Lanka premier league

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අයි.පී.එල්. හා තරගයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් එල්.පී.එල්. ගෙනෙයි ?

    2011 අප්‍රේල් 23 වෙනි සෙනසුරාදා, 12:55 Sri Lanka Mirror Editor


    IPL.gif
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සමාන කි‍්‍රකට් තරගාවලියක් ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් (එල්.පී.එල්.) ලෙස ආරම්භ කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

    මේ තරගාවලිය සඳහාද විදෙස් කී‍්‍රඩකයන් සහභාගි කරවා ගැනීමට ද නියමිතය.

    තරගාවලිය ලබන ජූලි 18 සිට අගෝස්තු 17 දක්වා පැවැත්වීමට නියමිත අතර, මේ තරගාවලියේ තරග ආර්.පේ‍්‍රමදාස, පල්ලේකැලේ හා හම්බන්තොට සූරිය වැව යන කී‍්‍රඩාංගනවල පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
    මේ තරගාවලියේ රූපවාහිනී අයිතිය වල්ඩිස්නි සමාගමේ හවුල්කාර සමාගමක් වන ඊ.එස්.පී.එන්. රූපවාහිනී නාලිකාවට පවරා ඇතැයි ද පැවසේ.

    කෙසේවුවද මේ තරගාවලියට කී‍්‍රඩා කරනු ලබන විදෙස් කි‍්‍රකට් කී‍්‍රඩකයන් මේ වන විටත් නම් කර ඇතැයි පැවසෙන අතර, ඒ අනුව නැගෙනහිර කණ්ඩායම් නායකත්වය සඳහා පාකිස්තානු කි‍්‍රකට් පිලේ නායක සහීඩ් ඇෆ්රිඩී නම්කර ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය වෙතින් අප කළ විමසීමකදී පැවසුවේ, මෙවැනි යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව වාර්තා වන මුත් එය තවමත් ස්ථිර කළ බවක් නොදන්නා බවයි.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් කරුනු විමසීමට අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටු ලේකම් නිශාන්ත රණතුංග මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට කිහිපවිටක් උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

    source
    Code:
    http://www.srilankamirror.com
    :cool:
     
    Last edited by a moderator: