Li-Fi_Wi-Fi_වලට_වඩා 100 ගුණයක් වේගවත්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    Li-Fi_Wi-Fi_වලට_වඩා 100 ගුණයක් වේගවත්

    Wi-Fi වලට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi


    Wi-Fi වල ඉදන් Li-Fi වලට මාරු වෙන්න කාලේ හරි වගෙයි නේද. නමුත් ඒකට නම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද Li-Fi තාම පරීක්ෂණ මට්ටමෙයි පවතින්නේ. Li-Fi කියන්නේ වර්තමානයේ පවතින Wi-Fi වල සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයක් වේගවත් තාක්ෂණයක්. ප්‍රථම වතාවට මෙය විද්‍යාගාරයෙන් පිටත පරික්ෂා කර තිබෙනවා, රැහැන් රහිත විශ්මය දනවන වේගයක් ලබාගනිමින් එය සාර්ථක වී තිබෙනවා.


    li-fi-wireless-internet-technology.png

    Li-Fi කියන තාක්ෂණය රැහැන් රහිත දත්ත හුවමාරුව සඳහා ආලෝකය යොදා ගන්නවා. කෙටියෙන් කිවහොත් Li-Fi කියන්නේ Wi-Fi සඳහා වූ අධිවේගී විකල්පයක්. වසරේ මුල විද්‍යාගාරය තුල විද්‍යාඥයයන්ට හැකියාව ලැබුනා තත්පරයට ගිගා බිට්ස් 224 ක දත්ත හුවමාරු වේගයක් මේ හරහා ලබා ගන්නට. මේ තාක්ෂණය වෙළඳපොලට පැමිණි විට අපි දැනට අන්තර්ජාලය භාවිතා කරන ආකාරය වෙනස් වෙනවා නොඅනුමානයි. Velmenni නම් සමාගමක් සමත් වුනා මේ තාක්ෂණය විද්‍යාගාරයෙන් පිටතට ගෙන සැබෑ ලෝකයට ගෙන එන්නට.

    ගිගා බයිට් 1 ක දත්ත ප්‍රමාණයක් තත්පරයක් තුල සම්ප්‍රේෂණය කරන්නට මෙහිදී සමාගම සමත් වී තිබෙනවා. මේ වේගය Wi-Fi හරහා ලබා ගත හැකි සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයකට වැඩියි. Wi-Fi සංඥා මෙන් නොව, Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි. එබැවින් වඩා වැඩි ආරක්ෂාවක් සැලසෙනවා.

    මේ Li-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයයකු වන Harald Haas විසින් 2011 වසරේදීයි. ඔහු විදුලි බුබුලක් රැහැන් රහිත router එකක් ලෙස භාවිත කිරීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ඔහු 2011 වසරේදී සිදු කල එම කතාව පහත වීඩියෝවෙන් දැක්වෙනවා.





    TechGuru-New-Logo-90.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕව පට්ට ස්පීඩ් උනාට වැඩක් නෑනෙ මාසෙට ලැබෙන්නෙ සොච්චං GBs ප්‍රමානයක් නිසා
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි.