය හැඳින්වෙන්නේ "ඉන්තොකු" ලෙසයි. ක්‍යුදෝ සඳහා භාවිත කර දුනු ඊතල ඇතුළු සියලු දේ සොබා දහමේ උරුමයන් වගේම පරිසරයට සැලකීම, කළගුණ සැලකීම විශේෂයෙන් ප්‍රගුණ කෙරෙනවා. ශිල්පය හදාරන අය තමන්ගේ උපකරණ තමා විසින්ම පිරිසිදු කරගත යුතුයි. ඊතලයෙන් විද්දොත් නැවත ඊතලය රැගෙන ආයුතු වන්නෙත් විද්ද කෙනා විසින්මයි. තමන්ගේ වැඩේ අවසානයක් දක්‌වා හරියට වගකීමකින් යුතුව කරන්න ක්‍යුදෝ ශිල්පයෙන් ප්‍රගුණ කෙරෙනවා. ජපන්නු තමන්ට භාරදෙන වැඩේ හරියට කරන්නේ ඒ නිසයි. මුදල්, වැටුප්, අනෙකුත් ප්‍රශ්න ගැන ජපන්නු ක්‍රියා කරන්නේ කළයුතු වැඩේ කරලා ඉවර වෙලායි. ජපානය දියුණු වුණේ ඒ නිසයි. අදටත් ජපානයේ දියුණුවට හේතුව ක්‍යුදෝ බව කිවයුතුයි. ස්‌වභාවික විපත් නිතර සිදුවන රටක් හැටියට ජපානයේ විනාශ වීම් අති විශාලයි. නමුත් එසැණින් නැගිටින්නට ඔවුන්ට පුළුන්කම, ශක්‌තිය තියෙනවා. අපේ වගේ රටක් එය ප්‍රගුණ කළ යුතුයි. මම ක්‍යුදෝ අපේ රටේ අයට උගන්වන්න කටයුතු කළේ ඒ නිසයි. මේ රටේ විවිධ ක්‍ෂේත්‍රවල ඉහළටම ගිය ප්‍රවීණයන් රැසක් අපේ නිවසට පැමිණ ක්‍යුදෝ වෙනුවෙන්ම වෙන් කර ඇති ස්‌ථානයේ (ඩෝජෝ) එම පුහුණුවීම් එකම පවුලක් ලෙස එකට බැඳී ප්‍රගුණ කරනවා. අපේ එකම පුතා ගජබා වික්‍රමරත්නත් ක්‍යුදෝ හදාරනවා. මගේ ගුරුවරයා (සෙන්සේ) වන ඕ නෝ තදෂි (ජපානයේ) වසරට දෙවරක් හෝ තුන්වරක් ලංකාවට ඇවිත් අපිව බලලා යනවා. මමත්, බිරිඳත් ඒ ශාස්‌ත්‍රය හොඳින් ඉගෙන ගත්තා. ගුරු ගෝල බැඳීම අපි අතර දැඩිව පවතිනවා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ කීර්ති වික්‍රමරත්න පාසල් වියේ පටන් කරාටේ ශූරයෙකි. කරාටේ කළුපටිධාරියකු වූ ඔහු කරාටේ ගුරුවරයකු ද විය. මලල ක්‍රීඩා ශූරියක, ක්‍රීඩා ගුරුවරියක මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශිකාවක ද වූ ලලනි සමග විවාහ වූ කීර්ති පසුව ජපානයට ගොස් දෙදෙනාම එහිදී "අයිකිඩෝ" ඉගෙන ගත්හ.
ඊට අමතරව තව තවත් සටන් කලා ඉගෙන ගත් ඔවුහු වසර දෙකක් අඛණ්‌ඩව "ක්‍යුදෝ" හදාරා තිබේ. ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඔවුන්ගේ එකම දරුවා වන "ගජබා" ඔවුන්ගේම ක්‍යුදෝ ශිෂ්‍යයකු ද වේ. කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ගජබා තම අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ කෙරෙහි ක්‍යුදෝ ඉවහල් වන අයුරු අප සමග පැහැදිලි කළේය.
කරන වැඩේ හරියට කිරීම ක්‍යුදෝ වල මූලිකම කාරණාවයි. ඒක මම හොඳින් ප්‍රගුණ කරනවා. උගන්වන වෙලාවට හොඳින් ඉගෙනගෙන පාඩම් කරන වෙලාවට උපරිමයෙන් පාඩම් කරලා විභාගවලට ලියනවා. මම අපේ ශ්‍රේණියේ පන්ති හැම එකකම ඉන්න ළමයි අතරින් විභාගයේදී පළමුවැනියා වෙලා තියෙනවා. ක්‍යුදෝ මගේ හිත එක තැනක රඳවනවා.
අතිශයින්ම කාර්යබහුල බෙහෙවින් ජනප්‍රිය අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පියකු වන රනිල් මෙන්ඩිස් මහතාද ක්‍යුදෝ පිළිබඳ තම අත්දැකීම් අප සමග කීවේය.
"මම දැන් සෙන්සේ කීර්ති වික්‍රමරත්නයන් යටතේ වසර කිහිපයක්‌ම ක්‍යුදෝ ප්‍රගුණ කළා. ගෘහ නිර්මාණ ක්‍ෂේත්‍රයේ මම වසර 27 ක් පමණ රැඳී ඉන්නවා. මගේ අතින් නිර්මාණය වන සැලසුමක් ඉදිවෙද්දී ගතටත් සිතටත් විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ නිර්මාණයේ නිමාව දකිනතුරු පීඩනය අවසන් වෙන්නේ නැහැ. එවැනි පීඩන හැම සැලසුමකදීම වලංගුයි. මට පුතෙක් ඉන්නවා. පුතා ගැන බලද්දීත් හිතට ලොකු බරක් දැනෙනවා. ක්‍යුදෝ ප්‍රගුණ කරද්දී ඒ සියලු දේ මනසිsන් දුරස් වෙලා පුදුමාකාර මානසික සැනසිල්ලක් ලැබෙනවා. ඒක විස්‌තර කරන්න අමාරු තරම් සැනසිලිදායක තත්ත්වයක්. ක්‍යුදෝ පුහුණුවීම් කරලා නැවත රාජකාරි කටයුතු ආරම්භ කරද්දී අලුත් කෙනෙක් වගේ වේගයෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා" යෑයි ඔහු කීවේය.
පෞද්ගලික ජංගම දුරකථන සේවා ජාලයක පරිගණක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ශ්‍රීනාත් සෙනෙවිරත්න මහතා ද අප සමග පැවසුවේ එවැනිම අත්දැකීම් සමුදායකි.
ශ්‍රී ලංකාවට තරමක් ආධුනික වූ ක්‍යුදෝ වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය කැපකරමින්, තලවතුගොඩ උතුවන්කන්ද පාරේ, සරස්‌වතීවත්ත අංක 322/59 දරන ස්‌ථානයේ ක්‍යුදෝ පුහුණු මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන යන ක්‍යුදෝ ගුරු (සෙන්සේ) කීර්ති වික්‍රමරත්නයන් ප්‍රමුඛ බිරිඳ, දරුවා ඇතුළු සිසු පරපුරේ සාමාජිකයන් සංඛ්‍යාව 30 කට වැඩියි. එම සිසු පරපුර අතර මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු වැනි විද්වතුන්ද සිටීම විශේෂත්වයකි. රටක් සංවර්ධනය කිරීමට පෙර මිනිසා සංවර්ධනය විය යුතුයි. එම සංවර්ධනය නිසි පරිදි සිදුවන්නට නම් මිනිසා අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතුය. ගැහැනු පිරිමි උස්‌මිටි, බාල, මහලු කිසිදු භේදයකින් තොරව ආධ්‍යාත්මික පෝෂණයෙන් මිනිස් සංවර්ධනය හා ඒ හරහා රටක සමාජයක ශීඝ්‍ර දියුණුව සලසන ක්‍යුදෝ ඊට කදිම පිළිතුරක් ම වේ.
http://www.divaina.com/2012/05/13/nimna04.html