Latest Scooters From Honda 2013

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ දවස් වල ලංකාවෙත් scooter වලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා මම බැලුව මොනවද මේ දවස් වල තියන අලුත්ම scooters කියල.
    ඉතින් පොඩි විස්තරයක් එක්ක මම Honda එකෙන් release කරපු උණු කැවුම් වගේ scooters ටිකක් ගැන කියන්නයි ලෑස්ති.

    මේවට ඉතින් ගෑනු ළමයිගෙනුත් ප්‍රතිචාර ලැබේවි කියල හිතනවා.මොකද දැන් එයාල scooter පදිනවා හැටට හැටේ.:rofl::lol::P



    Latest Scooters From Honda 2013

    Benly 110 & 50

    pic.jpg


    Honda එකෙන් එලියට දාපු අලුත්ම භාණ්ඩයක්. මේක ගොඩක් අය අතරේ ජනප්‍රිය වෙයි කියල තමයි එයාල හිතන්නේ මොකද මේකේ එක්කෝ බඩුබාහිරාදිය අරන් යන්නත් පුළුවන් නැත්නම් දෙන්නෙකුට පහසුවෙන් ගමනක් යන්නත් පුළුවන්. මට හිතෙන විදියට තැපැල් 90 වගේ තැනකට එන්න හදපු scooter එකක් වගේ.ජපානයේ නම් දැනටමත් ජනප්‍රිය වෙලා කියලයි කියන්නේ.

    Air-cooled, 4-stroke, single cylinder, OHC, electronically controlled fuel injection system (PGM-FI), Fuel Tank 10 ltrs

    Fuel Comsumption:
    50cc - 66kmpl
    110cc- 53kmpl

    ඉස්සරහ පස්ස දෙකම drum brakes තියන්නේ.ටිකක් විතර දිගයි.හැබැයි හුරුබුහුටියි.

    ෆොටෝ බලන්න....





    DIO 110

    pic.jpg


    මුලින්ම කියන්න ඕන මේක නම් ඉන්දියන් Dio එකට වඩා ටිකක් කැතයි.හැබැයි එයාල මේ පාර ටිකක් හිතල බලල rim එකේ diameter එක වැඩි කරලා තියෙනවා. මොකද නැත්නම් දුර යන්න ගියාම ස්පීඩ් කරන්න බැරි නිසා සහ ඉහල ස්පීඩ් වලට යන්න බැරි නිසා.අනික දැන් Honda එක DIO ඉස්සර තරම් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් මාදිලි ඉදිරිපත් කරනවා.
    ඉස්සරහ නම් Disk නමුත් පස්සහ drum brakes තියන්නේ.

    110cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI)

    Fuel tank capacity - 5.5 ltrs
    Fuel consumption - 52kmpl

    ෆොටෝ බලන්න ....







    ZOOMER X

    pic-color01.jpg


    ඔන්න දැන් මම කියන්න යන්නේ මේ දවස් වල අලුත්ම trend එකට ගැලපෙන්න නිකුත් කල scooter එක ගැන කියන්න.මේක නිකන් bumble bee ලුක් එකක් තියන්නේ. හැබැයි ඉතින් දැක්කම ආස හිතෙනවා. ජපානේ නම් මේක ටිකක් ගණන්. මෙහෙට එනකොට කොහොම වෙයිද දන්නේ නැහැ.බලමුකෝ මොනවද මේකේ තියන්නේ කියලා.

    110cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)
    Fuel tank capacity (L) 4.5

    ඉස්සරහ disk ආවට පස්සහ නම් drum brakes තමයි තියන්නේ.ලීටරයකට 52km යනවා කියලත් කියනවා.මේකේ දෙන්නෙකුට පහසුවෙන් යන්න පුළුවන් නමුත් පරණ Zoomer එකේනම් දෙන්නෙකුට යන්න අමාරුයි.ලයිට් system එක ගැන එහෙමනම් කියලම වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි.

    ෆොටෝ බලන්න....





    LEAD 125

    pic-color01.jpg


    මේක DIO එක වෙනුවට ඉදිරිපත් කල අලුත්ම Scooter එක.පෙනුම නම් ලස්සනයි. එන්ජිමේ හැටියට වැඩත් හොඳ වෙන්න ඕන.මේකේ විශේෂත්වය වෙන්නේ 125cc එන්ජිමක් මේකේ තියෙනවා. ඉතින් දෙන්නෙක් දාල තව බඩු ටිකකුත් පටවාගෙන පහසුවෙන් යන්න පුළුවන්. අනික rim size ඒකත් ටිකක් විතර ලොකුයි. ඒ නිසා දුර ගමනක් උනත් යන්න පුළුවන්.මේක නිසා යේ DIO එකටනම් තැනක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.

    125cc, Water-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)

    මේකේ තියෙන විශේෂත්වයක් වෙන්නේ මේක ද්‍රව සිසිලන පද්ධතියකින් යුක්තයි.ඉතින් ඒ නිසා එන්ජිම කාලයක් හොඳින් තියේවි කියල හිතනවා.ඉස්සරහ disk වන නමුත් පස්සහ නම් drum brakes තියෙන්නේ.




    මීළඟට කියන්න යන්නේ classic models වලට සහ ගැහැණු අයට ගැලපෙන scooters ගැන.





    GIORNO 50

    giorno_12874_yr307mazuki_brown_metallic_front.png


    මේක ඉතින් තරුණ තරුණියන් වෙනුවෙන්ම නිපදවන ලද පොඩි scooter එකක්. එන්ජිමත් පොඩි නිසා මේකේ එක්කෙනෙකුට තමයි යන්න පුළුවන්. පොඩ්ඩක් classic පෙනුමකුත් තියෙනවා.භාණ්ඩේ පොඩි උනාට අලුත්ම අලුත් එකක්.

    50cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)
    Fuel tank capacity (L) 4.5

    සාමාන්‍යයෙන් මේකේ 30kmph ගියොත් 73kmpl ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වෙනවා කියල කියනවා.ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ.

    pic01.jpg


    ෆොටෝ බලන්න.....






    TODAY 50

    photo03.jpg



    මීළඟට කියන්න යන්නෙත් තවත් ඉහත වගේම තරුණ තරුණියන් වෙනුවෙන් නිපදවන ලද මාදිලියක් ගැන කියන්නයි.හැබැයි ඉතින් මේකෙත් කියන්න තරම විශෙෂත්වයක නැහැ. classic පෙනුමකුත් තියන හුරුබුහුටි scooter එකක්.scoopy එක හදන එක නවත්තුවට පස්සේ මේක තමයි ඒ වෙනුවට ඉදිරිපත් කලේ.මේකේ carburetor model එක නම් ලංකාවේ තියෙනවා නමුත් EFI එක නම් තවම ඇවිල්ල නැතුව ඇති මම දන්නා තරමට.

    50cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI)

    මේකත් 30kmph වේගයෙන් ගියොත් 50kmpl ඉන්ධන කරනවලු. ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ.
    pic01.jpg


    ෆොටෝ බලන්න යන්න.....


    මෙන්න Videos ටිකක්.....

    ZOOMER X





    LEAD125





    BENLY 110




    DIO 110





    TODAY 50





    GIORNO 50







    ඔන්න ඉතින් මම අලුත් දේවල් ටිකක් ගෙනාවා.......

    හැමදාම වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....


    මගේ වෙනත් ලිපි:

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
    Honda VTR250
    Honda Hornet CB250F
    Honda Jade CB250F
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එල පෝස්ට් 1
    11.gif



    "මොකද දැන් එයාල scooter පදිනවා හැටට හැටේ."

    මේ කතාව නම් සහතික ඇත්ත :yes:
    :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: kandyan

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,265
    335
    83
    ADo today ekk tynwa mn gawa...Jap wala akka kenekgen gatte..... maru ah Wesak blnna yanna...Assen assen dala yanna
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta machan :cool: math ekak hoyanawa me dawas wala .. japanese ekak!! :yes:

    Rep 4+

    මහන්සි උනොත් හොඳ එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.

    එල පෝස්ට් 1
    11.gif



    "මොකද දැන් එයාල scooter පදිනවා හැටට හැටේ."

    මේ කතාව නම් සහතික ඇත්ත :yes:
    :rofl::rofl:

    කියල වැඩක් නැහැ බන්... මේ ලඟදි ඇවිල්ල මම VTR එකේ යනකොට මටත් වෙට්ටුවක් දාල ඉස්සරහ වාහනය overtake කරන්න බැරි උන පාර හිනා වෙලා scooter එක ඇතුලට ඔබා ගත්ත. මම වැඩිය ලංවෙන්න ගියේ නැහැ ශුවර් නැති නිසා. මගේ බයික් එකට ඇරලා දැම්මොත් එහෙම.:P:lol:

    ADo today ekk tynwa mn gawa...Jap wala akka kenekgen gatte..... maru ah Wesak blnna yanna...Assen assen dala yanna

    ඔව් මචන් දැනට ඇවිල්ල තියෙන අලුත් ඒවගෙන් TODAY එක තමයි හොයාගන්න තියන්නේ.හැබැයි ඒකත් carburetor model එක.පොඩි නිසා ඕන තැනකින් රිංගන්න පුළුවන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ekemma....ow carb tama..namuth 100 gahagena watee yatha haki....Kade yanna maru..

    ඔව් ඉතින් පෙට්‍රල් නම් දැනෙන්නේ නැහැ ඔකේ.හැබැයි ගොඩක් හයියෙන් ගියොත් නම් තෙල් කරන්නේ නැහැ නේද? ඔව් ඔව් ළඟ පාත එහෙ මෙහෙ යන්න කියපු වාහනේ...!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කියල වැඩක් නැහැ බන්... මේ ලඟදි ඇවිල්ල මම VTR එකේ යනකොට මටත් වෙට්ටුවක් දාල ඉස්සරහ වාහනය overtake කරන්න බැරි උන පාර හිනා වෙලා scooter එක ඇතුලට ඔබා ගත්ත. මම වැඩිය ලංවෙන්න ගියේ නැහැ ශුවර් නැති නිසා. මගේ බයික් එකට ඇරලා දැම්මොත් එහෙම.:P:lol:

    ඔව් බන්, ඉස්සර කරගන්න බැරි වුනාම පාර මැදට වෙලා විරිත්තන්න නම් හොදට දන්නවා,:rofl: