LEGENDARY MULLERIYA BATTLE ~ ඓතිහාසික මුල්ලේරියා මහා සංග්‍රාමය
Legendary Mulleriya Battle
ඓතිහාසික මුල්ලේරියා මහා සංග්‍රාමය
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා
මේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව තොලග රැව්දුන් කවියකි. එහි එක් පදයකින් කියවුණේ ‘මුල්ලේරියා වේලේ වතුර ලෙයට හැරවුණා‘ යනුවෙනි.
මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ රාසිං දෙවියන් හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතරය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක නම් උප රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ කෝට්ටේ හෙවත් ප්‍රධාන රාජධානියේ එවක නීත්‍යනුකූල රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජතුමාගේ නියමය පරිදි එසේ කරන්නේය යැයි ප්‍රකාශ කරමිනි මෙම ඓතිහාසික සංග්‍රාමයේදී ටිකිරි කුමරුගේ හමුදා අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්රවාදයේ කියැවෙයි.
ඓතිහාසික පසුබිම
1562 වර්ෂය වන විට පරංගි නොහොත් පෘතුගීසි ජාතිකයන් කොලොම්තොට එනම් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගෙන මහත් තර්ජනයක්ව තිබුණි. මේ වන විට ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රාජ්‍ය හෙබවූ බුවනෙකබාහුගේ රජුගේ මුණුබුරු දොන් ජුවන් ධර්මපාල වූ අතර ඔහුගේ දෙමව්පියන් වූයේ වීදිය බණ්ඩාර හා සමුදදේවී ය.
මෙකල සීතාවක රාජ්‍යත්වය දැරූයේ බුවනෙකබාහු රජුගේ මළණුවන් වූ මායාදුන්නේ රජතුමා වූ අතර සුප්‍රසිද්ධ ටිකිරි කුමාරයා යනු ඔහුගේ පුතණුවන් ය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ කොට්ටේ රාජ්‍ය හා සීතාවක රාජ්‍ය අතර යුධ ගැටුම් ඇතිවිය. මේ අතර සීතාවක රාජධානිය මෙකල ප්‍රභලතම රාජධාණිය වූ අතර එයට මූලිකම සාධකය වූයේ 12 වැනි වියේ සිටම යුද බිමේ මහා දස්කම් පෑ ටිකිරි කුමරුය. අති දක්ෂ අශ්වාරෝහකයෙකුවූ ටිකිරි කුමරු කුඩා කල සිටම අංගම් ශාස්ත්රයේ ප්‍රවීණයෙක් ලෙස ප්‍රකට ය.
රන්කඩු පත්තිනි දේවාලය
මෙලෙස පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස් වු අතර සියලූ අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහිදී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය. රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට ඛෙනයක් ඇසුරින් සකසා ගත් පැරණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැවු “නම් පොත“ ලෙස හඳුන්වන පුරාණ ග්‍රන්ථයේ ද මෙම ස්ථානය —“කඩු දෙවොල“ ලෙස හඳුන්වයි.
මෙසේ කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය —රන්කඩු දෙවොල ලෙස හැඳින්වේ. සිංහලයෙහි විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයක දී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැ වු එම යුද ජයග්‍රහණය රාජාවලය ආදී ග්රන්ථයන්හි ස්‍රදහන් වී තිබේ. කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වු මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්රදාය නොකඩා එම චාරිත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වා ගෙන එයි.
ටිකිරි කුමාරයා
රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප්රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ. (රාජාවලිය)
උපුටා ගත්තේ මුල්ලෙරියාව.ඔඅර්ජි එකෙනි.

Last edited: