වෙබ් සයිට් එක්ක කරපු යුද්ධයෙන් මහින්ද පරාජය වෙලා.තාක්ෂනය ඔහුව පරාජය කරමින් ඉදිරියට යනවා.තහනම් කරන්න ගිහින් ඒවට ට්‍රැෆි එක හුඟක්ම වැඩි වෙලා. 1977 සිරිමා පුකෙන් ගියේ ඔය මොන මාධ්‍ය නිදහසක්වත් නැතිව රට පාලනය කරලා නේද?
මහින්ද කියන්නේ හූනෙක් චුක් චුක් ගෑවත් ජීවතයට අනතුරක් වෙයි කියලා බයේ ගැහෙන චරිතයක්.ඒක නිසා පොඩි වෙබ් සයිට් එකක් දැක්කත් බය වෙලා බ්ලොක් කරනවා.
මෙහෙම දේශපාලනය කරන්න බෑ.මීට වඩා එඩිතර, නිර්භීත වෙන්න ඕනි.එහෙම තමයි දේශපාලනය කරන්න ඕනී.
මිනිස්සු කට කතා වලින් තමයි විස්තර දැන ගන්නේ. මහින්දට මම කියන්නේ සෙල්ෆෝන් සහ දුරකතන වලින් තමයි මහින්ද රාජපක්ෂ සහ එයාගේ පවුල ගැන ජනතාව හුඟක් කතා වෙන්නේ. අපි හැම තිස්සෙම ඔයාලගේ පවුලේ උදවිය ගැන හොඳට ඇහ ගහ ගෙන ඉන්නේ. අපි හැම තිස්සෙම ඔයාල කරන්නේ මොනාද කියලා බලාගෙන ඉන්නේ.අත තුවාල කර ගත්තේ කොහොමද කියලත් මිනිස්සු හුඟක් දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගත්තා.