Lankawa gana suddo kiyana katha

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකාව ලස්‌සනයි...
    ඒත් වැඩ නම් අවලස්‌සනයි!

    අපේ රට ගැන සුද්දො කියන කතා




    foriener3.jpg



    වසර විසිපහකට වැඩි කාලයක්‌ තිස්‌සේ ස්‌වීඩනයේ පදිංචිව සිටින මා පසුගිය නොවැ. 6 දා සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණියේ එරට ගැමි නැටුම් කණ්‌ඩායම් කිහිපයක සාමාජිකයන් 39 දෙනකුද කැටිවය. වසරක්‌ තිස්‌සේ අප මේ සඳහා සූදානම් වූ අතර අපේ ගමනේ අරමුණ වූයේ ලංකාවේ වැඩිහිටි පරම්පරාවට කිසියම් පණිවිඩයක්‌ ගෙන ඒමත්, නැටුම් සංදර්ශන පවත්වා පාසල්වලට ආධාර එකතු කොට දීමත්, රටේ සංස්‌කෘතික වටිනාකමකින් යුතු දේ දැක ගැනීමත්, ස්‌වීඩන් ජන නැටුම් ක්‍රම හඳුන්වා දීමත්ය.

    ඒ අරමුණ සියල්ල සම්පූර්ණ කර ගනිමින් පුරා සති දෙකක සංචාරයෙන් පසු ආපසු යාමට සූදානම් වූ සමහරු තමන් ලැබූ අත්දැකීම් තුළින් රටේ සංචාරක ව්‍යාපාරය නැංවීමට දායකත්වය දෙමින් කරුණු ඉදිරිපත් කළහ. එකිනෙකා ලියා පළකළ එම අදහස්‌ ඔවුන්ගේ වචනයෙන්ම කීම වඩාත් උචිත යයි මට හැඟේ.

    අවුරුදු 60-85 අතර වයසේ වූ ඔවුන් කටුනායක ගුවන් තොටුපළින් "හෙයිදොa" කියා නොපෙනී ගියේ එම දීර්ඝ ගමනින් ලැබූ සතුටින් හදවත් පුරවාගෙනය. ජීවිතයට තවත් අත්දැකීම් රාශියක්‌ එකතු කොට ගෙනය. මේ ස්‌විඩන් සංචාරකයන් ශ්‍රී ලංකාව ගැන දැක්‌වූ අදහස්‌ කිහිපයකි.

    මෝඩ් නෝර්බෙරි - කණ්‌ඩායමේ නැටුම් ගුරුවරියකි. වයස අවුරුදු 68 යි. මෙම සංස්‌කෘතික චාරිකාවේ සහාය නායිකාව ලෙසින් මෙහෙයවූවාය.

    මීට වසර දහ නවයකට පෙර මම ලංකාවට පැමිණියා. ඒ සංචාරයේදී ලැබුණු තොරතුරු මම දිනපොතක සටහන් කළා. ඒ තොරතුරු සමහරක්‌ අදටත් ගැලපෙනවා. ඒත් රටේ බොහෝ වෙනස්‌කම් සිදුවෙලා. විශාල ගෙවල් දොරවල්, ගොඩනැගිලි මංමාවත් ඉදිවෙලා. පැල්පත් පෙනෙන්නට නැහැ. එකල දුටු තරම් යාචකයන්, අංග විකලවූන් පාරවල් අද්දර හිඟාකනවා දැක්‌කේ නැහැ.

    මිනිසුන්ගේ අව්‍යාජ, නිරහංකාර සිනාවන් හා ආචාරශීලි බව එදා වගේමයි. එකල තරම් අතිශය දුප්පත් බවක්‌ පෙනෙන්නට නැහැ. ඒ කියන්නේ රට දියුණුවෙලා කියන එක. එහෙත් සෑම තැනම ගොඩනැගිලි ඉදිවීම රටේ පරිසරයට හානියක්‌. අලංකාරත්වයට හානියක්‌. නිවාස ප්‍රශ්නය උග්‍ර බව ඇත්ත. එහෙත් ගසක්‌ කපන විට තවත් පැළ කිහිපයක්‌ ඉන්දනවා නම් හොඳයි. අද දවස ගැන, රටේ ඉදිරි පරම්පරාව ගැනයි සිතිය යුත්තේ. දැඩි අව් රශ්මිය ඇති විට ගස්‌වැල්වලින් හමා එන සුළඟින් ගතට සිතට අමුතුම සුවයක්‌ සැනසිල්ලක්‌ ලැබෙනවා. බොහෝ විට අප ගස්‌ යට වාඩිවී ගිමන් හැරීමට ආශා කරනවා.

    විෂකුරු සර්පයන් නිසා වසරකට 5000 කට අධික පිරිසක්‌ මිය යන බව එදා අප සමග ගිය 'ගයිඩ්' විස්‌තර කළා. තේ දලු නෙළන කාන්තාවන් කෝටුවක්‌ අතින් ගෙන යන්නේ හදිසියේ තේ ගස්‌ යටින් මතුවන සර්පයන් මැරීමට බවත් ඔහු කීවා. එම විස්‌තර මා අපේ කණ්‌ඩායම ඉදිරියේ තැබුවේ අප මේ සංචාරය සඳහා සූදානම් වෙද්දී. බොහෝ දෙනෙක්‌ බිය වූවා.

    'ගයිඩ්'ගේ මෙම තොරතුරුවල සත්‍යතාවයක්‌ නොමැති බව අපට දැන ගන්නට ලැබුණා. අඩු වශයෙන් යාල වනාන්තරයේදී හෝ සර්පයෙකු නොදුටු විට ඒ බව තවත් තහවුරු වූවා. 'ගයිඩ්ස්‌ලා' අතිශයෝක්‌තියෙන් කරන විස්‌තර තවත් සත්‍ය තොරතුරු සංචාරකයනට ලබා දෙන්නේ නම් හොඳයි.

    රොල්ෆ් ජොහන්යොන් - වයස අවුරුදු 70 කි. ඔහු තවමත් මුද්‍රණාලයක සේවය කරයි.

    ගයිඩ්ස්‌ලා අප රැගෙන යන්නේ සංචාරකයන් සඳහා විශේෂයෙන් වෙන්වුණු වෙළෙඳ සැල්, සම්භාහන මධ්‍යස්‌ථානවලට. අලෙවි භාණ්‌ඩ ඉතා වැඩි මිලට සංචාරකයනට විකිණීමේදී ඔවුනට ලොකු මුදලක්‌ ලැබෙනවා. ඒ අනුව ගයිඩ්ස්‌ලා දෙපැත්තෙන්ම ලොකු මුදලක්‌ කොටා ගන්නවා. රුපියල් හාර දහසක්‌ වූ සම්භාහනය ඊටත් වඩා හොඳ තත්ත්වයකින් රුපියල් එක්‌දහස්‌ පන්සියයකට කර ගැනීමට පසුව අපට හැකි වූවා. රුපියල් අට දහසක්‌ වූ බතික්‌ කමිසය සාමාන්‍ය වෙළෙඳ පළකින් රු. 2500 කට මිලට ගැනීමට අපට හැකි වූවා. මෙවන් වංචා ගසාකෑම් කටින් කට පැතිර ගිය විට සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙන බව ඔවුන් හිතන් නෑ. කෙනකු රැවටිය හැක්‌කේ වරක්‌ හෝ දෙවරකි.

    සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට නම් මෙවන් රැවටිලි, ගසාකෑම් නැවැත්විය යුතුයි. ඔයෑහ ඤපැ aබා ටද යයි නොසිතා උeකජදපැ ඉaජන යන්න ලොකු අකුරින් ලියා ගුවන් තොටුපළේ ඉදිරිපස ප්‍රදර්ශනය කළ යුතුය.

    බෘපෙත් මෙලන්ඩර් - වයස අවු. 71. වෘත්තියෙන් ඔහු මහා මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවරයෙක්‌. කිහිප වරක්‌ ලංකාවට පැමිණි අයෙක්‌.

    මංමාවත්වල තදබදය තරමක්‌ දුරට අඩුවෙලා. සමහර ස්‌ථානවල නව මාවත් ඉදිවෙලා. ඒත් බොහෝ තැන්වල පදික වේදිකාවල ලොකු වළවල් හැදිලා. බෝක්‌කුවල ලොකු හිඩැස්‌. අඳුරේ යන මිනිසුන්ට අනතුරු කැඳවනවා. ලයිට්‌ කණු තිබුණත් අඳුරේ. මාවතක්‌ කැඩී ඇති අන්දම ගැන මා කෙනකු සමග කතා කළ විට ඔහු කීවේ එම මාවත පසුගිය වසරේ ඉතා හොඳින් සැදූ බවයි. බාල වර්ගයේ ද්‍රව්‍ය යොදා ගනිමින් පාරවල් සැදූ විට ඒවා කල් පවතින්නේ නෑ. පාරවල් ඉතා ඉක්‌මනින් අබලන් වන්නේ වාහන වැඩිකම නිසා නොව ඒවා හරියාකාරව, නිසි අන්දමින් ප්‍රතිසංස්‌කරණය කර නොමැති නිසයි.

    ස්‌වීඩනයේ මෙන් වාහන බද්දක්‌ අයකර එම මුදල්වලින් පාරවල් දියුණු කළ හැකියි. තාවකාලික පිරියම් සුදුසු නෑ. වාහන වැඩියි. තදබදය වැඩියි. ජනතාවගේ කාලයෙන් වැඩි කොටස ගෙවෙන්නේ මහ මගට. තරග වදින බසයක තෙරපී රැකියාවට යන මිනිසාට සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට ආශාවක්‌, ශක්‌තියක්‌ ඇති දැයි මට සැකයි.

    බස්‌ රථයක නැගී සාමාන්‍ය මිනිසුන් හා එක්‌ව ගමන් කිරීමේ ආශාවක්‌ අපට ඇති වූවා. එහෙත් ඒ තදබදය දෙස බැලූ අපට හැඟී ගියේ එම බස්‌ රථයක ගමන් කිරීමට නම් ජීවිතය පිළිබඳ ආශාව අත්හල යුතු බවයි. ලංකාවේ තරම් දක්‌ෂ රියදුරන් ලෝකයේ කොහේවත් නෑ. එහෙත් ඔවුන් තුළ මහල්ලන් හා කුඩා දරුවන් පිළිබඳ අනුකම්පාවක්‌ නැහැ. වෙනත් කෙනකු උදව්වට නැති නම් අප රටේ රියදුරන් බසයෙන් බැස මහලු මගියාට බසයට නැගීමට උදව් කරනවා. එවන් තත්ත්වයක්‌ මෙහිත් දකින්නට අපි කැමතියි.

    හිල්ස්‌ ගුන්නාර් - වයස අවුරුදු 75 යි. කණ්‌ඩායමේ නැටුම් උපදේශකයෙක්‌. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවෙක්‌.

    යුද්ධය අවසානයි කියා මා අසා තිබුණා. ඒත් ඒ ගැන මට පැහැදිලි අවබෝධයක්‌ ඇති වුණේ මෙහි පැමිණි පසුවයි. අප කොතනකවත් මුරකාවල් හෝ සෝදිසි කිරීම්වලට ලක්‌වූයේ නැහැ. මහනුවර සිට ත්‍රිකුණාමලයටත් එතැන් සිට නුවරඑළිය හරහා ගාල්ලටත් කිසිදු අවහිරයක්‌ නැතිව අපට යන්නට ලැබුණ එක ලොකු සතුටක්‌.

    යුද්ධය අවසන් බවට පැතිරුණු ආරංචි ප්‍රමාණවත් නෑ. බොහෝ රටවල මිනිසුන් සිතා සිටින්නේ ලංකාවේ තවමත් යුද්ධය පවතිනවා කියලා. යුද්ධය පැවති සමයේ ලංකාව ගැන නොයෙකුත් බිහිසුණු ආරංචි අපට අසන්නට, කියවන්නට ලැබුණා. ඒවා මිනිසුන්ගේ සිත්වලින් අමතක වෙලා නෑ. ඒ වාගේම ලංකාව සුනාමියට ගොදුරු වූ රටක්‌. බොහෝ සංචාරකයන් ඊට මෙහිදී බිලිවූවා. යුරෝපීයන් වැඩි දෙනෙක්‌ මෙහි එන්නේ අව්ව තැපීමටත් මුහුදේ නෑමටත්ය. දැඩි රළ පහර නැති මුහුදේ නෑමට සුදුසු ස්‌ථාන ගැන තොරතුරු සපයනවා නම් වඩා හොඳයි.

    කැට්‌ සන්ඩ්බැක්‌ - අවුරුදු 68 යි. විශ්‍රාම ලත් ගුරුවරයෙක්‌.

    ලංකාවේ රුපියල් ශත භාවිතා වුවත් විදේශිකයන්ගෙන් මුදල් අය කරන්නේ ඩොලර්වලින්. ඒක වැරදියි. එකම මුදල් ක්‍රමය භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඒ වාගේම බොහෝ බෞද්ධ සිද්ධස්‌ථාන, පැරණි නටබුන් බලන්නට යාමේදී දේශීයයනට ඉතා අඩු මුදලක්‌ නැතිනම් නොමිලයේම ඇතුළු විය හැකි මුත් විදේශිකයන්ගෙන් විශාල මුදලක්‌ ඒ සඳහා අය කෙරේ. ඒ සම්පූර්ණයෙන්ම අප හෙළා දකිනවා. අපේ රටට පැමිණෙන විදේශිකයන්ගෙන් එවන් වෙනස්‌ ගාස්‌තු අය කළහොත් ඔවුන්ගේ සිත්වලට මොන තරම් පීඩාවක්‌ ගෙන දේද?

    ආසියාතික රටවල් කිහිපයක එවන් දෙවිදියක සැලකුම් දක්‌නට ලැබෙනවා. එය රටේ සංචාරක ව්‍යාපාරයට ලොකු පහරක්‌.

    උදාහරණයක්‌ වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වන දළදා මාළිගාවට ඇතුළු වීමට අපෙන් රු. 2000 ක්‌ අය කළා. එහෙත් ඇතුළු වූ පසු පෝලිමට එක්‌වූ අපට විනාඩි දහයකින්, පහළොවකින් ලොකු වෙහෙසක්‌ දැනුණා. ඇරත් පෝලිම් ක්‍රමය අපට නුහුරුයි. අප දුටුවේ මාළිගාවේ බිත්තිත්, මල් ආසනයකුත් පමණයි. රුපියල් 2000 ක්‌ ගෙවා බිත්ති පමණක්‌ බලා අප එතැනින් පිටවූවා. විශාල මුදලක්‌ අය කරන්නේ නම් ඒ සඳහා වෙනත් පහසුකම් සැලසිය යුතුයි. ඇරත් බුදු දහමේ සංකේතයක්‌ පිළිබිඹු කරන ස්‌ථානයක දෙවිදියක සැලසුම් කෙසේවත් සුදුසු නෑ. එය අප හදාරා ඇති බුදු දහමේ මූල ධර්මවලට පටහැනියි.

    යාල අභය භූමියට ඇතුළු වූ අපට දක්‌නට ලැබණේ අලි දෙන්නෙක්‌ කටුස්‌සෙක්‌, කබරයෙක්‌, මීහරක්‌ රංචුවක්‌ හා කුරුල්ලන් පමණි. ඒ සඳහා අයකරන මුදලත් අසාධාරණයි. ඇතුල් වීමේ ගාස්‌තුවට අමතරව වාහනයක්‌ සඳහාත්, ගයිඩ්ලා සඳහාත් ලොකු මුදලක්‌ ගෙවන්න සිදු වෙනවා. මෙවන් දේ සංචාරකයන් අඩු වීමට එක්‌ හේතුවක්‌.

    සීගිරිය නැගීමට අපට කිසි අපහසුවක්‌ දැනුණේ නෑ. එහෙත් අප පසු පසින් ඇදුන 'ආධාරකරුවන්' අපේ අත්වලින් අල්ලමින් නොයෙකුත් දේ කියන්නට පටන් ගත්තා. ටික දුරක්‌ ගොස්‌ ලොකු මුදලක්‌ ඉල්ලුවා. යම්තම් රුපියල් 4000 ක්‌ දී බේරෙන්න හැකි වූයේ වෙනත් දේශීයයකුගේ උදව් ඇතිව, ඔවුන්ගේ දුප්පත්කම ගැන අප අනුකම්පා කරනවා. ඒත් ඔවුන් නොදන්නා දෙයක්‌ අපි කිව යුතුයි.

    සුදු හම තිබුණත් අප විශාල ධනවතුන් නොවෙයි. මෙම සංචාරයට අප සූදානම් වූයේ පසුගිය වසරේ සිට. වෙනත් බොහෝ රටවලට වඩා අඩු මුදලකින් සංචාරය කළ හැකි බව සිතුණේ රුපියලේ අගය අඩු නිසා. එහෙත් මෙහි පැමිණි පසු තත්ත්වය වෙනස්‌ බව වැටහුණා. හෝටල් කාමරවල මිල අධිකයි. ඩොලර් භාවිතා වන රටවලත් මීට වඩා හොඳ කාමර අඩු මුදලකට ගන්නට හැකියි. කෑමත් මිල වැඩියි. අප ශරීර සෞඛ්‍යය ගැන හිතන අය. අප කෑම ගන්නේ ඉතා අඩුවෙන්. මහා කන්දක්‌ තරම් උස කෑම පිඟානක්‌ අපි බෙදා ගන්නේ නෑ.

    කෑම පිසීමේදී දුරු වර්ග මිශ්‍ර කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අප කටට රසට කෑමට ලැදි මුත් කටට සැරට කන්න කැමති නෑ.

    එරික්‌ එරික්‌සොන් - වයස අවු. 75 ව්‍යාපාරිකයෙක්‌. තවමත් සේවයේ නියුතුයි. පොළොන්නරුවේදී මුදල් මාරු කර ගැනීම සඳහා ඔහු අනෙක්‌ අයත් සමග බැංකුවකට ගොඩ වූවා. බැංකු නිලධාරියා ඔහුට මුදල් කොළ මිටියක්‌ ගෙනැවිත් දුන්නා. එතන එක්‌ ලක්‌ෂ තිස්‌ පන් දාහක· මුදල් මිටිය අතට ගත් ඔහු, 'මේක වැරදීමක්‌. මට එන්න ඕනෑ රු. 17000 ක්‌ පමණයි' කියා මුදල් ආපසු දුන්නා. ඔහුගේ අවංකකම වෙනුවෙන් බැංකුවෙන් ඔහුට සුළු ත්‍යාගයක්‌ද ලැබුණා. ඒ ත්‍යාගයත් ඔහු තව කෙනකුට පරිත්‍යාග කළා.

    හෝටල්වල මිල අධික වුවත් අපට හොඳ සේවයක්‌ ලැබුණා. ඒ අතර අපගේ ප්‍රථම හා අවසන් ශ්‍රී ලංකා සංචාරය යනුවෙන් සිතන හෝටලුත් තිබුණා. තිස්‌සමහාරාමයේ එක්‌තරා හෝටලයක අප නවාතැන් ගත්තා. ඔවුන් අපෙන් නොවිමසා රාත්‍රි කෑම සඳහා බුෙෆ් සූදානම් කර තිබුණා. අප රාත්‍රියට ගන්නේ සැහැල්ලු ආහාරයක්‌ බවත් එම ආහාර අපට බර වැඩි බවත් කියා සිටියා. රු. 1500 කට මිල කර තිබූ බුෙෆ් කෑම වේලට රු. 950 ක්‌ ගෙවා ගන්නා ලෙස කළමනාකරු අපට කියා සිටියා. ඊට ද අකැමැත්ත පළකළ පසු සුප් බඳුනක්‌ පාන් කෑල්ලක්‌ ගෙන රු. 450 ක්‌ ගෙවන්න යයි ඔහු කීවා. ඊට කෝපි කෝප්පයක්‌ එකතු කළ හොත් රු. 650 ක්‌ වන බව ඔහු පැහැදිලි කළා. කිහිප දෙනෙක්‌ ඒ ගත්තා. සමහරුනට රු. 450 ක්‌ තවත් සමහරුනට රු. 650 යනුවෙන් සුප්වලට අය කොට තිබුණා. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ සමහරු පාන් පෙති තුන හතරක්‌ ගත් බවයි· එම හෝටලයේ ඩොලර් 73 බැගින් අපට ලබා දුන් කාමරවලට මුදල් ගෙවීමට යාමේදී 10% එකතු කළා. අයකරන මිල ගණන් ගැන මුලින්ම පැහැදිලි කරනවා නම් වඩා හොඳයි. මෙවන් ගසාකෑම්වලින් සංචාරකයා බලවත් අපහසුතාවයන්ටත් කලකිරීමටත් පත්වෙනවා.

