Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    යාළුවනේ ඔයාලගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ.
    මට කාර් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් පරණ credit card කේස් දෙකකට මගේ නම CRIB report වෙලා තියෙන්නේ. (නමුත් මම දැනට ගෙවා ගෙන යනවා.)
    ඒ නිසා lease කරලා මට දැනට වාහනයක් ගන්න බැහැ. Leasing companies වලින් මට දැනට leasing facility දෙන්නෙ නැහැ. වෙන කෙනෙක්ගේ leasing එකක් මගේ නමට transfer කරන්නත් බෑ.
    වාහනයක් ගන්න දැනට මගේ අතේ ලක්ෂ 10ක් තියෙනවා. මාසෙට 80,000/= වගේ ගෙවන්න පුළුවන්.
    මම බැලුවේ වෙන කෙනෙක්ගේ නමට තියෙන leasing එකක් ගෙවා ගෙන යන විදියට car එකක් ගන්න. මේ ගැන ඔයාලගේ උපදෙස මොකද්ද? ඒ දේ නියමාකාරව කර ගන්න ඕන කොහොමද?
    Please Help.
     
    Last edited:

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    [/COLOR]credit cardඋබ පොල්ල තියල කියල දන ගත්තහම කවුද බං.. තමන්ගේ නමට තියෙන leasing එකක් විශවාස කරලා උබට දෙන්නේ.. උබට කරගන්න ඕනෙම නම්.. වාහනේ අයිති එකාට ඇපේට (ගෙයක් /ඉඩමක්) lawyer කෙනෙක් ගාව ලියල ගන්න tryකරපන්. ලක්ෂ 10 ක් ගෙවල ඉතුරු වෙන ගානට සමාන වටිනාකමක් තියෙන්න ඕනේ..

    :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.

    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.
     
    • Like
    Reactions: ncw1982

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    යාළුවනේ ඔයාලගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ.
    මට කාර් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් පරණ credit card කේස් දෙකකට මගේ නම CRIB report වෙලා තියෙන්නේ. (නමුත් මම දැනට ගෙවා ගෙන යනවා.)
    ඒ නිසා lease කරලා මට දැනට වාහනයක් ගන්න බැහැ. Leasing companies වලින් මට දැනට leasing facility දෙන්නෙ නැහැ. වෙන කෙනෙක්ගේ leasing එකක් මගේ නමට transfer කරන්නත් බෑ.
    වාහනයක් ගන්න දැනට මගේ අතේ ලක්ෂ 10ක් තියෙනවා. මාසෙට 80,000/= වගේ ගෙවන්න පුළුවන්.
    මම බැලුවේ වෙන කෙනෙක්ගේ නමට තියෙන leasing එකක් ගෙවා ගෙන යන විදියට car එකක් ගන්න. මේ ගැන ඔයාලගේ උපදෙස මොකද්ද? ඒ දේ නියමාකාරව කර ගන්න ඕන කොහොමද?
    Please Help.

    0-13.jpg
    tawat naya nowi tiyana 10n credit card repay karala leasing try karot mokada.
     
    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    [/COLOR]credit cardඋබ පොල්ල තියල කියල දන ගත්තහම කවුද බං.. තමන්ගේ නමට තියෙන leasing එකක් විශවාස කරලා උබට දෙන්නේ.. උබට කරගන්න ඕනෙම නම්.. වාහනේ අයිති එකාට ඇපේට (ගෙයක් /ඉඩමක්) lawyer කෙනෙක් ගාව ලියල ගන්න tryකරපන්. ලක්ෂ 10 ක් ගෙවල ඉතුරු වෙන ගානට සමාන වටිනාකමක් තියෙන්න ඕනේ..

    :yes:

