මම එලකිරියට ඇවිල්ලා සමරන පළවෙනි සැමරුම ත්‍රිත්ව සැමරුමක් වීම මට විශේෂයි.
අපේ දේ අගය කරන ජාතියක් හැටියට එලකිරිය වගේ තැනක් ඉහලට උස්සලා තියන්න මේකෙ ඉන්න සාමාජික හැමෝම මහන්සි වුනා කියලා වරදක් වෙන්නෙ නෑ. සාමාජිකයින් එකතු වෙලා, එලකිරියේ ඉදිරි ගමන කෙසේ විය යුතුදැයි යෝජනා හා චෝදනා එල්ල කිරීම, මෙහි පරිපාලක මහතුන් සතුටු සිතින් බාරගන්නවා කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ නෙ.
ඒ නිසා මුලින්ම අපේ රටේ අන්තර්ජාල පරිශීලකයින් අතරින් කුමන පාර්ශව නියෝජනය වන කණ්ඩායම්ද එලකිරි වෙත නොඑන්නේ, එලකිරි එන්න බැරි වෙන්න ඔවුන්ට තියන අවහිර හෝ බාධක මොනවද කියන එක ගැන අපි කතා කරමු.
01. ජංගම දුරකතන පරිශීලකයින්
මෑත කාලීනව අන්තර්ජාල භාවිතයේ සීග්‍ර වැඩි වීමට හේතුව වී ඇත්තේ ස්මාට් ජංගම දුරකතන හඳුන්වා දීමයි. එලකිරිය ඊට අනුගත නොවීම, ලංකාවාසී බහුතර ජංගම දුරකතන අන්තර්ජාල පරිශීලකයින් එලකිරියෙන් ඈත් වී, ෆේස්බුක් වැනි තැන් වල පැල් බැඳගත් බව කිව මනාය.
02. ස්ත්‍රී පාර්ශවය
21වන සියවසට පියනගා ඇති අප කාන්තා හා පුරුෂ පක්ෂ වලට සම තැන දිය යුතු බවට සමාජයේ නොයෙක් තැන් වල කතා කලත්, එලකිරියේ එහෙම සම තැනක් නොලැබී ඇති බව පෙන්වා දෙන්න පුළුවන්. වර්තමානයේ, ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් අතරින් 30%කට වැඩි පිරිසක් ස්ත්‍රී පාර්ශවය නියාජනය කරනවා. නමුත්, එලකිරි සාමාජිකත්වයේ 1%කටත් අඩු ස්ත්‍රී සාමාජිකත්වයක් පවතින බවක් තමා පෙනෙන්නෙ.
හේතු:
• එලකිරිය යනු පිරිමි අයටම වෙන්වූ සමූහයක් බවට ගතානුගතික එලකිරි සාමාජිකයින් තුල අව්‍යාජ මතයක් පැවතීම.
• බහුතරයක් සාමාජිකයින් තම අනන්‍යතාවය සඟවා සිටීම නිසා, වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීම.
• කෙනෙක් මෙහෙම දේවල් කතා කරන්න ගියත්, එලකිරියෙ ආතල් එක කඩන්න ආපු කෙනෙක් කියලා හංවඩු ගැසීම සහ rep කැපීම.
• අසහන thread වැඩි වශයෙන් දක්නට ලැබීම. (එයට විසඳුමක් ලෙස පසුගිය දිනක මෙම thread එක පල වූ බවත් මතක් කරන්න කැමතියි.)
යෙදිය හැකි විකල්ප උපක්‍රම:
• ගතානුගතික සාමාජිකයින්ගේ අදහස් වෙනස් කිරීමට, ඒ හා සම්බන්ධ අදහස් විමසා සිටීම.
• සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරු කීරීමට අත හිත දීමක් ලෙස, verified satatus එකක් වගේ දෙයක් ප්රදානය කිරීම. (මේකට නම් මාත් කැමති නෑ. ඒත් කරනවා නම් එලකිරියට හොඳයි.)
• සාමාජිකයෙකුගේ profile එකට ගියපුවාම, අදාල සාමාජිකයා එදා මෙදා තුර comment දාපු සේරම අනිත් අයට බලන්න පුලුවන් පහසුකම අත් හිටුවීම.
03. ළමා පරම්පරාව
ඔබෙන් කෙනෙක් මේ ප්‍රශ්ණ ඇහුවොත් ඔබේ උත්තර කොහොම වෙයිද කියන එක හිතන්න.
I. එලකිරිය කියන්නෙ හොඳ තැනක්ද?
II. ඔබ පාසල් ළමුන්ට එලකිරිය නිර්දේශ කරනවද?
III.පාසල් ළමුන්ට වැදගත් වෙන දේවල් එලකිරියෙ තියනවද?
බොහෝ දෙනෙක් දෙවනි ප්‍රශ්ණෙට විතරක් නෑ කියලා උත්තර දෙයි. ඒතන නොගැලපීමක් තියන බව කාටත් තේරෙනවා ඇති නෙ.

• 18+ thread වැඩි වශයෙන් දක්නට ලැබීම.
• පාසල් දර්ශණයක් වෙන් කර නොතිබීම.
යෙදිය හැකි විකල්ප උපක්‍රම:
• සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරු කීරීම.
• forum වල දැනට පවතින Education category එක පාසල් සිසුන්ට අදාල වන ලෙස තව දුරටත් විශේෂකරණය කිරීම.
04. අන්‍යාගමික හා අන්‍යජාති ශ්‍රී ලාංකිකයින්
බොහෝ සමාජ ජාල වල මෙන්ම එලකිරියේද ජාතිවාදය, ආගම්වාදය ඉස්මතු වීම සම්බන්ධයෙන් කතා කිරීම ඇත්තෙන්ම ඵල රහිත වනු නොඅනුමානයි.
ඉලඟට අපි බලමු, එලකිරිය අන්තර්ජාලය තුල ප්‍රවර්ධනය කිරීමට කරන්න පුළුවන් මොනවද කියලා.
01. වඩාත් වැදගත් හා අනන්‍ය වූ thread එලකිරිය තුල වැඩි වශයෙන් පළ කිරීම.
02. බොහෝ වෙබ් අඩවි වල මෙන් Invite Friends කියන පහසුකම ඇතුලත් කිරීම.
03. එලකිරිය විකීපීඩියාවට එකතු කිරීම.
04. එලකිරියෙ නම යන online event ටිකක් organize කිරීම.
එලකිරියේ දැනට කරගෙන යන update එකට නැතත්, ඊටත් පස්සෙ update එකට හරි මේ දේවල් එකතු වුනොත්, එලකිරියට ගොඩක් ලොකු ඉදිරි ගමනක් තියෙයි.
සංවාදයට විවෘතයි. ඔබේ අදහස් එකතු කරන්න.
- එලකිරි සාමාජිකතවයට වසරක් පිරීම. (Completed one year of Elakiri membership)
- Post 1000ක් සම්පූර්ණ කිරීම. (Posted 1000 posts)
- එලකිරි කීර්ති බලය 4ක් වීම. (Increased rep power to 4)
The Largest Sri Lankan Online Community
සිරි ලංකාවෙ ලොකුම ඔන්ලයින් සමූහය (The Largest Sri Lankan Online Community) කියන්නෙ මොකද්ද කියලා හැමෝම දන්නවා ඇති නෙ. 5,000,000කට අධික අන්තර්ජාල පරිශීලකයින් ඉන්න රටේ ලොකුම ඔන්ලයින් සමූහය 526,000කට සීමා වෙලා තියෙන්නෙ ඇයි?අපේ දේ අගය කරන ජාතියක් හැටියට එලකිරිය වගේ තැනක් ඉහලට උස්සලා තියන්න මේකෙ ඉන්න සාමාජික හැමෝම මහන්සි වුනා කියලා වරදක් වෙන්නෙ නෑ. සාමාජිකයින් එකතු වෙලා, එලකිරියේ ඉදිරි ගමන කෙසේ විය යුතුදැයි යෝජනා හා චෝදනා එල්ල කිරීම, මෙහි පරිපාලක මහතුන් සතුටු සිතින් බාරගන්නවා කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ නෙ.
01. ජංගම දුරකතන පරිශීලකයින්
මෑත කාලීනව අන්තර්ජාල භාවිතයේ සීග්‍ර වැඩි වීමට හේතුව වී ඇත්තේ ස්මාට් ජංගම දුරකතන හඳුන්වා දීමයි. එලකිරිය ඊට අනුගත නොවීම, ලංකාවාසී බහුතර ජංගම දුරකතන අන්තර්ජාල පරිශීලකයින් එලකිරියෙන් ඈත් වී, ෆේස්බුක් වැනි තැන් වල පැල් බැඳගත් බව කිව මනාය.
02. ස්ත්‍රී පාර්ශවය
21වන සියවසට පියනගා ඇති අප කාන්තා හා පුරුෂ පක්ෂ වලට සම තැන දිය යුතු බවට සමාජයේ නොයෙක් තැන් වල කතා කලත්, එලකිරියේ එහෙම සම තැනක් නොලැබී ඇති බව පෙන්වා දෙන්න පුළුවන්. වර්තමානයේ, ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් අතරින් 30%කට වැඩි පිරිසක් ස්ත්‍රී පාර්ශවය නියාජනය කරනවා. නමුත්, එලකිරි සාමාජිකත්වයේ 1%කටත් අඩු ස්ත්‍රී සාමාජිකත්වයක් පවතින බවක් තමා පෙනෙන්නෙ.
