Land Rover - FREELANDER

nilanthada

Member
Sep 23, 2008
8
0
0
Ratnapura
මම මගේ පලමුවෙනි වාහනය ගන්නයි සූදානම. කාර් එකකට හෝ වෑන් එකකට වඩා මගේ කැමැත්ත SUV එකකටයි. එයිනුත් ඩීසල් වාහනයකට. විශේෂයෙන්ම වියදම නිසා. මිල 2m to 3m. මෙයින් වැඩියෙන්ම මගේ කැමැත්ත Land Rover Freelander එකටයි. ඒ මිල පරාසයේ තියන මගේ Limits වල තියෙන වාහනයකට තියෙන්නෙ ඒකතමයි. නමුත් LR පාවිච්චිය වියදම් අධික සහ බොහෝ දෝශ සහිත බව මම සමහර Web forms වල දැක්ක. ඒ ගැන මම අපගේ වාහන Repair කරන කාර්මිකයාගෙන් විමසූවිට ඔහු කිව්වේ එහි එතරම්ම සත්‍යයතාවයක් නැති බවයි. ඕනෑම ගරාජයක LR Repair කිරීම කල නොහැකිබව ඇත්ත වුවද හොඳින් නඩත්තු කල LR වාහනයක් Japan වාහනවලට වඩා පාවිච්චියට සුදුසු බව ඔහුගේ අදහසයි. (ඔහු ඉතාමත් සුදුසුකම් සහිත LR ගැනද හොඳින් දන්නා කාර්මිකයෙක් බව සලකනු මැනවි) මේ ELAKIRI අවකාශයේ Freelander ගැන දන්නා සහ එය පාවිච්චි කරන හෝ කල අය සිටීනම් කරුණාකර මට උදෙස් සපයන්න. Freelander වල නිශ්පාදිත වර්ශයට අදාල Engine Model එක සහ එහි ගුණ අගුනද සඳහන් කලහොත් එය මට ඉතා වැදගත්.