Rukshan81

Member
Jun 19, 2014
233
11
0
එළකිරි කොල්ලනේ. නීතිය හොඳින් දන්න කෙනෙක්ගෙන් ‍දෙයක් දැනගන්න තියෙනවා.

මේකයි ප්‍රශ්නය.

යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ග‍ලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න?

ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව ඉන්න කාලයේ එවැනි කිසිඳු පැවරීමක් කරේ නැත්නම් එම පුද්ගලයා මිය ගියාට පසු සිය බිරිඳට එන්නේ කුමන අයිතියක්ද? මුල් අයිතියද? නැත්න්ම් ජීවිත බුක්තියද? මුල් අයිතියේ සහ ජීවිත බුක්තියේ ඇති වෙනස ‍කුමක්ද?

අනිත් ගැටලුව තමයි

ඉහත අකාරයේ ඉඩම් හිමියෙක් මියයාමෙන් අනතුරව එම පුද්ගලායේ බිරිඳට ජීවිත බුක්තියෙන් අයිති වූ දේපල එම බිරිඳත් සිය ළමයිනට පැවරීමක් නොකොට මිය ගියේනම් සහ පවුලේ ගැහැණු ළමයින් 3ක් සහ පිරිමි ළමයින් 2ක් සිටියානම්. පසු කාලීනව අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත මත ඉඩමක මුල් අයිතිය අදාල සහෝදර සහෝදරියන්ගේ වැඩිමහල් සහෝදරයාට ලබාගත හැකිද?

මචන් මේ ඉහත ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව. :yes:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පුළුවන්

    මැරුණට පස්සේ අයිති වෙන්නේ අන්තිම කැමත්තක් නැත්තම්
    බිරිදට බාගයයි දරුවන්ට බාගයයි

    බිරිදත් මැරුනොත් හවුල් ඉඩමක් නම් හැමෝගෙම කැමැත්ත තියෙන්නේ ඕනි.

    එක්කෙනෙක් හරි අකමැති නම් එයාගේ කොටස දෙන්න. ඉඩම මැනලා බෙදන්න ඕනි. ඒවායින් අකමැති කෙනාගේ කොටස වෙන් කරගත්ත පස්සේ තමයි. අනිත් අයට අය්ය්ය්ට පවරන්න පුළුවන්

    මන් දන්නා විදියට
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    පුළුවන්

    මැරුණට පස්සේ අයිති වෙන්නේ අන්තිම කැමත්තක් නැත්තම්
    බිරිදට බාගයයි දරුවන්ට බාගයයි

    බිරිදත් මැරුනොත් හවුල් ඉඩමක් නම් හැමෝගෙම කැමැත්ත තියෙන්නේ ඕනි.

    එක්කෙනෙක් හරි අකමැති නම් එයාගේ කොටස දෙන්න. ඉඩම මැනලා බෙදන්න ඕනි. ඒවායින් අකමැති කෙනාගේ කොටස වෙන් කරගත්ත පස්සේ තමයි. අනිත් අයට අය්ය්ය්ට පවරන්න පුළුවන්

    මන් දන්නා විදියට

    තෑන්ක්ස් මචං :D

    кσяη ησρє;17199377 said:

    තෑන්ක්ස් බන් කිව්වට මම මෙයාට ලිංක් එක යව්නම් :D
     

    thanujaka

    Well-known member
  • යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ග‍ලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න?

    පුළුවන්.
    ඔව් එහෙම වෙලාවක යන්නේ මුල් අයිතිය තමයි කොහොමත්.
    භුක්තියේ අයිතිය කියන එක වෙනයි.
    එක තීරණය වෙන්නේ ඔප්පුව ලියන විදිහ අනුව තමයි.



    ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව ඉන්න කාලයේ එවැනි කිසිඳු පැවරීමක් කරේ නැත්නම් එම පුද්ගලයා මිය ගියාට පසු සිය බිරිඳට එන්නේ කුමන අයිතියක්ද? මුල් අයිතියද? නැත්න්ම් ජීවිත බුක්තියද? මුල් අයිතියේ සහ ජීවිත බුක්තියේ ඇති වෙනස ‍කුමක්ද?

    මුල් අයිතිය.
    මුල් අයිතිය තියෙන කෙනෙකුට ඉඩම විකුණන්න පුළුවන්.
    අපි සාමාන්‍ය ජීවිතයේ ප්‍රාණ භුක්තිය තියන් ලියනවා කියන්නේ. අන්න එකම තමයි ජීවිත භුක්තිය කියන්නේ. මැරෙන දවසක් වෙනකං ඉඩමේ භුක්තිය තමන් ලග රදවාගෙන ඉඩම වෙන කෙනෙකුට පවරන්න පුළුවන්.
    ජීවිත භුක්තියක් යටතේ ලැබෙන ඉඩම්, එම අදාළ ඉඩම් ලාභියාට විකුණන්න බෑ භුක්තිය අයිතියේ හිමිකරු මැරෙනකන්.


    අනිත් ගැටලුව තමයි

    ඉහත අකාරයේ ඉඩම් හිමියෙක් මියයාමෙන් අනතුරව එම පුද්ගලායේ බිරිඳට ජීවිත බුක්තියෙන් අයිති වූ දේපල එම බිරිඳත් සිය ළමයිනට පැවරීමක් නොකොට මිය ගියේනම් සහ පවුලේ ගැහැණු ළමයින් 3ක් සහ පිරිමි ළමයින් 2ක් සිටියානම්. පසු කාලීනව අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත මත ඉඩමක මුල් අයිතිය අදාල සහෝදර සහෝදරියන්ගේ වැඩිමහල් සහෝදරයාට ලබාගත හැකිද?


    පුළුවන්, තමන්ගේ අයිතීය කොටස තෑගී ඔප්පුවක් මගින් වැඩිමහල් සහෝදරයාට පැවරීම තමයි වඩාත්ම නිරවුල් සහ විනිවිද භාවයකින් යුක්ත ක්‍රමය වෙන්නේ.
    ඒ ඇරුනම තව ඒ දේ කරන්න වෙනත් නීතිමය ක්‍රමත් තියෙනවා..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මිය යන්න කලින් නීත්‍යාණු කූල බිරිඳට බැරි නම් පිටසක්වල ජීවියෙක්ට වුනත් පවරන්න හැකියාව තියෙනව...
    එහෙම පැවරුවොත් ඉඩම එහෙම් පිටිංම අයිතිවෙන්නෙ බිරිඳට.

    එහෙම පැවරුවෙ නැත්තං බිරිඳට බාගෙයයි, ලමයින්ට බාගයයි..

    මුල් අයිතියෙයි ජීවිත බුක්තියෙයි වෙනස, උඹ කාට හරි මුල් අයිතිය පැවරුවොත් උඹව ඒ ඉඩමෙන් පන්නල දාන්න ඉඩම උඹ පවරපු කෙනාට හැකියාව තියෙනව.. ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත් එහෙම බෑ.. උඹට මැරෙණකම්ම ඒ ඉඩමෙ අයිතිය තියෙනව.. ඒ ඉඩම වික්කත් උඹෙත් කැමැත්ත ඇතුවම ඕනෙ කරන්න..
    උඹ ලමයෙකුට වගේ ඉඩමක් ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත්, ලමය උඹට නොසලකා හරිනවනං, උඹට ඕනෙම වෙලාවක නොසලකා හැරීම කියල නඩුවක් දාල ලමයට දීල තියෙන අයිතිය කැන්සල් කලහැකි.. අධිකරණය ඉදිරියේ සාදාරණ සාක්ශි ඉදිරිපත් කරන්න ඕනෙ හැබැයි.. ගහනවනං ගහනව කියල, බයිනවනං බයිනව කියල..

    උඹ ඉඩම කාටවත් පවරන්නැතුව මලොත් එහෙම් පිටිංම බිරිඳට අයිතිවෙන්නෑනෙ..
    බිරිඳට බාගයක අයිතිය තියෙද්දි බිරිඳත් කාටවත් පවරන්නැතුව මලොත් ඉඩම සියළූම ලමයින්ට සමසේ බෙදෙනව..
    එහෙම බෙදුනාම ලමයි සමඟි බෙදුම් ඔප්පුවක් ද මොකක්ද (නම හරියට මතක නෑ.. සමඟි කෑල්ල එනව) එකක් මාර්ගයෙන් ඉඩම බෙදාගන්න ඕනෙ..
    ඒකෙදි වෙන්නෙ ලමයි සියළූම දෙනා තම තමන්ට මේ මේ ඉඩම් ප්‍රමාණය ලැබෙනව.. ඒ ප්‍රමාණයෙන් සෑහීමකට පත්වෙනව කියල සියළූම දෙනා අත්සන් කරල ඉඩම බෙදාගැනීම..

    එහෙම බෙදාගත්තාම කිසිම කෙනෙක්ට තමන්ගෙ ස්වාධීන කැමැත්ත යටතේ තමන්ට අයිති කොටස විකුණන්න එහෙම බෑ.. කවුරු අදාල ඉඩමෙ කොයි කොටස වික්කත් සහෝදර සහෝදරියන් සියළූම දෙනා අත්සන් කරන්න ඕනෙ.. එක්කෙනෙක් හරි අකමැති නම් ඉඩම විකුණන්න බෑ..

    සමඟි බෙදුම් ඔප්පුවකිං බෙදාගන්න එක්කෙනෙක්ගෙ හරි විරෝධතාවයක් තියෙනවනං, කවුරු හරි වැඩියෙන් ඉල්ලනවනං, අනිවා ඔය ප්‍රශ්නෙ සමථ මණ්ඩලය දක්වා යනව.. එතනදි සියළු දෙනාට සමසේ බෙදනව..

    සමසේ බෙදද්දි එක් සහෝදරයෙක් හෝ අදාල ඉඩමේ දැනට ගෙයක් හදාගෙන, වගාවක් කරගෙන පදිංචියිනම් එයාට තමන් ජීවත් ව්අන, වගා කරන කොටසම ලබා දෙන්න වැඩි ප්‍රමුඛත්වයක් දෙනව..

    ඔව්.. අනෙක් සහෝදරයන්ගේ කැමැත්ත මත වැඩිමහල් බාල ඕනෙ සහෝදරයෙක්ට සහෝදරියක්ට ලබාගත හැකියි..
    ඒකට සහෝදර සහෝදරියො හැමෝම, අපි අපේ කොටස් අදාල කෙනාට පවරනව කියල තෑගි ඔප්පුවක් අත්සන් කරන්න ඕනෙ..
    ඉඩමෙන් සෘජු වාසියක් නොලැබෙන තවත් සාක්ශි කාරයො දෙන්නෙකුත් අත්සන් කරන්න ඕනෙ..
    නීතීඥයෙක් ඉස්සරහ වෙන්න ඕනෙ..

    එහෙම දුන්න කියල තමුන්ගෙ අයිතිය නැතිවෙන්නෙ නෑ.. දීල තියෙන්නෙ තෑගි ඔප්පුවකිං.. තමුන් මැරෙනකංම වැඩිමල් සහෝදරයට පැවරුවත් ජීවත් වෙන්න අයිතිය තියෙනව.. හැබැයි එහෙම පැවරුවොත් උඹ මලාට පස්සෙ උඹේ ඉඩම් වලිං බිරිඳට, උඹේ ලමයින්ට අයිතියක් එන්නෑ.. උඹේ මරණයත් සමඟම උඹට අයිති කොටසේ අයිතිය වැඩිමහල් සහෝදරයට ලැබෙනව..

    හොඳට හිතල බලල ලියපං..
    මං නං කියන්නෙ මැරෙයි කියල භයයි නම් අන්තිම කැමැත්තක් ලියන එක තමා හොඳම..


     

    Similar threads