5 සැරයක් හරි ගිහින් කර ගනින්. උබ යන ලර්නස් එකෙ කැමති වෙලාවක ගිහින් පුරුදු වෙන්න බැරිද බන්. ?
වැන් විතරක් නෙමෙයි. වීල්, බයික් එහෙමත් පදින්න පුරුදු වෙන්න. බයික් එකක් කියලා ගොඩක් තැන්වල දෙන්නේ ජාතියේ Ranomoto Wave බයික් එකක්. ඒකේ හැඩල් එක 360ටම කරකවන්න පුළුවන්. ඒවත් එදාට ගිහින් පදින්න ලෑස්ති වෙන්න එප. උබ කොච්චර වාහන පැදලා පළපුරුද්ද තියන වැඩ්ඩෙක් උනත් එක සැරයක්වත් පදින වාහනේ පැදලා බලපන්. යාළුවන්ගෙ වාහන, කැබ් සර්විස් එකෙන් ගන්න වාහන වගේ ස්මූත් විදියට ඒ වාහන පදින්න බෑ. මට ලැබිච්ච බයික් එකේ ගියර් එක කඩන්න සෑහ්න තදින් පාගන්න ඕනි බන්. 8 ගහන ගමන් ඕවාගේ කේස් එකක් ආවම, ඒ වෙලේ තියන බයට සමහරු ෆේල් වෙනවා. අනික 8 ගහද්දි තවත් බයික් එකක් අනිත් පැත්තෙන් එවනවා. කකුල් බිම තියවුනොත් ඒත් ෆේල් කරනවා. වෑන් පදිද්දි 3 වෙනි ගියර් එකෙන් උඩ දැම්මත් ෆේල් කරනවා., 50ට වැඩිය ගියත් ෆේල් කරනවා. මේවගේ දේවලුත් ඔලුවේ තියා ගනින්.