Laptop Help ... Time එකක් තියෙනවා නම් ඈවිත් බලලා යමු, ලොකු උ&#35

fishD

Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    Laptop Help ... Time එකක් තියෙනවා නම් ඈවිත් බලලා යමු, ලොකු උ&#35

    මචන් පොඩි උදවුවක් ඔනේ.. මම මේ දවස් වල Laptop එකක් හොයනවා day to day stuff වලට තමා ඉතින්. Game එකක් ගහන්න පුලුවන් වෙන්නත් ඔනේ. Game කිවුවට මෙහ් දරුණු High def gaming experience ඔනෙත් නෑ :) :)

    Samsung ATIV Book 2 NP270E5Eඑකක් තමයි ගන්න බෑලුවේ
    http://www.samsung.com/nz/consumer/pc-peripherals/notebook-pc/essential/NP270E5E-X01AU

    Operating System
    Windows 8 (64-bit)

    Graphic
    NVIDIA® GeForce® 710M Graphics with 2GB gDDR3 Graphic Memory (Optimus™)

    Memory
    8GB DDR3 System Memory at 1,600MHz (4GB x 2)
    2 SODIMM

    Optical Drive
    Super Multi Dual Layer

    Multimedia
    Stereo Speakers ( 1.5W x 2 )
    SoundAlive™
    Internal Digital Mic
    720p HD Web Camera

    Ports
    1 VGA
    1 HDMI
    3 USB2.0
    3-in-1 (SD, SDHC, SDXC) Multi-media Card Reader
    1 Headphone out/Mic-in Combo
    1 RJ45 (LAN)
    1 DC-in

    Security
    Security Slot

    Processor / Chipset
    Intel® Core™ i5 Processor 3,230M (2.6GHz up to 3.2GHz, 3.0MB L3 Cache)
    Intel HM75

    Display
    15.6" HD LED Display (1,366 x 768), Anti-Reflective

    Hard Drive
    750GB S-ATAII Hard Drive (5,400RPM)
    Colour

    Mineral Ash Black

    Network
    802.11bg/n 1 x 1
    Bluetooth v4.0
    Fast Ethernet [10 / 100]

    Input
    Island-type keyboard with Numeric key
    Touchpad

    Power
    6 Cell (48Wh)
    40W / 60W AC Adapter

    මොකද හිතන්නේ මෙක ගෑන
    පොඩි idea එකක් දීපල්ලාකො shape VGA එකක් එහම තියෙන ශේප් laptop එකක් ගෑන
    80000k විතර අතේ තියෙනවා
    Thank U වේවා :)
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕක මචන් මම fb එකේ ගෘප් එකක දාපු ඩොක් එකක්


    මේකේ ඉන්න හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප එකක් ගන්න ඕනේ කියල හිතන,

    එහෙම හිතල යාලුවන්ටත් කියනවා

    “මචන් මම ලැපක් ගන්න යන්නේ !මොකක්ද ගන්න හොද කියල ” .

    වෙලාවට ඒ යාළුවා ලැප ගැන රට කලා වතුර බීපු එකෙක් නම ගොඩ . නැත්නම් ඉතින් මාස 2 කට සැරයක් ඕක උස්සගෙන යන්න වෙනවා ගත්ත තැනට . මොනවද එන ලෙඩ

    මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
    මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ
    මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
    මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
    කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??
    හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට වර්රන්ට්ය් හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල.

    ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10ක් විතර යනවා. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

    දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල
    ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා.
    තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.
    ඔබට ජය

    මේ එකට දාපු හොදම කමෙන්ට් එකකුත්

    Madhawa Priyadarshana අනිවාර්යෙන් මචන්! තව ලොකු කුමන්ත්‍රණ පවා තියෙනවා ඔය ලැප්ටොප් විකුණා ගන්න! කැම්පස් වල ඉන්න කොල්ලෝ දෙකතුනක් අල්ලාගෙන union හදාගන්නවා උන්ට තව කියක් හරි අඩුවට ඔය ලැප් ටික විකුනනවා! ඕව සේරම black market බඩු.බොරු කියන්න ඕනි නැහැ මෝඩ කමට මාත් ගත්ත ඒ වගේ එකක් මගේ නොදැනුවත් කම නිසා! මම ගත්තේ dell එකක්! dell සයිට් එකේ register කරාම මෙසේජ් එකක් එනවා මේ ලැප් එකට වොරන්ටි දෙන්න බැහැ කියල! මොකද නිත්‍යානු කුල විදියට නිකුත් කරපුවා නෙවෙයි කියල! එත් ගන්නකොට කියන්නේ INTERNATIONAL WARRANTY දෙනවා කියල! සේරම බොරු කතා! මම මගේ ලැප් එකේ ආව FAULT එකට වොරන්ටි ගන්න ගිය වෙලාවේ මට ලොකු අසාදාරනයක් උනා! මම ඒ ගැන කියල බ්ලොග් එකක් ලිව්වා! ඊට පස්සේ කොහොම හරි උන් මගේ විස්තර හොයාගෙන උන්ට මගේ බ්ලොග් එක නිසා පාඩු උනා කියල LAWYER කෙනෙක් ගෙන්නලා නඩු දානවා කිව්වා! ඔන්න ඔය වගේ 3RD ක්ලාස් වැඩ තියෙන්නේ! එක්කෙනෙක්වත් යන්න එපා ලැප්ටොප් ගන්න UNITY එකට! අපරාදේ සල්ලි!

    හොදට කියවල බලල තව ඕනේ දෙයක් තියේ නම් අහපන්