    ලංකාව ස්‌වභාව සෞන්දර්යයෙන් පිරි රටක්‌. සුදොa සුදු පාසල් නිල ඇඳුම් ඇඳ උදේ පාසල් යන ළමුන් දෙස අප බලා සිටියේ හරි ආශාවෙන්, මෙම උෂ්ණ රටේ ඒවා පිරිසිදු කිරීම එතරම් පහසු නෑ. ඒ පිරිසිදු සුදු ඇඳුම වගේම පරිසරයත් පිරිසිදුව තබා ගන්නට දරුවන්ට උගන්වන්න ඕනෑ. හිස්‌ වතුර බෝතලය, හිස්‌ යෝගට්‌ කොප්පය පාර අයිනට විසිකරන ළමුන් දුටුවා. කසළ බඳුන් සුදුසු තැන්වල තිබේ නම් එවන් දේ සිදුවන්නේ නෑ. මේ තරම් මදුරුවන් බෝවන්නේ නෑ. අපි මදුරුවන්ගෙන් බොහෝ පීඩා වින්දා. සමහරුන්ගේ සිරුරුවල රතුපාටට ලොකු කැලලි සෑදුණා.

    සුළු වෙළෙන්දන්ගෙන් ද බේරීම එතරම් පහසු නෑ. අනවශ්‍ය දේ බලෙන් ඇඟේ ගසා මුදල් ඉල්ලීම අප රුස්‌සන්නේ නෑ. අප පුරුදුව ඇත්තේ සාප්පුවකට ගොස්‌ අපට අවශ්‍ය දේ තෝරාගෙන එහි සටහන්ව ඇති මිල ගෙවා ගැනීම මිස රු. 5000 යි කී දේ රු. 500 ට බැස්‌සවීම නොවෙයි.

    ලංකාව කුඩා රටක්‌ වුවත් හැම දේම තියෙන හොඳ රටක්‌. මේ රට ආසියාවේ හොඳම රට බවට හරවන්නට ලෙහෙසියෙන් පුළුවන්. මිනිසුන්ගේ සිනාව සමඟ අවංක භාවය කැටිවෙනවා. නම් එය වඩාත් ලෙහෙසියි.


    ප්‍රියංවදා ඇම්. බන්දුවර්ධන
    divaina
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48

    බෘපෙත් මෙලන්ඩර් - වයස අවු. 71. වෘත්තියෙන් ඔහු මහා මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවරයෙක්‌. කිහිප වරක්‌ ලංකාවට පැමිණි අයෙක්‌.

    ස්‌වීඩනයේ මෙන් වාහන බද්දක්‌ අයකර එම මුදල්වලින් පාරවල් දියුණු කළ හැකියි. තාවකාලික පිරියම් සුදුසු නෑ.

    mehe aya karana badu wala hatiyata parawal tile karanna puluwan.eth monawa karannade hamadama hadanne horatane


    කැට්‌ සන්ඩ්බැක්‌ - අවුරුදු 68 යි. විශ්‍රාම ලත් ගුරුවරයෙක්‌.

    ඒ වාගේම බොහෝ බෞද්ධ සිද්ධස්‌ථාන, පැරණි නටබුන් බලන්නට යාමේදී දේශීයයනට ඉතා අඩු මුදලක්‌ නැතිනම් නොමිලයේම ඇතුළු විය හැකි මුත් විදේශිකයන්ගෙන් විශාල මුදලක්‌ ඒ සඳහා අය කෙරේ. ඒ සම්පූර්ණයෙන්ම අප හෙළා දකිනවා. අපේ රටට පැමිණෙන විදේශිකයන්ගෙන් එවන් වෙනස්‌ ගාස්‌තු අය කළහොත් ඔවුන්ගේ සිත්වලට මොන තරම් පීඩාවක්‌ ගෙන දේද?

    ආසියාතික රටවල් කිහිපයක එවන් දෙවිදියක සැලකුම් දක්‌නට ලැබෙනවා. එය රටේ සංචාරක ව්‍යාපාරයට ලොකු පහරක්‌.

