Lenagiri Aranya Senasanaya

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    Lenagiri Aranya Senasanaya, Kabaragala - සිත නිවන තැන


    2693192_orig.jpg


    මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන සුවිශේෂිත ආරණ්‍ය සේනාසනයක් ගැනයි. ආරණ්‍යයක් කියන්නේ මොකක්ද කියලා දන්නවානේ. ස්වාමීන්වහන්සේලා වනගතව භාවනානුයෝගිව වැඩ හිදින ස්ථානයට තමයි ආරන්‍යක් කියලා කියන්නේ. බොහෝ විට මේ සදහා යොදාගන්නේ මිනිස් වාසයෙන් තොර දුෂ්කර ගල්ලෙන් එකක් හෝ කිහිපයක් සහිත වනාන්තරයි.

    අද අපි කියන්න යන ලෙනගිරි අරණ්‍ය සේනාසනය පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මීටර් 600 ක් පමණ උස්වූ කබරගල කදු ගැටයේ. වැදගත් කරුණු කිහිපයක් නිසා මේ ස්ථනය විශේෂිතයි


    9847245_orig.jpg
    5559894_orig.jpg
    5245760_orig.jpg

    කොළඹ සිට කළුතර හරහා හෝ මතුගමට පැමිණ, එතැන ඉදලා මීගහතැන්න බොරලුහෙන හරහා තවලම මාර්ගයේ මේ මනරම් පුණ්‍ය භූමියට ඔබට පැමිණෙන්න පුළුවන්. මිට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් එනවනම් කුරුදුගැහැතක්ම අන්තර් හොවමරුවෙන් පිටවී ඇල්පිටිය, පිටිගල හරහාද මේ අරණ්‍යට ඔයාලට එන්න පුළුවන්.

    පිටිගල බොරළුහේන හන්දියෙන් තවලම පාරට හරී කිලෝමීටර් 8 ක් විතර ගියාම හමුවෙන ලෙනගිරි මාවතේ තවත් කිලෝමීටර්යක් විතර ගියාම කබරගල කන්ද පාමුල තියෙන ලෙනගිරි පන්සල හමුවෙනවා. එතන සිටත් අරණ්‍යට දුෂ්කර මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 3 ක් විතර කන්ද නගින්න ඕනි. කන්ද නගින්න තියෙන පාර දුෂ්කර උනත් පරිසරයේ සිසිලස හා කුරුල්ලන්ගේ මිහිරි හඩත් නිසා ඒ දුෂ්කර විඩාබර ගතිය දැනෙන්නේ නෑ.

    9372286.jpg
    8697440.jpg
    2563482.jpg

    5572805.jpg
    7128768.jpg

    6102344.jpg


    ඈත අතීතයේදී රහතන්වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටි මේ භුමිය පසුකලෙක විදිය බණ්ඩාර සෙන්පතියා රහසිගතව සැගව සිට යුධ සැලසුම් කිරීම අවිආයුධ නිෂ්පාදනය හා සේනා සංවිධාන කටයුතු සිදුකර ඇති බවට පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබෙනවා.

    වීදියබණ්ඩාර සෙනවියා තවත් හේවායින් විසිදෙනෙකු සමගින් යුධ කටයුතු මෙහෙයවූ නිසා කලක් හේවාවිස්ස ලෙස හැදින්වූ මේ ප්‍රදේශයට දැන් කියන්නේ ඉහල හෙවෙස්ස කියලයි. බස්නාහිර හා දකුණු පළාත් වෙන්කරන මායිම් ගලද මේ කබරගල කන්දේ පිහිටා තිබීම විශේෂත්වයක්. අපි මේ කතාව ඇත්තද කියලා බලන්න GPS එකත් යොදා ගත්තා. මේ මායිම ඉතාමත් නිවැරදිව ලකුණු කරලා තියෙන බව අපි එකෙන් හොයා ගත්තා.


    1342441.jpg
    2231365.jpg


    අදටත් භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ හිදින මේ පුණ්‍ය භුමිය වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට සිතට අමුතු හැගීමක් ඇති කරන බව නම් අනිවාර්යෙන් කියන්න ඕනි. එක වචනයෙන් විස්තර කරන්න බෑ. ඔයාලත් ගිහිල්ලම බලන්න.

    4657327.jpg
    3934401.jpg
    4775198.jpg



    ලෙනගිරි ආරණ්‍ය සේනාසනය ​ තුල විශාල ප්‍රමාණයේ ගල් ලෙන් 15 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඉහල ජෛව විවිධතවයකින් යුතු මේ කබරගල කන්ද තුල පුරාණ ඖෂධ උයනක් ඇතුළුව ලංකාවට ආවේනික ශාක හා සත්ව විශේෂ රාශියක් දැක ගැනීමට හැකියාව තිබෙනවා.

    වර්ෂ 2007 සිට පුජ්‍ය කුරුණෑගල සමිත හිමියන්ගේ අනුසාශකත්වයෙන් වැඩ කටයුතු සිදු කරන ලෙනගිරි ආරණය සේනාසනය තුල භික්ෂුන් වහන්සේලා 50 නමකට පමණ නේවාසිකව වැඩහිදීමේ පහසුකම් තිබෙන අතර, මේ වනවිට භික්ෂුන් වහන්සේලා 30 නමක් පමණ අරණ්‍ය තුල වැඩ හිදිනවා. තවද මෙම ආරණ්‍යට අනුබද්දව අම්බලන්ගොඩ නගරයේ ශ්‍රී අශෝකාරාම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ද පිහිටා තිබෙනවා.

    ලෙනගිරි ආරණ්‍ය සේනාසනය ගැන වැඩි විස්තර මේ වෙබ් අඩවියට ගිහින් ඔයාලට බලන්න පුළුවන් http://bit.ly/lenagiri

    සටහන : ලසිත් වීරකෝන්