Limitless Season 01 බැලුවද.?

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගොඩක් Movie reviews එලකිරියෙ දාල තියෙනව මම දැකල තියෙනව. :yes::yes::yes:

    Y7b8T84.jpg


    මමත් අද tv series එකක් ගැන review එකක් දාන්න තමයි මේ නූල ලියන්නෙ. මේ කියන්න යන්නෙ Limitless tv series එක ගැන. (නූලෙ නම දකින්න ඇති නෙ.. ) :cool::D:P

    MV5BMTA4ODE4NjA5ODleQTJeQWpwZ15BbWU4MDUxMTQ0NTYx._V1_SX640_SY720_.jpg

    මේක telecast වුනේ ගිය අඟහරුවාදා (15) ඇමෙරිකාවෙ CBS නාලිකාවෙ. ඒ කියන්නෙ මේක brand new series එකක්. Limitless movie එක බලන්න ඇති නෙ කස්ටිය නේද..? අර පෙත්තක් බීල මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරගෙන තමන්ගෙ වාසියට වැඩ කරගත්ත පොරකගෙ කතාව.. අන්න ඒ කතාවම නව මානයකට යොමුකරන්න මේ tv series එකට හැකි වෙලා තියෙනව කියන්න පුලුවන්. :love:

    limitless-poster-7-540x331.jpg

    මේ තියෙන්නෙ Limitless Movie එක. බලල නැත්තං බලන්න. සිරා.:yes::yes::)


    කතාව.
    1වෙනි කොටස පටන් ගන්නෙ police chase එකකින්. බ්‍රයන් වැරදි තැනක, වැරදි වෙලාවට සිටිය නිසා පොලිසිය බ්‍රයන්ව මිනීමැරුමකට සැක කරනව. සැකය වැඩි වෙන්නෙ බ්‍රයන් තට්ටු ගානක් උඩ සිට මීනීමැරුම වූ ස්ථානයෙන් පැන දුවන නිසයි. මෙය දකින පොලිසිය මොහු ලුහුබඳින අතර, මහාමාර්ගයේදී වාහන පැමිනෙන වේගය ගනනය කර මොහු පොලිසිය මගහැර පලා යනව. බ්‍රයන් ගෙ තාත්තා අසනීප වෙන්නෙ බ්‍රයන් සහ සහෝදරයන් සහභාගී වෙන රෑ කෑමකදී. බ්‍රයන්ට ස්ථිර රැකියාවක් නැති නිසා (ක්ලබ් එකක ගිටාර් වාදකයෙක් ලෙස තාවකාලික රැකියාවක් කරයි.), ස්ථිර රැකියාවක් සොයා යන ගමනේදී ඔහුට document controller ලෙස ආයතනයක රැකියාවක් ලැබෙනව. හදිසියේ මෙතැනදී පැරණි මිතුරෙක් හමුවන ඔහුට බ්‍රයන් තමන්ගේ අසීරුතාවන් පවසා සිටිනව. ඔහු බ්‍රයන් ව සනසා ඔහුට තෑග්ගක් ලෙස විනිවිද පෙනෙන බෙහෙත් පෙත්තක් වැනි යමක් දෙනව (NZT), "මෙය ඔබගේ ජීවිතයම වෙනස් කරාවි" කියා. එය මත්ද්‍රව්‍යක් යැයි සිතා බ්‍රයන් එය ප්‍රතික්ශේප කරන අතර, මිතුරා එය මත්ද්‍රව්‍යක් නොවන බව පවසා සිටීමෙන් අනතුරුව අකමැත්තෙන් වුවද බ්‍රයන් එය පාවිච්චි කරනව. එතැනින් පසුව සිදුවන දේ ඔබට මෙය නැරඹීමෙන් පසුව බලාගන්නට හැකි වේවි.. ඔක්කොම කියන එක හොඳ නෑනෙ..:yes::yes::rolleyes::P:eek:



    රඟපාන කස්ටිය.


    MV5BMTU0Mzg4MDgzNl5BMl5BanBnXkFtZTcwMDkxNzIwMw@@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    Bradley Cooper : එඩී (මූ තමයි ෆිල්ම් එකටත් ඉන්නෙ. බ්‍රයන් ගෙ පිටිපස්සෙන් ඉන්නෙ මූ තමයි.):yes::yes::P

    MV5BMjE0MjUzOTUyOV5BMl5BanBnXkFtZTgwMjc0NjMwNTE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    Jake McDorman : බ්‍රයන් ෆින්ච් (මේ පොර Live Free or Die Hard ඒ වගේම American Sniper ෆිල්ම් එකෙත් රඟපාල තියෙනව.):rolleyes:

    MV5BMTA3Mzk2NTk0MDReQTJeQWpwZ15BbWU3MDQ1MDQyNzY@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    Jennifer Carpenter : රෙබෙකා (ඩෙක්ස්ටර් ගෙ සහොදරී Debra Morgan, ඩෙක්ස්ටර් බලපු කට්ටියට මතක ඇති නෙ..):)

    dexter_1310284_616.jpg

    Dexter Tv Series poster :love::cool:

    MV5BMTM3NzY2NjE0MF5BMl5BanBnXkFtZTcwMTgwNDc4OA@@._V1_SX640_SY720_.jpg

    Blair Brown : මෙයා තමයි බ්‍රයන් ගෙ අම්ම විදියට රඟපාන්නෙ. (මෙයා Fringe tv series එකේ Nina Sharp විදියට රඟපෑවා.තව, lost tv series එකෙත් රඟපාල තියෙනව.) :yes::yes:
    MV5BMTc5NDk1NzU0MF5BMl5BanBnXkFtZTcwMDQ1ODA1OA@@._V1_SX640_SY720_.jpg


    තව මේ වගේ නළු නිලියො බොහෝ දෙනෙක් මේ series එකේ ඉන්නව.;)
    Limitless S01E01 720p මෙතනින් බාගන්න. direct links : 720p mkv 322MB


    ඊලඟ නූලේදි මේ වගේම අලුත් විද්‍යා ප්‍රබන්ධ (sci-fi) tv series එකක review එකක් බලාපොරොත්තුවන්න.


    මතක ඇතුව ඉදිකට්ටක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා. ජයවේවා..!!
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    අද මුලින්ම ෆිල්ම් එක බැලුවා.ඊට පස්සේ එපිය බැලුවා.හොඳයි වගේ.