Leyland ඉතිහාසය

dam91

Member
Jul 31, 2016
49
17
0
picture.php



මොනවා හරි EK එකේ ලියන්න ඔනේ කියලා හිතුනා :yes:

ලේලන්ඩ් සමාගම සම්බන්ධව ලියන ඉතාමත්
කෙටි සටහනකුයි මේ

අද අපි කවුරුත් දන්න Ashok Leyland කියන සමාගමේ මව් සමාගම එ කියන්නෙ
Leyland Motors Limited ආරම්භ කරන්නෙ හරියටම මිට අවුරුදු 120 පෙර,එ කියන්නෙ 1896 දි,එ එන්ගලන්තයේ වයඔ ප්‍රදේශයේ Leyland කියන නගරයේ.මෙම ව්‍යාපාරය 1968 දක්වා ලොරි සහ බස් නිශ්පාදනය කරන ව්‍යාපාරයක් ලෙස ස්වාධිනව පැවතුනා,1968 වර්ශයෙන් පස්සෙ ලේලන්ඩ් සීමාසහිත ව්‍යාපාරය British Motor Corporation නමින් 1952 වර්ශයෙදි බ්‍රිතාන්‍ය Morris Motors Limited සහ Austin Motor Company Limited දෙක සුසංයෝග වි හැදු නමුත් පසුව 1966 වර්ශයෙදි British Motor Holdings නමින් නැවත නම් කල සමාගම සමග එකාබද්ධ වි British Leyland Motor Corporation ආරම්භ කරනවා.මේ එකාබද්ධ වන අවස්ථාව වන විට British Motor Holdings සමාගම යටතේ සීමාසහිත මොරිස් මොටර්ස්,සීමාසහිත ඔස්ටින් මොටර් සමාගම,සීමාසහිත ප්‍රෙස්ඩ් ස්ටිල් සමාගම (Pressed Steel Company Ltd) සහ සීමාසහිත ජගුවාර් කාර්ස් තිබුනා.එසේම Leyland Motors Limited යටතේ ට්‍රයම්ප් මොටර් සමාගම සහ රෝවර් සමාගම තිබුනා.

1968 වර්ශයෙදි ආරම්භ කල British Leyland Motor Corporation ව්‍යාපාරය 70 ව දශකයේ අග භාගය වන විට කළමනාකාරිත්වයේ අඩු පාඩු නිසාම බොහෝ ගැටලු වල මුහුණ දෙන්න ගන්නවා.1986 දි මේ මහා යෝධ අර්ධ රාජ්‍ය (අර්ධ රාජ්‍ය වුයේ 1975 න් පසුවයි,1975 අර්ධ රාජ්‍ය වුවායින් පසුව British Leyland Motor Corporation ව්‍යාපාරය British Leyland නමින් වෙනස් වි ඇති බවත් කිව යුතුයි) ලේලන්ඩ් ව්‍යාපාරය Rover Group PLC නමින් නැවත නම් කරනවා,මෙම සමුහය අවුරුදු 14 ක් මෙම ව්‍යාපාරය මේ නමින් කරගන යනවා,2000 වර්ශයෙදි Rover Group PLC MG Rover Group නමින් නැවත නම් කරනවා,මේ හවුලත් 2005 අප්‍රේල් මාසයේ කැලි කැලි වලට කැඩිලා ඉවරටම ඉවර වෙනවා.මෙය බ්‍රිතාන්‍ය අයත් අවසාන මහා පරිමාණ මොටර් රථ නිශ්පාදකයා ලෙස හැඳින්වෙනවා.

British Leyland යටතේ පැවති Jaguar Land Rover සමාගම ඉන්දියාවේ TATA සමාගමටත් Mini (marque) එක ජර්මනියේ BMW සමාගමටත් MG,Austin,Morris සහ Wolseley (marques) චිනයේ සීමාසහිත SAIC Motor සංස්ථාවටත් දැනට අයත් වෙනවා,අනිකුත් කුඩා කොටස් බ්‍රිතාන්‍ය සහ බිතාන්‍ය නොවන විවිධ සමාගම වලට අයත් වෙනවා.

ඉන්දියාවේ
Ashok Leyland එක ගැන මොකුත් කිව්වෙ නැ නේ තාම :)

අද තිබේන
Ashok Leyland ව්‍යාපාරය ආරම්භ උනේ 1948 දි Ashok Motors කියන නමින්,ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රන්තයේ උපන් ඉන්දියාවේ නිදහස් අරගලයට උර දුන් රගුනාදන් සාරන් නැමති පුද්ගලයෙක් විසිනුයි,"Ashok" ඔහුගේ එකම පුතාගේ නම බව කියනවා.ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය ඔස්ටින් මොටර් රථ ඉන්දියාවේදි එකලස් කර විකිණිමටලු,ලංකාවේ ගොඩක් අය මෙහෙම එක්ලස් කරලා ලංකාවට ආපු ඔස්ටින් රථයක් දැකලා නැතුව ඇති,මමත් දැකලා නැ හැබැයි මගේ මිත්‍රයෙක් ලඟ තිබේනවා,මාතර.රගුනාදන් සාරන් ඔය අතරෙදි ගුවන් අනතුරකින් මිය යනවා,නමුත් ඔහු මිය යන්න කලින් බ්‍රිතානයේ Leyland Motors Limited සමග තාක්ශනික ගනුදෙනුවක් සඳහා කතා බස් කරමින් සිටි බව සඳහන් වෙනවා,ඔන්න ඔය හෙතුව නිසා 1954 වර්ශයෙදි මදුරාසියේ ප්‍රන්ත රජයේ සහ අනිකුත් කොටස්කරුවන්ගේ මැදිහත් විමෙන් Leyland Motors - Ashok Motors සමග එකතු වෙනවා,ඔන්න ඉට පස්සෙ තමයි Ashok Leyland විදියට නම වෙනස් වෙන්නෙ.

Lanka Ashok Leyland එක ගැනත් මොනවා හරි කියන්න ඔනේ නේ.LAL ආරම්භ වන්නෙ 82-1983 ජේ.අර් ජයවර්ධන මහතාගේ පාලන සමයේ,එ ශ්‍රි ලංකා රජයේ සීමාසහිත ලංකා ලේලන්ඩ් (Lanka Leyland) සමග Ashok Leyland සමාගම ලේලන්ඩ් රථ ලංකාවේ එක්ලස් කිරිමට සහ යම් යම් කොටස් මෙහෙදිම නිශ්පාදනය කිරිමට අවබෝධතා ගිවිසුමක් ගැසුවයින් පස්සෙයි.

Ashok Leyland
ලංකාවට එන්න කලින් ලංකාවේ
Lanka Leyland නමින් රාජ්‍ය ආයතනයක් තිබුනා අදටත් එම ආයතනය කර්මාන්ත හා වාණිජ ආමාත්‍යාංශය යටතේ තිබේනවා.

Lanka Leyland
එක්ක
Ashok Leyland එකතු වෙලා තමයි ඔන්න Lanka Ashok Leyland හැදුවේ.

පරණ ඉන්දියන් ලේලන්ඩ් බස් වල හරිම ලස්සන සැර සද්දයක් තිබ්බා,එ සද්දෙ එන්ගලන්තයේ නිශ්පාදනය කරපු පරණ ලේලන්ඩ් බස් ලොරි වලත් තියෙනවා,නමුත්
Ashok Leyland HINO තාක්ශනය ගත්තාට පස්සෙ ඔය හඬ බාල උනා,දැන් එන එවාගේ අර ලස්සන හඬ ඇත්තෙම නැ නෙද ? මට ලස්සන උනාට ගොඩක් අයට කරදර සද්දයක් වෙන්නත් පුලුවන්.:D



මෙන්න එ සද්දෙ :D

ලේලන්ඩ් ගැන මොනවා හරි වැදගත් දෙයක් සඳහන් වෙලා කියලා හිතෙනවා නන් BUMP එකක් හරි අදහසක් හරි දාල යන්න :) ස්තුති.

Save
Save
Save
Save
Save
Save
Save
Save
 
Last edited:

dam91

Member
Jul 31, 2016
49
17
0
ලේලන්ඩ් එකට හිනෝ එන්ජිම හම්බවෙලා තියෙන්නෙත් 80 ගණන් වලමයි බන්. හිනෝ H සීරීස්.

ow 80 ganan wala thama oya negotiations walata awith thiyenne godak 90 passe wage gahapu ewage Hino enna atthe,eth lankawata awurudu 15 kalin apu ewageth Hino na samahara ewage mama danna widiyata
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ow 80 ganan wala thama oya negotiations walata awith thiyenne godak 90 passe wage gahapu ewage Hino enna atthe,eth lankawata awurudu 15 kalin apu ewageth Hino na samahara ewage mama danna widiyata

    ඔව් ඔව් G නම්බර් එහෙම තියෙනවා පරණ බ්‍රිටිෂ් එන්ජිම තියෙන