අනේ යකෝ ඔවා රෙපායාර් කරන්නම් ඒ LED එකට හරියන LED එකක් replace කරන්න ඕනේ නැතුව එක ගලවලා වොට් කලා කියන්නේ අනිත්වට high operation voltage එකට වැඩි voltage එකක් එක. දවසක් දෙකක් පත්තු වෙලා අනිත් LED යන එක තමා වෙන්නේ ඊට පස්සේ.
LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ
ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා
ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට
මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා
V=IR
ඔතන තියෙන්නේ 12 හරි 24v circuit එකක්. උබ ඔය වොට් කරලා වෙනස් කරන්නේ R value එක. අනිත් එක voltage divider rule එක. උබට බැහැ voltage එක වෙනස් නොකර LED එකක් අරන් කරන්න බැහැ. අනිවා වෝල්ටර් එක වැඩි වෙනවා.
LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි.
Voltage divider rule එක දාන්න පුලුවන්
LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා.
සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන්
අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන්
කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