    උදාහරණයක්‌ වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වන දළදා මාළිගාවට ඇතුළු වීමට අපෙන් රු. 2000 ක්‌ අය කළා. එහෙත් ඇතුළු වූ පසු පෝලිමට එක්‌වූ අපට විනාඩි දහයකින්, පහළොවකින් ලොකු වෙහෙසක්‌ දැනුණා. ඇරත් පෝලිම් ක්‍රමය අපට නුහුරුයි. අප දුටුවේ මාළිගාවේ බිත්තිත්, මල් ආසනයකුත් පමණයි. රුපියල් 2000 ක්‌ ගෙවා බිත්ති පමණක්‌ බලා අප එතැනින් පිටවූවා. විශාල මුදලක්‌ අය කරන්නේ නම් ඒ සඳහා වෙනත් පහසුකම් සැලසිය යුතුයි. ඇරත් බුදු දහමේ සංකේතයක්‌ පිළිබිඹු කරන ස්‌ථානයක දෙවිදියක සැලසුම් කෙසේවත් සුදුසු නෑ. එය අප හදාරා ඇති බුදු දහමේ මූල ධර්මවලට පටහැනියි.


    apy ratatath wena rata wal walin mankolla kapu sura kapu sali thibila.ewalain hotha arthikayak goda nagagena thibbanam ithin mehema karanna thibba. :lol:

    ticket ekak ara gaththa nisa polime inne nathuwa yanna thibbanam hothai thama.eth ithin e kiyala wishesha dewala eyalata pennana bahane

    anika lankawata ena godak tuvarist la thamange badubanda nathi una kiyala, hotel wala eka eka prashna dagena insurance walin sali ganna karana wadanam ananthawath thiyenawa.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mehe aya karana badu wala hatiyata parawal tile karanna puluwan.eth monawa karannade hamadama hadanne horatane



    apy ratatath wena rata wal walin mankolla kapu sura kapu sali thibila.ewalain hotha arthikayak goda nagagena thibbanam ithin mehema karanna thibba. :lol:

    ticket ekak ara gaththa nisa polime inne nathuwa yanna thibbanam hothai thama.eth ithin e kiyala wishesha dewala eyalata pennana bahane

    anika lankawata ena godak tuvarist la thamange badubanda nathi una kiyala, hotel wala eka eka prashna dagena insurance walin sali ganna karana wadanam ananthawath thiyenawa.

    හරියටම හරි මචන්. මේක සිරාවටම ඇත්ත.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවට දැන් වැඩිහරියක් එන්නේ පෝසත් සංචාරකයෝ නෙවෙයි. උන් පැකෙජ් වලට එන එවුන්. අපේ වියදම් හරිම ලාබයි උන්ගේ හැටියට. ඒකයි මෙහේ එන්නේ. ඉස්සර තමයි පෝසත් සුද්දෝ මේ රටට ආවේ. රටේ අසිරිය බලාගන්නයි හොඳට වියදම් කරන්නයි. දැන් එන උන් හෝටල් කාමරේ අයන් එකෙන් රොටී පුච්චන් කන එවුන්.
    ඒකයි එවුන් ටිකට් වල ගනන් ගැන හෙට්ටු කරන්නේ.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අකමැත්තෙන් උනත් අපිට මේකේ තියන සමහර දේවල් ඇත්ත කියල පිළිගන්න වෙනවා.:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවට දැන් වැඩිහරියක් එන්නේ පෝසත් සංචාරකයෝ නෙවෙයි. උන් පැකෙජ් වලට එන එවුන්. අපේ වියදම් හරිම ලාබයි උන්ගේ හැටියට. ඒකයි මෙහේ එන්නේ. ඉස්සර තමයි පෝසත් සුද්දෝ මේ රටට ආවේ. රටේ අසිරිය බලාගන්නයි හොඳට වියදම් කරන්නයි. දැන් එන උන් හෝටල් කාමරේ අයන් එකෙන් රොටී පුච්චන් කන එවුන්.
    ඒකයි එවුන් ටිකට් වල ගනන් ගැන හෙට්ටු කරන්නේ.

    :yes:okkoma salli karayo yanne thailand.lankawa gana un danne wath naha.:(