ඒ ත්‍රෙඩ් එකේ ඔක්කොම කියවල බැලුවා, පට්ට එක්ස්පෝස් එකක්, එත් මට හිතෙන්නේ මූ බිස්නස් එක නවැත්තුවත් තව කවුරුහරි ඒ දෙය පටන් ගනීවි කියල. මොකද මේකේ බිස්නස් මොඩෙල් එක ගොඩක් සාර්ථකයි, ඉමෝරල් එකක් වුනත් හොඳට සල්ලි හොයන්න පුළුවන්. බිස්නස් තියරි වල උගන්වනවා මෙහෙම බිස්නස් එකක් සාර්ථක වෙනවා නම් අලුතෙන් තරඟකාරීත්වය ඇති වෙනවා කියල. මම හිතන්නේ දැනටමත් ඇති වෙනත් සයිට්ස්.
ඊළඟ කාරණේ, ගොඩක් අය එකඟ වෙන එකක් නැහැ. දැන් අපි ලංකාවේ මිනිස්සු කැමති නැහැ සත්ත්ව ඝාතනයට, එක පවක් නුසුදුසු දෙයක් නොකළ යුතු පහත් වැඩක් කියල හිතනවා. ඒක මේ රටේ සංස්කෘතිය නිසා හැදුනු අදහස්. එහෙම වුනත් මසක් මාළුවක් උම්බලකඩයක් බිත්තරයක් නොකා ඉන්න එකෙක් ඉන්නවද? කලාතුරෙකින් එහෙම ඉඳීවි, එත් ගොඩක් අය කැමති මසක් මාළුවක් කන්න. ඒ ඉල්ලුම තියෙන නිසා ලංකාවේ හැම නගරයකම ඒ වෙළඳාම් කෙරෙනවා, ඒ වගේ තමයි මේ දෙයත් අවශ්‍යතාව තියෙනවා නම් නීති දාල තහනම් කරන්න බෑ, සංස්කෘතියට එකඟ නෑ කියල නවත්වන්න බෑ, ඉල්ලුම තියෙන තාක් ඒවා දිගටම කෙරෙනවා, එක සමාජේ අපි අකමැති එක පැත්තක්.
දැන් මේවා ලීගලයිස් කරනවා නම් මේ ජාවාරම් නවතිනවා, ආදායම අදාළ බදු ගෙවන්න වෙනවා, ඒ වගේම නීතියෙන් ආරක්ෂාව ලැබෙනවා, එත් මම හිතන්නේ නෑ ලංකාවේ ඒ දෙය වේවි කියල, මොකද වැඩි දෙනා අර සංස්කෘතික වටපිටාවේ හැදිලා ආපු අය නිසා මේ දේවල් ගැන හිතන විදිය වෙනස්.