මගෙ තියෙන්නෙ Acer Aspire A515-56G laptop එකක්. Windows 10. මම සාමාන්යෙන් මගෙ ෆෝන් එක චාජ් කරන්නෙ ලැප් එකට ගහල. කේබල් එක ගලවන්නෙ නෑ. ඔහොම චාජ් වෙන්න ගහල කතා කරනව ඕනෙ තරම්. ඒත් ටික දවසක ඉදල කරන්ට් එක වදිනව. පොඩි කරන්ට් එකකුත් නෙමෙයි වදින්නෙ. 230v වගේ දැනෙන්නෙ. කේබල් එක ගහල තියෙන වෙලාවට lightning port එක ඇල්ලුවොත් වදිනව. Phone එකේ පිටිපස්සෙ කැමරා එක තියෙන හරියෙනුත් current එක වදිනව. මම නෙට් එකේ පොඩ්ඩක් හොයල බලපුවාම දැක්ක USB drivers uninstall කරල ආපහු දාන්න කියල. ඒක කරත් එහෙමමයි. Phone එක නම් වෙනම හරි charge කරගන්න පුලුවන්. ඒත් laptop එකේ මොකක් හරි අවුලක් තියෙනවද? ඉස්සරහට ප්‍රශ්ණයක් වෙයි ද? Laptop එකට current එක ගන්නෙ UPS එකක් හරහා. UPS එක නම් ගොඩක් පරන එකක්.
