මට 9 වසරේ ඉඳන් වගේ social phobia තිබුනා. කොහොමහරි මම එක පාරක් psychiatrist කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මට කිව්වේ ඔයාගෙ personality එක අවුලක් නෑ self confidence මදි කියලා තමයි කීවේ. දැන් මට 29ක් වෙනවා. ඒ වුනාට මට හිතෙනවා තාම මම confident නෑ කියලා. මම එහෙම කියන්නෙ මොකද තාම මට පිරිසක් ඉස්සරහ හැසිරෙන්න අමාරුයි. පිරිසක් පාලනය කරන්න අමාරුයි. නෑදෑයෝ කට්ටියක් ආවත් මම ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ අඩුවෙන්. තාම කෙල්ලෙක් හොයාගන්නෙත් නැත්තෙ මට හිතෙනවා මට බැරිවෙයි කියලා මගේ gf හරි wife එක්ක කට්ටිය ඉස්සරහ ඉන්න. ඔන්න ඔය බය මට ලොකුවටම තියෙනවා. සාමාන්යෙන් ඉද්දි පොඩ්ඩක් හරි ෂේප් කරගන්න පුළුවන් කියමුකෝ. ජොයින්ට් එකක් එහෙම ගැහුවොත් උතුර දකුණ මාරු වෙනවා, panic වෙනවා, කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා, කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා. සමහරවිට මම ඒ ගැන හිතනවා වැඩි වෙන්නත් පුළුවන්.
මට ඕනේ confident මනුස්සයෙක් වෙන්න. ලෙවල් එක අප් කරගන්න. ඕන මනුස්සයෙක් ඉස්සරහ බය නැතුව කතා කරන්න. දැන් තියෙන ප්‍රශ්නේ කතා කරන්න ගත්තත් ඒ conversation එක දිගට අරගෙන යන්න බෑ. මේක මට මහා වදයක් වෙලා තියෙන්නෙ දැන් මට. තව අවුරුදු 2,3 කින්වත් මේක හදාගන්න පුලුවන්ද? මොකද මට මුළු ජිවිත කළෙම මෙහෙම ඉන්න බෑ . මම කොහොමද මේ දේවල් හදාගන්නෙ?