LEGENDARY MULLERIYA BATTLE ~ ඓතිහාසික මුල්ලේරියා මහා සංග්‍රාමය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    LEGENDARY MULLERIYA BATTLE ~ ඓතිහාසික මුල්ලේරියා මහා සංග්‍රාමය



    Legendary Mulleriya Battle

    53c823f9c0187.jpeg



    ඓතිහාසික මුල්ලේරියා මහා සංග්‍රාමය


    කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
    යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
    මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා




    මේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව තොලග රැව්දුන් කවියකි. එහි එක් පදයකින් කියවුණේ ‘මුල්ලේරියා වේලේ වතුර ලෙයට හැරවුණා‘ යනුවෙනි.
    මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ රාසිං දෙවියන් හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතරය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක නම් උප රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ කෝට්ටේ හෙවත් ප්‍රධාන රාජධානියේ එවක නීත්‍යනුකූල රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජතුමාගේ නියමය පරිදි එසේ කරන්නේය යැයි ප්‍රකාශ කරමිනි මෙම ඓතිහාසික සංග්‍රාමයේදී ටිකිරි කුමරුගේ හමුදා අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.


    53c823904d93d.jpg



    ඓතිහාසික පසුබිම

    1562 වර්ෂය වන විට පරංගි නොහොත් පෘතුගීසි ජාතිකයන් කොලොම්තොට එනම් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගෙන මහත් තර්ජනයක්ව තිබුණි. මේ වන විට ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රාජ්‍ය හෙබවූ බුවනෙකබාහුගේ රජුගේ මුණුබුරු දොන් ජුවන් ධර්මපාල වූ අතර ඔහුගේ ‍දෙමව්පියන් වූයේ වීදිය බණ්ඩාර හා සමුදදේවී ය.
    මෙකල සීතාවක රාජ්‍යත්වය දැරූයේ බුවනෙකබාහු රජුගේ මළණුවන් වූ මායාදුන්නේ රජතුමා වූ අතර සුප්‍රසිද්ධ ටිකිරි කුමාරයා යනු ඔහුගේ පුතණුවන් ය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ කොට්ටේ රාජ්‍ය හා සීතාවක රාජ්‍ය අතර යුධ ගැටුම් ඇතිවිය. මේ අතර සීතාවක රාජධානිය මෙකල ප්‍රභලතම රාජධාණිය වූ අතර එයට මූලිකම සාධකය වූයේ 12 වැනි වියේ සිටම යුද බිමේ මහා දස්කම් පෑ ටිකිරි කුමරුය. අති දක්ෂ අශ්වාරෝහකයෙකුවූ ටිකිරි කුමරු කුඩා කල සිටම අංගම් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස ප්‍රකට ය.



    රන්කඩු පත්තිනි දේවාලය

    53c8235b126cb.jpg


    මෙලෙස පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස් වු අතර සියලූ අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහිදී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය. රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට ඛෙනයක් ඇසුරින් සකසා ගත් පැරණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැවු “නම් පොත“ ලෙස හඳුන්වන පුරාණ ග්‍රන්ථයේ ද මෙම ස්ථානය —“කඩු දෙවොල“ ලෙස හඳුන්වයි.
    මෙසේ කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය —රන්කඩු දෙවොල ලෙස හැඳින්වේ. සිංහලයෙහි විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයක දී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැ වු එම යුද ජයග්‍රහණය රාජාවලය ආදී ග්‍රන්ථයන්හි ස්‍රදහන් වී තිබේ. කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වු මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්‍රදාය නොකඩා එම චාරිත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වා ගෙන එයි.



    53c8242f2338f.jpg


    ටිකිරි කුමාරයා


    රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ. (රාජාවලිය)

    උපුටා ගත්තේ මුල්ලෙරියාව.ඔඅර්ජි එකෙනි.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    oka amataka wenna tama sudda mulleriyawe pissan kotuwak damme.ada lamayek gen ahapan mulleriyawa gana.kiyayi pissan kotuwa gana takkgala.ape minissunge modakam:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල ..අපේ ඉතිහාසය හුගක් උන් දන්නේ නැහැ .අපේ දේවල්වලට අපේම උන් ගරහන්නේ මෙනිසයි .තවත් සමහරු උන්ට කිසිම අතීතයක් නැති නිසා අපේ දේවල් වලට ඉරිසියාවෙන් ගරහනවා .අපේ උන්ට අපේ ඉතිහාසය කියල දෙන එක ලොකු දෙයක්

    රේප් +4
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මරුසිරා;16906581 said:
    එල එල ..අපේ ඉතිහාසය හුගක් උන් දන්නේ නැහැ .අපේ දේවල්වලට අපේම උන් ගරහන්නේ මෙනිසයි .තවත් සමහරු උන්ට කිසිම අතීතයක් නැති නිසා අපේ දේවල් වලට ඉරිසියාවෙන් ගරහනවා .අපේ උන්ට අපේ ඉතිහාසය කියල දෙන එක ලොකු දෙයක්

    රේප් +4

    :cool: