Linux Class
මම ලිනක්ස් ඉගෙන ගත්තෙ කොහුවල සිලෝන් ලිනක්ස් එකෙන්. දැන් බොහොම කල්, මේ ත්‍රෙඩ් එකේ තියන දේවල් තනියෙන් හදාරපු ඒවා මගේම අදහස්. මේකෙ ගොඩක් ප්‍රායෝගික විදියට ලිනක්ස් ගැන මූලික දැනුමක් ලබාගන්න දාන කරුණු තියෙන්නෙ. ඒක හින්ද එදිනෙදා අපිට වැදගත් වෙන විදියෙ දේවල් විතරක් අහන්න.
ලින්ක්ස් කියන්නෙ ඕපන් සෝස්(open Source) කියන කුලයට සොෆ්ට්වෙයා ඇතුලත් වෙන මෘදුකාංගයක්, ඒත් අපි දන්නව ඕනෙම වැඩසටහනක ඒකේ සැලැස්ම , වැඩසටහන් සැකිල්ල බලාගන්න පුලුවන් නම් ඒක සංස්කරණය කරන්න පහසු වෙනව. ලිනක්ස් ඉගෙන ගනිද්දි දැනගන්න ඕනෙ වැදගත්ම දේ, ඕයගොල්ලො එදිනෙදා පාවිච්චියට ගන්න මෘදුකාංග පමණක් භාවිතා කරනව නන් ලිනක්ස් ඔයගොල්ලන්ට එච්චර වැදගත් වෙන්නෙ නෑ. ඒත් පරිඝණක දෘඩාංග හා ජාලකරණය (Hardware & Networking) කරනවනන් අද ලිනක්ස් නැතුව ඉදිරියට යන්න බැරි වෙයි මොකද ලොව සෑම සුපිරි පරිඝණක මෙහෙයුම් පද්ධතියක්ම ලිනක්ස් මගින් ක්‍රියාත්මක වෙන හින්ද.
Sources:-Top_10_supercomputers
History
ලිනක්ස් හදන්න මුල් වුනේ යුනික්ස්(UNIX) කියන මෘදුකාංගය, එක භාවිතාකරපු ලිනුස් ටොර්වාල්ඩ්ස් කියන පරිඝණක ඉංජිනේරුවා නිසා. වින්ඩෝස් වලයි ලිනක්ස් වලයි තියෙන මූලික වෙනස තමයි වින්ඩෝස් කියන්නෙ Proprietary software එකක්, ඒක හරියට කෙනෙක් ගෙඩිපිටින් අපිට දෙන දෙයක් , ලිනක්ස් එහෙම නෙවෙයි, අපිට ලිනක්ස් කර්නල් එකේ ඉඳන් customize කරන්න පුලුවන් ඕපන් සෝස් නිසා.
Linux Kernel
මෙහෙම හිතමු ලින්ක්ස් කර්නල් එක කියන්නෙ වාහනයක එන්ජින් එකක් වගේ. ඒකෙචැසිය,ගියර් බොක්ස්, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් වැඩකරනෙ වැඩකරන්නෙ එන්ජිම වැඩ කරන හින්ද .මේ ලිනක්ස් කර්නල් තමයි ඔපරේටින් සිස්ටම් එක.එකේ ආධාරයෙන් ඒක තමයි අනික් හැමදේම යුනික්ස් වගේ වැඩ වැඩකරන්නෙ. සාමාන්‍යයෙන් වාහනක් එලවන්න යතුරක් ඕනෙ වගේ රූට් පාස් වර්ඩ් එකක් තියනව ඒක මගින් ලිනක් වල මේ කර්නල් එකට අදාල වැඩසටහන් හැන බලන්න පුලුවන්, හැම ලිනක්ස් එකක්ම රූට් පාස්වර්ඩ් එක දෙන්නෙ නෑ මොකද යූසර් දැනුවත් වෙන්න ඕනෙ ඒ ගැන
Linux system Structure
මුල ඉඳල බැලුවොත් ඉස්සෙල්ලම ෆයිල් සිස්ටම් එක
ඊට පස්සෙ කර්නල් එක
ඊට පස්සෙ ශෙල්(Shell) ඒකියන්නෙ
Bourne Shell
C Shell
TC Shell
Korn Shell
(මේව අපිට බලන්න්න බෑ)
ඇප්ලිකේෂන්(Application) ටික
ඒකියන්නෙ උබුන්ටු, ෆෙඩෝරා, සුසේ, මේගොල්ලො හදන සොෆ්ට්වෙයර් ටික.
මෙතන උබුන්ටු වලට පැකේජ් හදන්නෙ (ඒකින්නෙ වෙරිෆයි කරපු සොෆ්ට්වෙයා) Debian ඒවා DEB පැකේජ්.
"ෆෙඩෝරා" වලට පැකේජ් හදන්නෙ Red-had ඒවා RPM පැකේජ්
"සුසේලගේ" පැකේජ් Tar.gz, Tar.bz2 කියන compress කරපු ෆයිල්
GUI ඒක
තමයි අපි දකින්නෙ. හැබැයි මේකට කියන්නෙ x සර්වර් කියන එක "nouveau" කියල ඩ්‍රිවෙර් එකක් ,අපිට යූසර් ඉන්ටර්ෆේස් කියන එක නැත්තන් මවුස් /අනික් පිරෆෙරල් කොම්පෝනන්ට්ස් බලාගන්න බෑ. ඒ වෙලාවට ඔක්කොම කරන්නෙ command line interface - DOS වගේ
Themes
ඊටත් උඩින් තමඉ අපි දකින ලස්සන පිංදූර තියන Theme එන්නෙ. ඒක අපිට මාරු කරගන්න පුලුවන්. මේ තීම්ස් වලට x සෙර්වෙර් කියන එක බලපානව.
මේ තීම්ස් වලට ඩ්‍රයිවර් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.
gNome(ubuntu, fedora,mint)..etc
KDE plasma(kubuntu),
unity
xfce(Xubuntu)
LXDE(Lubuntu)
ලිනක්ස් වල ඉස්සරහට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන විදිය, ඇතිවෙන ගැටළු ආදිය ගැන කථා කරනව ප්‍රායෝගික විදියට , ඒකට ලිනක්ස් පාවිච්චි කරන අයත් (නිතරම එලකිරියට එන ) සහයෝගය දෙන්න.
Last edited:

..