    Credit card එකට පොල්ල තිබ්බේ නැහැ, තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවීම් කරන්න පරක්කු වුණා. පරක්කු වුණත් ඒ ගෙවීම් දැනට කරගෙන යනවා. ආර්ථික ප්‍රශ්න ඕනෑම මනුස්සයෙකුට එන්න පුළුවන්. නමුත්, යාළුවා ඔය විදියට, ඔය ක්‍රමයට පොල්ලෙන් ගැහුවා වගේ මිනිස්සුන්ට කතා කරන්න එපා.
    Leasing එකක් ගෙවාගෙන යන්න වාහනයක් ගන්න ගෙවල් ඉඩම් ලියල දෙන්න ඕන නෑ යාළුවා. leasing එක ගෙවාගෙන යන්න අපහසු සමහර අය ඒක ගෙවාගෙන යන්න පුළුවන් අයට දෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
    මමත් ඒකට කැමති අය කීප දෙනෙකුටම කතා කරා. එයාල කවුරුවත් කිව්වේ නැහැ ගෙවල්, ඉඩම් ලියල දෙන්න කියල. එයාල අද වුණත් ඒ දේ කරන්න කැමතියි.
    නමුත්, මට දැන ගන්න ඕන වුණේ, මගේ පැත්තෙන් අවධානම අඩු වෙන විදියට කොහොමද ඒ දේ කරන්නේ කියලා.
    ඒ වගේ ගැටළුවකට හොඳ පිළිතුරු දෙන්න පුළුවන් උගත්, බුද්ධිමත් සාමාජිකයෝ ඉන්නවා කියල මම දන්නවා.
    නමුත් මම කීයටවත් හිතුවේ නැහැ කුහකකමින්, උද්දච්ඡ කමින්, ඊර්ෂ්‍යාවෙන්, ද්වේෂයෙන් මිරිකුණු පහත් මනුස්සයෙක් මෙහෙම reply එකක් දාවි කියලා.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Card eka gewala CRIB clearance ekak daganin :yes: card eka gewanna bari umba leasing gewai da ? :rolleyes:
     
    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.

    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    බොහොම ස්තුතියි සහෝදරයා ඔයාගේ උපදෙස් වලට. මම දන්නවා ඔයා වගේ වටින මිනිස්සු මේ එළකිරියේ ඉන්නවා කියලා.
     
    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Card eka gewala CRIB clearance ekak daganin :yes: card eka gewanna bari umba leasing gewai da ? :rolleyes:

    මිනිස්සු ගැන ඔය විදියට වින්ශ්චය කරන්න එපා සහෝදරයා. අද තියෙන සල්ලි හෙට නෑ. අද කෝටිපතියා හෙට හිගන්නා වෙන්න පුළුවන්. මිනිස්සු පහත් කරල කතා කරන්න පුරුදු වෙන්න එපා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    Credit card එකට පොල්ල තිබ්බේ නැහැ, තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවීම් කරන්න පරක්කු වුණා. පරක්කු වුණත් ඒ ගෙවීම් දැනට කරගෙන යනවා. ආර්ථික ප්‍රශ්න ඕනෑම මනුස්සයෙකුට එන්න පුළුවන්. නමුත්, යාළුවා ඔය විදියට, ඔය ක්‍රමයට පොල්ලෙන් ගැහුවා වගේ මිනිස්සුන්ට කතා කරන්න එපා.
    Leasing එකක් ගෙවාගෙන යන්න වාහනයක් ගන්න ගෙවල් ඉඩම් ලියල දෙන්න ඕන නෑ යාළුවා. leasing එක ගෙවාගෙන යන්න අපහසු සමහර අය ඒක ගෙවාගෙන යන්න පුළුවන් අයට දෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
    මමත් ඒකට කැමති අය කීප දෙනෙකුටම කතා කරා. එයාල කවුරුවත් කිව්වේ නැහැ ගෙවල්, ඉඩම් ලියල දෙන්න කියල. එයාල අද වුණත් ඒ දේ කරන්න කැමතියි.
    නමුත්, මට දැන ගන්න ඕන වුණේ, මගේ පැත්තෙන් අවධානම අඩු වෙන විදියට කොහොමද ඒ දේ කරන්නේ කියලා.
    ඒ වගේ ගැටළුවකට හොඳ පිළිතුරු දෙන්න පුළුවන් උගත්, බුද්ධිමත් සාමාජිකයෝ ඉන්නවා කියල මම දන්නවා.
    නමුත් මම කීයටවත් හිතුවේ නැහැ කුහකකමින්, උද්දච්ඡ කමින්, ඊර්ෂ්‍යාවෙන්, ද්වේෂයෙන් මිරිකුණු පහත් මනුස්සයෙක් මෙහෙම reply එකක් දාවි කියලා.

    අනේ බන් මම එහෙම උබට අපහාස කරන්න හිතාගෙන නෙමෙයි එහෙම කිව්වේ..සමාවෙයන් හිතරිදුන නම්. මම දන්න දෙයක් තමයි ඔය කිව්වේ.. හැබැයි උබට හොද උත්තරයක් කෙනෙක් දීල තිබ්බා... ඒකෙන් මම දන්නේ නැති දේකුත් ඉගෙන ගත්තා.. තරහ වෙන්න එපා මචන් ... අයෙත් කියනවා සමාවෙයන් හිතරිදුන නම්.
     
    • Like
    Reactions: Plusky