අහෝ! කඳ ඇතත් හිස නැති මාලිංග
ලද දෙයින් සැනසුණු කාලය අහවරය. විවෘත ආර්ථිකය විසින් සිත්වල ඇති කළ 'කුහරය' පිරවීමට සල්ලි කන්දක් එබුවද නොහැකිය. එහෙත් ඒ ආර්ථීකයේ ගොදුරු බවට පත්වූ ජීවිත සදාකාලිකවම හිස්‌ය. ජාතික ක්‍රිකට් කණ්‌ඩායම වෙතින්ද පසුගියදා දිස් වූයේ මේ හිස් බවය. හයේ පහරක් ගැසූ විටක, කඩුල්ලක් දවාගත් විටක, ජයග්‍රහණයක් ලැබූ විටක විඳින අහිංසක සතුට මතින් ඉපදෙන ක්‍රීඩකයා ක්‍රීඩාවේ හිනි පෙත්තට ළඟවූ විට හයේ පහරකින්, කඩුල්ලකින් සතුටු වනු වෙනුවට ඔහු සතුටු වනුයේ ඒ පහරට, කඩුල්ලට ලැබෙන මුදල් ලංසුවටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මසකට රුපියල් ලක්‍ෂ 45 කට ආසන්න දීමනාවකට හිමිකම් කියද්දී, එයට අමතරව තවත් මිලියන ගණනින් ඉපැයුම් රැසකට අවස්‌ථාව ලබා සිටිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය බිරින්දෑන්ට පිරිනමන විදෙස් සවාරිය ඇතුළු තවත් කිහිපයක් දීමනා වෙනුවෙන් 'ඇඬූහ'.
මාලිංග අද
මාලිංග එදා
ලද දෙයින් සැනසුණු කාලය අහවරය. විවෘත ආර්ථිකය විසින් සිත්වල ඇති කළ 'කුහරය' පිරවීමට සල්ලි කන්දක් එබුවද නොහැකිය. එහෙත් ඒ ආර්ථීකයේ ගොදුරු බවට පත්වූ ජීවිත සදාකාලිකවම හිස්‌ය. ජාතික ක්‍රිකට් කණ්‌ඩායම වෙතින්ද පසුගියදා දිස් වූයේ මේ හිස් බවය. හයේ පහරක් ගැසූ විටක, කඩුල්ලක් දවාගත් විටක, ජයග්‍රහණයක් ලැබූ විටක විඳින අහිංසක සතුට මතින් ඉපදෙන ක්‍රීඩකයා ක්‍රීඩාවේ හිනි පෙත්තට ළඟවූ විට හයේ පහරකින්, කඩුල්ලකින් සතුටු වනු වෙනුවට ඔහු සතුටු වනුයේ ඒ පහරට, කඩුල්ලට ලැබෙන මුදල් ලංසුවටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මසකට රුපියල් ලක්‍ෂ 45 කට ආසන්න දීමනාවකට හිමිකම් කියද්දී, එයට අමතරව තවත් මිලියන ගණනින් ඉපැයුම් රැසකට අවස්‌ථාව ලබා සිටිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය බිරින්දෑන්ට පිරිනමන විදෙස් සවාරිය ඇතුළු තවත් කිහිපයක් දීමනා වෙනුවෙන් 'ඇඬූහ'.
මාලිංග අද
මාලිංග එදා
ලසිත් මාලිංග සම්බන්ධයෙන් ලියැවෙන මෙම සටහන සුසන්තිකා ජයසිංහගෙන් ආරම්භ කිරීම වැදගත්ය. සුසන්තිකාගේ විවාහ මංගල්‍ය යෙදුණේ 2000 වසරේදීය. ඒ වනවිට ඇය සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ‘‘රිදී පදක්කමක්’’ දිනා එම හපන්කම පෑ ශ්‍රී ලාංකික පළමු කී‍්‍රඩිකාව ලෙස ඉතිහාස ගතව සිටියාය. කිසිවකු හෝ ගණන් නොගෙන සිටීමට තරමට එම ජයග‍්‍රහණය බල සම්පන්න වී තිබිණි. එහෙත් ඇය සිය විවාහ මංගල්‍යයට සහභාගි වන ලෙස මාධ්‍යවේදීන්ට ආරාධනා කළාය. සෑම මාධ්‍ය ආයතනයකටම පැමිණ මංගල ආරාධනා පත‍්‍රය සිය දෝතින්ම පිළිගැන්වීමට තරම් ඇය නිහතමානී වූවාය.
රට වෙනුවෙන් ලබාගත් අනගිතම ජයග‍්‍රහණයේදී මේ රටේ මාධ්‍ය ඇයට දුන් දිරියට බලයට ඇය පෙරළා කෘතගුණ දැක්වූයේ එසේය.
දැන් ලසිත් මාලිංග ගැන කතා කරමු!
ඔහු මාධ්‍යයට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය මුළු රටම දුටුවේය. එය ‘‘බුරා පැනීමකින්’’ කිසි ලෙසකින්වත් වෙනස් නොවේ. එබඳු අශ්ලීල, අශිෂ්ඨ, අවිනීත, හැසිරීමක් එතෙක් මෙතෙක් කිසිදු ක‍්‍රීඩකයකු වෙතින් ප‍්‍රදර්ශනය නොවු බවද ඒකාන්ත සත්‍යයකි. මාලිංගගෙන් ප‍්‍රදර්ශනය වූයේ රත්ගම වැල්ලේ රස්තියාදුකාර මදාවියෙකුගේ හැසිරීමකි. එහෙයින් ඒ පිළිබඳව කතා කිරීමේ අයිතියක් අප සතුය.
මෙම සටහන සමඟ පළවන මාලිංගගේ මුල් කාලයේ ඡායාරූපය මාලිංගට මතක ඇතැයි අපි සිතමු. එම ඡායාරූපය ගනු ලැබුවේ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලයේදී සඳුන් ගමගේය. ක‍්‍රිකට් පුහුණුවෙන් පසුව බසයෙන් රත්ගම බලා යාමට පෙර ඇඳුම් බෑගය ද කරේ එල්ලාගෙන ඔබ ඉරිදා ලංකාදීපයට ආවේය. ඔබ පිළිබඳ මුල්ම ලිපිය මෙම පිටුවේම පළවූයේ මෙම ඡායාරූපය ද සමගිනි.
මේ ඉතිහාසය මෙහි සටහන් කළේ ඔබට නිගරු කිරීමට නොවේ. ඔබ මාධ්‍යයට ‘‘බුරා පනින’’ අයුරු දැකීමෙන් හටගත් සංවේගයෙනි.
ඔබ දක්‍ෂයෙකි. අසාමාන්‍ය දක්‍ෂයෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඔබ ජගත් ක‍්‍රිකට් පිටිය පුරා අණසක පතුරුවා හැරියේ ඒ
දක්‍ෂතාවයේ ආනුභාවයෙනි. පත්තර පිටු ගණනින් ඔබ වෙනුවෙන් වෙන්වූයේ ද ඒ දක්‍ෂතාවය නිසාය. සහස් සුවහස් ක‍්‍රිකට් පේ‍්‍රමීන් තුළ ඔබ සදාතනික වීරයකු ලෙස ගොඩ නැගුණේ ජන මාධ්‍ය කළ ඒ මෙහෙවර වෙනුවෙනි. ඔබ බුරා පැන්නේ ඒ ජනමාධ්‍යයටය.
ක‍්‍රීඩාවෙන් ක‍්‍රීඩකයකු තුළ ගොඩනැගිය යුතු මූලිකම යහගුණය වන්නේ විනයයි. විනයක් නොමැතිනම් කෙතරම් දක්‍ෂයකු වුවද ඔහු විශිෂ්ටයකු වන්නේ නැත. ඔබ ක‍්‍රිඩා කරන්නේ රට වෙනුවෙනි. ඔබ රට නියෝජනය කරන්නෙකි. රට සම්බන්ධ අත්නොහළ වගකීමක් ඔබට තිබේ. රට තුළදී ඔබේ හැසිරීම මෙබඳු නම් පිටරටකදී ඔබ කෙසේ හැසිරෙනු ඇද්ද? ඔබේ හැසිරීම අපට ප‍්‍රශ්නයක් වන්නේ ඒ අර්ථයෙනි.
ධනය මෙන්ම බලය ද පිරුවට හා සමානය. ඒවා අහිමි වන මොහොත කිව නොහැකිය. ධන කාමයෙන් දෑස නිලංකාර කරගත් බොහෝ දෙනකුට මේ පරම සත්‍ය අවබෝධ කර ගත නොහැකිය. එහෙයින් ඔවුහු උඩඟුවෙති. ලජ්ජා බයෙන් තොර වෙති. අවසානයේදී තමා කවුදැයි තමාටම අමතක වෙයි.
ඉතින් ලසිත් මාලිංග !
ඔබ වැන්නකුට ලිවීමත් එක්තරා ආකාරයකින් අපරාධයකි.
එහෙත් ඔබට සිහිපත් කළ යුතු කියමනක් තිබේ. එනම් ‘‘ඔබ ඉහළට යනවිට අතරමගදී හමුවන අයට ආචාර කරන්න. මන්දයත් පහළට බසින විටදී ඔබට ඔවුන් නැවත හමුවන හෙයිනි’’ මිනිසකුට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ මේවා ඉගෙන ගැනීමටය. අහෝ මාලිංග! අපට කීමට තිබෙන්නේ එපමණකි!
සටහන - ප‍්‍රසන්න සංජීව /ලංකාදිප
.................................................
මැස්‌සගෙ වඳුරු පිම්ම
මේ දවස්‌වල සෙල්ලමට චියර් කොරන සැට් එක අමුතුම ජාතියෙ මැස්‌සෙක් ගැන කතා වෙනවා. ඒ මැස්‌සට ත්‍රිකට් ගහන්නත් පුලුවන්ලු. ලෝකෙ වටේ යන්නත් පුලුවන්ලු. මේ මැස්‌සා කවුද කියල හොයන්න තෙවැනි විනිසුරු පාරට බැස්‌සා. බැලින්නම්... මැස්‌ස කියල බනින්නෙ මේ රත්ගම කොණ්‌ඩ මාලියට නොවැ.
කොණ්‌ඩ මාලියා මැක්‌සා බෝලිං කියල කස්‌ටිය කිව්වා. ඒත් එක පාරටම එයාට මැස්‌සෙක් නෙමෙයි මී හරකෙක් කියලත් කස්‌ටිය දැන් කියනවා. මේ හුට පටය හොයල බලන්න කොණ්‌ඩ මාලියගෙ හිස්‌ටි්‍රඑක සර්ච් කොරාම අම්මප මෙහෙම ඉන්න එකත් පුදුමයක් කියල හිතෙනවා. කොණ්‌ඩ මාලියට වෙලා තියෙන්නෙ ඇදගෙන නා ගැනීමක්‌ලු. එයාව උඩ තියපු මිරිඩියා මෑන්ස්‌ලට මෙයා කොකා පෙන්වන්න ගියාලු. කොණ්‌ඩ මාලියා මිරිඩියා මෑන්ස්‌ලට කතා කොරපු විදිහ දැක්‌කම මෙයා රත්ගමින් නෙමෙයි දඹානෙ වැදි සැට් එකෙන් ආපු හාදෙයක් වගේ තමා පේන්නෙ.
අකලට වගේ තමා මේ කොණ්‌ඩ මාලිය ත්‍රිකට්‌වලට ඇවිල්ල තියෙන්නෙ. ඊට ඉස්‌සොර මෙයාට කොණ්‌ඩෙ තියා ඇල්ටොත් නැහැ කියල තමා රත්ගම පැත්තෙ සැට් එක කියන්නෙ. දැන් තරු හතේ කාර් වලින් ගියාට මෙයාට ඒ කාලේ පුෂ් බයික් එකක්‌වත් නැතිලු. අනේ ඉතිං ඒ කාලෙ එහෙම වුණාට මේ කොලුවට දැන් මිරිඩියා මෑන්ස්‌ලගෙ පිහිට තියෙනවනෙ. ඒ විතරක් යෑ කවුරු නැතත් ඩොලර් කන්දක් තුරුලු කොරන් ඉන්න බැරියෑ.
කොණ්‌ඩ මාලියා මෙහෙව් රටේ ත්‍රිකට් නොගැහුවනම් මෙයාට වැලිකඩ පැත්තෙ එහෙම යන්න තිබුණ කියල කස්‌ටිය කියනවා. ඒ කියන්නෙ ඒ කාලෙ රත්ගම කොකු වලට එහෙම මෙයා බහින්නෙ මන්න පිහිය ඉනේ ගහගෙනලු. ඒ කාලෙ කුණුහබ්බ වලින් අඩුවක් නැතිලු. මේ පුරුද්ද හින්ද පහුගිය කාලෙදි ඔසීවලදිත් මෙයාගෙ බැට් එකක් නැති වුණ වෙලාවෙ මදර් ලැන්වේඡ් එකක් එහෙම දැම්මෙ වර්ල්ඩ් එකටම ඇහෙන්න. ඕකට තමා කූඩැල්ල මෙට්‌ටෙ තියන්න බැහැ කියන්නෙ නේද.
අපරාදෙ අර්ජු අයිය හිටියනම් මේ කොණ්‌ඩ මාලියට කොණ්‌ඩෙ කපල ස්‌වර්ණමාල් වෙලා ත්‍රිකට් ගහන්න තිබ්බ. එහෙනම් ඔය නැහැදියාව ටිකක් අඩු වෙලා මේ වගේ මුට්‌ටි ඔලුවෙ දාගන්න එකක් නැහැ. ඒකාලෙ අර්ජු අයිය මෙයාව කොමිටලේ පැත්තකටවත් වද්ද ගත්තෙ නැත්තෙ මෙයා වැද්දෙක් වගේ කියල ඉව වැටුණ හින්ද වෙන්ඩ ඇති. කොහොම හරි අර්ජු අයිය එළියට ගියත් කොණ්‌ඩ මාලියගෙ බඹරෙ වැල්ලෙත් කරකැවෙන්න පටන් ගත්ත එක නොවැ පුදුමෙ. ඒ වුණාට දැන් දැන් බඹරෙ ඔලුවෙත් කරවන්න ගිහින් එයා නන්නත්තාර වෙලාලු.
මේ කොණ්‌ඩ මාලියා කොණ්‌ඩෙ නැතිව මන්කි ටයිප් එකේ ඉන්න කාලෙ සැට් වෙච්ච ගර්ල්ට තියපු බූට් එක හින්ද රත්ගම මෑන්සල පයිසෙකටවත් මෙයාව ගණන් ගන්නෙ නැතිලු. ඒ ගර්ල් මෙයාට ලව් කොරල තියෙන්නෙ මෙයා ආටා එක හයර් කොරන කාලෙ කියල තමා කස්‌ටිය කියන්නෙ. ඒ කාලෙ ආටා දුවපු මෙයාට පුටු පුටු ගගා යන්න බයික් එකකුත් මේ අහිංසකාවි අරන් දුන්නලු. අන්තිමට ඉතිං කන්න දුන්න අත හපා කෑවා වගේ වැඩක් කොරල යස අපූරුවට ඔය කොණ්‌ඩ මාලියා දැන් ලෝකෙ වටේ අර පීඑල් එකයි මේ පීඑල් එකයි ගහල ඩොලර් කඳු ගහන්නෙ. හරියට ගමේ ඉන්න කබරගොයෙක් කළම්බු ගෙනාවා වගේ වැඩක් ලු මේක. කොහොම වුණත් මෙයා ත්‍රිකටර් කෙනෙක්‌නෙ. මෙයාගෙ කොණ්‌ඩෙයි ඇක්‌ෂන් එකයි හින්ද මෙයාට ටුවෙන්ටි වයිස් කැපා කමකුත් දීලා.
මේ වගේ එවුන්ට වයිස් කැපා තියා වෝට කැපාවත් දෙනවද කියල කස්‌ටිය දැන් සනා බෝයිස්‌ටත් දෙහි කපනවා.
බීච් එකේ නාලා රත්ගම ඇලවල් වල ස්‌වීම් කරපු මෙයා ළඟදි ඉස්‌තරම් හවුස් එකක් කොළඹ හතෙන් ගන්ඩ ගිහිල්ල. ඒකෙ ඕන තරම් සැප තියනවලු. ඒත් මෙයාට ස්‌වීම් කොරන්ඩ පුල් එකක් නැති හින්ද කිව්වලු, 'ස්‌වීම් පුල් නැතිව ගෙවල් අරන් වැඩක් තියෙනවාද කියල. අනේ ඉතිං මෙහෙම පුල් හාදයෙක් කියල හවුස් එකේ අයිතිකාරයා කිව්වලු.
කොණ්‌ඩ මාලියගෙ ඉරිච්ච පෝස්‌ටරයක් ගහගෙන ආටා මල්ලි කොමිටලේ ලගින් යන කොටම තෙවැනි විනිසුරුට මුරිච්චි වුණා. 'ආටා මල්ලි මොකද මේ භාගෙට ඉරිච්ච කොණ්‌ඩ මාලියගෙ පික්‌චර් එකක් ගහගෙන ඉන්නෙ.'
'ඉතුරු ටික තව ටිකකින් ඉරනවා සෑර්. මොකද මූගෙ පික්‌චර් එකත් ටික ටික ඉරන කොට තමා අපිට හිත හැදෙන්නෙ. ඒ කාලෙ මේ යකා පනහේ හයර් එක මගෙත් එක්‌ක තිහට ගියා. තව පොලුත් තිබ්බා. දැන් අපි අදුරන්නෙත් නැහැ. ඒ විතරක්‌යෑ සෑර් එයාත් එක්‌ක එකට බත් පැකැට් එක කාපු උන්වත් මෙයාට මතක නැහැ. ටුවෙන්ටි ෆයිනල් එක ලොස්‌ට් කොරා. ඔසීවලදී ටෙන් ඕවර් වලට නයින්ටි සික්‌ස් දුන්නා අල්ලපු රටට. දැන් ඉතිං මූ කොරන කියන දේවල් වලට මනී හින්ද අපිට කොරන්ඩ දෙයක් නැහැනෙ. පාරෙ දැක්‌කත් හූ හූ කියල තමා කියන්ඩ තියෙන්නෙ.'
'හා හා ආටා මල්ලි ඔය තරම් කේන්ති ගන්ඩ එපා. දැන් බලන්ඩ එයාගෙ කොණ්‌ඩෙ හැමෝම යූෂ් කොරනව. කොච්චර ෆේමස් බුලට් එකක්‌ද මෙයා.'
'ඔය කොණ්‌ඩ මාලියට වැඩිය ෆේමස් බුලට් අපි දැකල තියෙනවා සෑර්. ඒත් මේ වගෙ චාටර් පොරක් නම් දැකල නෑ සෑර්. අතේ ශතේ නැතත් අපි හයර් නැතත් මුන්ට අපි චියර් කොරන්ඩ ගියේ රටේ විනින්ග් එකට නොවැ. එහෙම කොරන කොට මුන් හඳට යන්න හදනවා. මුගෙ පික්‌චර් ටිකේ ඉතුරු ටිකත් ඉරන්ඩ ඕන හින්ද මම යනවා සෑර්. මේක දැක්‌කොත් පාර්ක් එකේ සැට් එක මට නෙළයි අම්බානෙකට.'
බලාගෙන ගියාම කොණ්‌ඩෙ හින්ද මාලියගෙ මොළේ වැහිල ඇති. නැට්‌ට කපල මෙහෙව් රටේ ත්‍රිකට් වලට ගත්තට තාම කොණ්‌ඩෙ තියෙනවනෙ. ඒ මදිමවට වයිස් කැපා කමකුත් දීලා. ඒක හින්ද වෙන්ඩ ඇති කොණ්‌ඩ මාලියට මැස්‌සගෙ වඳුරු පිම්ම කියල කස්‌ටිය දැන් කාඩ් එකක් ගහල තියෙන්නෙ.
සටහන - අසා /දිවයින
Katu kema 