හේතු:
• එලකිරිය යනු පිරිමි අයටම වෙන්වූ සමූහයක් බවට ගතානුගතික එලකිරි සාමාජිකයින් තුල අව්‍යාජ මතයක් පැවතීම.
• බහුතරයක් සාමාජිකයින් තම අනන්‍යතාවය සඟවා සිටීම නිසා, වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීම.
• කෙනෙක් මෙහෙම දේවල් කතා කරන්න ගියත්, එලකිරියෙ ආතල් එක කඩන්න ආපු කෙනෙක් කියලා හංවඩු ගැසීම සහ rep කැපීම.
• අසහන thread වැඩි වශයෙන් දක්නට ලැබීම. (එයට විසඳුමක් ලෙස පසුගිය දිනක මෙම thread එක පල වූ බවත් මතක් කරන්න කැමතියි.)
යෙදිය හැකි විකල්ප උපක්‍රම:
• ගතානුගතික සාමාජිකයින්ගේ අදහස් වෙනස් කිරීමට, ඒ හා සම්බන්ධ අදහස් විමසා සිටීම.
• සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරු කීරීමට අත හිත දීමක් ලෙස, verified satatus එකක් වගේ දෙයක් ප්රදානය කිරීම. (මේකට නම් මාත් කැමති නෑ. ඒත් කරනවා නම් එලකිරියට හොඳයි.)
• සාමාජිකයෙකුගේ profile එකට ගියපුවාම, අදාල සාමාජිකයා එදා මෙදා තුර comment දාපු සේරම අනිත් අයට බලන්න පුලුවන් පහසුකම අත් හිටුවීම.
03. ළමා පරම්පරාව
ඔබෙන් කෙනෙක් මේ ප්‍රශ්ණ ඇහුවොත් ඔබේ උත්තර කොහොම වෙයිද කියන එක හිතන්න.
I. එලකිරිය කියන්නෙ හොඳ තැනක්ද?
II. ඔබ පාසල් ළමුන්ට එලකිරිය නිර්දේශ කරනවද?
III.පාසල් ළමුන්ට වැදගත් වෙන දේවල් එලකිරියෙ තියනවද?
බොහෝ දෙනෙක් දෙවනි ප්‍රශ්ණෙට විතරක් නෑ කියලා උත්තර දෙයි. ඒතන නොගැලපීමක් තියන බව කාටත් තේරෙනවා ඇති නෙ.
හේතු:
• බහුතරයක් සාමාජිකයින් තම අනන්‍යතාවය සඟවා සිටීම නිසා, වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීම.
• 18+ thread වැඩි වශයෙන් දක්නට ලැබීම.
• පාසල් දර්ශණයක් වෙන් කර නොතිබීම.
යෙදිය හැකි විකල්ප උපක්‍රම:
• සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරු කීරීම.
• forum වල දැනට පවතින Education category එක පාසල් සිසුන්ට අදාල වන ලෙස තව දුරටත් විශේෂකරණය කිරීම.
04. අන්‍යාගමික හා අන්‍යජාති ශ්‍රී ලාංකිකයින්
බොහෝ සමාජ ජාල වල මෙන්ම එලකිරියේද ජාතිවාදය, ආගම්වාදය ඉස්මතු වීම සම්බන්ධයෙන් කතා කිරීම ඇත්තෙන්ම ඵල රහිත වනු නොඅනුමානයි.
ඉලඟට අපි බලමු, එලකිරිය අන්තර්ජාලය තුල ප්‍රවර්ධනය කිරීමට කරන්න පුළුවන් මොනවද කියලා.
01. වඩාත් වැදගත් හා අනන්‍ය වූ thread එලකිරිය තුල වැඩි වශයෙන් පළ කිරීම.
02. බොහෝ වෙබ් අඩවි වල මෙන් Invite Friends කියන පහසුකම ඇතුලත් කිරීම.
03. එලකිරිය විකීපීඩියාවට එකතු කිරීම.
04. එලකිරියෙ නම යන online event ටිකක් organize කිරීම.
එලකිරියේ දැනට කරගෙන යන update එකට නැතත්, ඊටත් පස්සෙ update එකට හරි මේ දේවල් එකතු වුනොත්, එලකිරියට ගොඩක් ලොකු ඉදිරි ගමනක් තියෙයි.
සංවාදයට විවෘතයි. ඔබේ අදහස් එකතු කරන්න.

ඔය මොකක්හරි event ටිකක් අල්ලලා මොකක් හරි කරගත්තා නම් කෙල්ලෝ එහෙම තව ඒවි! 