Lalith Athulathmudali නම් වු දළ ඇතා

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
Lalith Athulathmudali නම් වු දළ ඇතා

ලලිත් ඇතුලත්මුදලි නම් වු දළ ඇතා...

Lalith_Athulathmudali.jpg


මම කුඩා කාලයේ සිටම හෙතුන් කිහිපයක් නිසා මෙතුමාට ප්‍රිය කරනවා...

මේ එතුමා ගැන මව්බිමේ පල වු ලිපියක්...


සී.වී. - ලලිත් මූණට මූණ!

ලලිත් ඇතුලත්මුදලි රත්මලාන එ.ජා.ප. සංවිධායකවරයා ලෙස ජේ.ආර්. නිර්මාණය කළ පක්‍ෂයේ නව්‍ය ප්‍රතිරූපයට ස්වකීය බුද්ධිමය හැඩතල එක් කළේය. දේශපාලන ප්‍රතිවාදීන් තමා වෙත එල්ල කළ ප්‍රහාර පෙරළා ඔවුන් වෙතටම හරවා යැවීම ලලිත් අනුගමනය කළ එක් උපාය උපක්‍රමයකි.

ලලිත්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සමකාලීනයකු වූ සී.වී. ගුණරත්නය. ලලිත් රාජකීය විද්‍යාලයට පිවිසෙද්දී ඉහළ පන්තියක හුන් සී.වී. - ලලිත් රාජකීයයෙන් නික්ම ඔක්ස්ෆර්ඩ් බලා යන විට හුන්නේ ඔහුට වඩා පහළ පන්තියකය. දේශපාලනයේදී ද එය එසේ ම විය. 1977 දී රත්මලාන අසුන සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ලලිත් ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සී.වී. ගුණරත්න ද තරග කළහ. ලලිත් එවර ජය ලබා ප්‍රථම වතාවේදීම පාර්ලිමේන්තුවට (එවක ජාතික රාජ්‍ය සභාව) පත්විය. සී.වී. මුල් වරට පාර්ලිමේන්තුවට පත්වූයේ එයින් දොළොස් (12) වසරකට පසු 1989දී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙනි. ලලිත් 1977දීම කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්විය. සී.වී. ඇමැතිවරයකු වූයේ එයින් දාහත් වසරකට පසු 1994 දීය.

එක්දහස් නවසිය හැත්තෑ හතේ (1977) මහ මැතිවරණයේදී රත්මලාන අසුනට ප්‍රතිවාදීව තරග කළ ආදි රාජකීයයන් දෙදෙනා අකල්හි ඝාතනය වූයේද දේශපාලන කඩුලුකරණය කළ අනුපිළිවෙළිනි.

ලලිත් 1993 අප්‍රෙල් 23 වැනිදා නන්නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ඝාතනය කෙරිණි. සී.වී. 2000 ජුනි 7 වැනිදා රත්මලානේදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන කොටියකුගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මහමඟදී මරු දිටීය.

1977දී දේශපාලන පොර පිටිය වාග් ප්‍රහාරයන්ගෙන් දෙවනත් කළ මේ ප්‍රතිවාදීන් දෙදෙනාගේ ප්‍රතිමා රත්මලාන ගාලු පාරේ, ගාල්ල දෙසට එන මහමඟ වම්පස මැලිබන් මංසන්ධියේ (ලලිත්) සහ ගොළුමඩම මංසන්ධියේදී (සී.වී.) දක්නට වෙයි. සී.වී. හැම විටෙකදීම ප්‍රසිද්ධ රැස්වීම්වලදී ලලිත් හැඳින්වූයේ "ඇතුලත් මුදලාලි" යන සරදම් පදයෙනි. ලලිත් සිය ප්‍රතිවාදියා හැම විටෙකම හැඳින්වූයේ "මා මිත්‍ර සී.වී. ගුණරත්න මහත්මයා" යනුවෙනි.

ලලිත් කිසිදු විටෙකදී දේශපාලන වේදිකාවේදී හෝ වෙන පෞද්ගලික ජීවිතයේදී හෝ වේවා කිසිවකුට පෞද්ගලිකව අපහාස නොකළේය. දොෂාභියෝගය අවධියේ "ප්‍රෙමදාස ජනාධිපතිතුමා" යැයි සඳහන් කළ ලලිත් පසු කලෙක "ජනාධිපතිතුමා" යන ගරු පදය අතහැර මුල් නමින් පමණක් අමතන්නට විය. ඒ හැරුණු විට ඔහු කිසි කලෙක දේශපාලන ප්‍රතිවාදීන්ට නින්දා පරිභව නොකළේය.


"අයිසෙ! තමුසෙ කට වහගන්නවා" හෝ "තමුසෙ ඉඳගන්නවා" ආදී ව්‍යවහාර ඔහුගේ වාග් මාලාවෙහි කැලම නොවිණි.
ලලිත් ඇතුලත්මුදලි නම් වූ උදාර ජන නායකයා සෑම විටෙකම සිය අනුගාමිකයන්ගේ ප්‍රශ්න කිරීම් ඉත සිතින් ඉවසීය. ඔහු සිය බුද්ධි මහිමය වාග් පටුත්වය හා තර්ක ශක්තිය ඉවහල් කර ගත්තේ දේශපාලනික මානයකින් මිස කිසි විටෙකත් පෞද්ගලික අගතීන් උදෙසා නොවේ.


තමා වෙත එල්ල කළ වාග් ප්‍රහාර පෙරළා ප්‍රතිවාදීන් වෙත හරවා යැවීමට ලලිත් සතු හැකියාව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ජීවිතයේදී ද විද්‍යමාන විය. වරෙක සුදු ජාතික ශිෂ්‍යයකු ලලිත් සභාවට හඳුන්වා දුන්නේ "My Coloured Friend”" (මගේ වර්ණවත් මිත්‍රයා) යනුවෙනි. එහි ව්‍යංග්‍යාර්ථය වූයේ "කල්ලා" යන්නයි. ඒ සැණින්ම නැඟී සිටි ලලිත් "මගේ අවර්ණ මිත්‍රයාගේ හැඳින්වීම" "My Colourless Friend" යනුවෙන් සඳහන් කළේ මුළු සභා ගැබම සිනා සයුරක ගිල්වමිනි. "Colourless" (වර්ණවත් නොවන) යන්නෙහි ව්‍යංග්‍යාර්ථය වූයේ කළු - සුදු කතාවක් නොව "වැදගැම්මකට නැති" යන්නයි. පුද්ගලාරම්මණ ආභාසය යනුවෙන් තර්ක ශාස්ත්‍රයේදී හැඳින්වෙන පුද්ගල මූල තර්කණය දේශපාලන භූමිකාවේදී ඉඳුරාම පිටුදුටු ලලිත් ප්‍රතිපත්තිමය මහත්මා දේශපාලනයේ උත්තුංග පරමාදර්ශයක් විය.

රංජිත් අමරකීර්ති පළිහපිටිය

එතුමාට නිවන් සැප ලැබේවා !!!
 
Last edited:
  • Like
Reactions: MacroMP

KandyFellow

Member
Jun 4, 2011
292
41
0

ලලිත් ඇතුලත්මුදලිව මම නම් මැරුවේ මම සතියකින් මැරෙන්න ඔනේ කියා,ප්‍රෙමදාස ප්‍රසිද්ධ දේශනයක කිවෙලු...එයා එසෙම විය :yes:...