law of attraction

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    The Secret

    මේක බැලුවට පස්සේ තේරුනේ මේක මම වෙනුවෙන්ම හදපු එකක් කියල, මොකද මේ දේවල් සහ මගේ ජීවිතය එක්ක සම්බන්ධයක් තිබ්බ හින්දා. ඒක මගේ විතරක් නෙවයි ඔයාලගේ ජීවිතත් එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල මේක බැලුවාම තේරෙයි. ඉතින් ඒක තේරුම් ගන්න පහසු කරවන්න මම සිංහල උපසිරසක් හැදුවා. උපසිරස හදල ගොඩක් කාලෙකට පස්සේ තමා මේක දාන්න උනේ. මෙම අඩවියට දාන්න අදහස් දීපු සහෝදරයන්ටත් රවිශංක සහෝදරයාටත් ස්තුති වන්ත වෙනවා මුලින්ම.
    මම මේ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මේක හදල තියෙන්නේ 2006 වර්ෂයේ රොන්ඩා බ්‍රයන් විසින්. මේක 2006 වසරේ ඉහලම ආදායම් ලබපු චිත්‍රපටයක්, ඒ වගේම
    පලවෙනි online streaming (සම්පූර්ණයෙන් බාගත වීමට පෙර නැරඹිය හැකි) චිත්‍රපටයද වෙනවා. මේ ඩීවීඩී එකේ පිටපත් මිලියන ගානක් විකිණිලා තියෙනවා .මේ ඇසුරුන් රචනා කරන ලද පොතේ ද පිටපත් මිලියන ගානක් විකිණිලා තියෙනවා එම පොතේම පරිවර්තනයක්ම නොවුනත් පරිවර්තනයක් හා සමාන ලෙස වෛද්‍ය ප්‍රියංග ද සොයිසා විසින් ලියන ලද සිංහල පොතකුත් තිබෙනවා “ආකර්ශනතාවය” කියල.
    බුදු දහමට අනුව සියලුම දේට මුල්වන්නේ සිත වනවා. මේ සිතේ තියෙන ශක්තිය අප හඳුනාගෙන නොමැති බවත්, එය හඳුනාගෙන මිනිස් ජීවිතය සාර්ථක කරගන්න අපිට අවශ්‍ය සියලු දේ ලබාගන්න සිත මෙහෙයවන හැටියක් මේ චිත්‍රපටය පුරාවට විහිදෙනවා. ධනය, සම්බන්ධතා, සතුට, නීරෝගිකම ආදී බොහෝ දේවල් අප වෙන ලගාකරගන්නා ආකාරය ගැන මෙයින් කියලා දෙනවා. විශ්වයේ පවතින ලොකුම නීතිය ආකර්ශනතාව බවත්, එම නීතිය නිවැරදි ලෙස හඳුනාගෙන ආකර්ශනතාව මිනිස් ජීවිතයට ප්‍රයෝජනවත් වන ලෙස යොදා ගන්නා ආකාරය මෙහි ඉන්න උපදේශයන් වන දාර්ශනිකයින්, කෝටිපති ව්‍යාපාරිකයින් හා අරුම පුදුම මිනිසුන් විසින් පැහැදිලි ලෙසම විග්‍රහ කරනවා.
    ඉස්කෝලේ යන සහ උසස් අධ්‍යාපනය හදාරන නංගිලා මල්ලිලාට මේකෙන් විශාල දැනුමක් සහ අවබෝධයක් ලබාගෙන තමන්ගේ අරමුණට ලගා වෙන්න, අධ්‍යාපන කටයුතු ඉතා පහසු දෙයක් කරගෙන, ජීවිතයේ දැන් සිටිනවාට වඩා එක් තලයක් හෝ ඉහල යන්න ලොකු පිටුවහලක් වෙයි කියල හිතනවා.
    ඒ වගේම ජීවිතයේ අරමුණක් නැතිව ඉන්න සහෝදර සහෝදරියන්ට අලුත් ජීවිතයක් ලබාගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා. ඒ දැනුම අවබෝධය මෙයින් ලබාගෙන මෙය ඔබේ ජීවිතයට ලං කරගන්න. අපිට ලෝකේ ඕනෙම රටකට අභියෝග කරන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා. ඒත් ඒ ශක්තිය ඔවුන් තුල හංගාගෙන ඉන්නවා. දැන් ඔබේ හැකියාව හඳුනාගෙන ඉදිරියට යන්න. එවිට අපේ රට සිංගප්පුරුවටත් වඩා දියුණු එකක් වේවි.

    ඔබට ජය වේවා.

    උපුටා ගැනීම බයිස්copelk වෙතිනි...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕක දෙපාරක් විතර හරිගිය අමුතු විදියට
    අපෙ ඉඩමක් තිබුන වැට ප්‍රශ්නයක් තියෙන
    ඕක මට දෙනව කියල තිබුනෙ
    මන් හිතුව ඒ ප්‍රස්නෙ විසදෙන්න කියල
    මාස 2කට විතර පස්සෙ තාත්ත ඒ ඉඩම අක්කට ලීව
    :D
    මගෙ ප්‍රශ්නෙ විසදුන හිතපුනැති විදියට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,814
    113
    මම සයෝ ගැන දිගටම හිතනව
    එතකොට එයා ඩිවෝස් වෙලා මං ගාවට ඒවි..
    එතකොට එයාටයි මටයි කැදැල්ලක් තනන්ඩ පුලුවන් :love:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක දෙපාරක් විතර හරිගිය අමුතු විදියට
    අපෙ ඉඩමක් තිබුන වැට ප්‍රශ්නයක් තියෙන
    ඕක මට දෙනව කියල තිබුනෙ
    මන් හිතුව ඒ ප්‍රස්නෙ විසදෙන්න කියල
    මාස 2කට විතර පස්සෙ තාත්ත ඒ ඉඩම අක්කට ලීව
    :D
    මගෙ ප්‍රශ්නෙ විසදුන හිතපුනැති විදියට

    :(:(:(:(
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම සයෝ ගැන දිගටම හිතනව
    එතකොට එයා ඩිවෝස් වෙලා මං ගාවට ඒවි..
    එතකොට එයාටයි මටයි කැදැල්ලක් තනන්ඩ පුලුවන් :love:
    එයාට වයස කීයද
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම සයෝ ගැන දිගටම හිතනව
    එතකොට එයා ඩිවෝස් වෙලා මං ගාවට ඒවි..
    එතකොට එයාටයි මටයි කැදැල්ලක් තනන්ඩ පුලුවන් :love:
    හෙනගහයි තොට
    කෝටිපතියෙක් වෙන්න කියලා හිත හිත ඇඳ උඩට වෙලා හිටියට හරියන්නෙ නෑ තමයි කොහොමත් :P
    ටිකට් අැදෙන්ට මොනාද කරන්ට ඕන
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,624
    522
    113
    ලන්ඩන් වත්ත
    මම සයෝ ගැන දිගටම හිතනව
    එතකොට එයා ඩිවෝස් වෙලා මං ගාවට ඒවි..
    එතකොට එයාටයි මටයි කැදැල්ලක් තනන්ඩ පුලුවන් :love:

    tumblr_nmgwssFqaZ1s26wllo1_250.gif