Linux Tip #1 - Terminal History එක

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    ලියන්න ගොඩක් දේවල් තිබුනත් කාලෙකින් මුකුත් ලියන්න උනේ නෑ වැඩ වැඩි නිසා. ලොකු පොස්ට් ලියන්න වෙලාවක් වෙන් කරගන්න අමාරු නිසා අලුත් වැඩක් පටන් ගත්තා, Linux Tip කියලා. linux ගැන පොඩි පොඩි tips තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. මුකුත් නොලියනවට වැඩිය පොඩි පොඩි දේවල් හරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා. එහෙනම් දැන් බලමු මේ මොකද්ද කියලා.

    සාමාන්‍යයෙන් linux os එකක terminal එකෙන් ගොඩක් දේවල් කරගන්නවා කියලා හැමෝම දන්න දෙයක්නේ. app එකක් install කරගන්න, local repositories update කරගන්නවා වගේ වැඩ වල ඉඳලා bash programming වල ලොකු ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්. අපි terminal commands වලින් කරගන්න වැඩ ආයෙත් බලන්න පුළුවන් history command එකෙන්. මුලින් අපේ සේරම commands බලන්න පුළුවන් උනත් කල් යද්දී, ඒ කියන්නේ අපි terminal එකෙන් කරන වැඩ වැඩි වෙද්දී අපිට සේරම commands බලන්න බැරුව යනවා. මොකද terminal එකේ view වෙන්නේ ටිකක් විතරයි. මේ කියන්නේ සේරම commands එක සැරේ අරගන්න විදිය. මේ commands තියෙන්නේ .bash_history කියලා file එකක.

    Code:
    cp /home/user-name/.bash_history /home/user-name/myhistory.txt

    මෙතන user-name කියන තැනට ඔයාගේ username එක දාලා terminal එකේ code එක run කරන්න. /home/user-name location එකේ myhistory කියලා text file එකක් හැදිලා ඇති. එහෙනම් Linux Tip #2 අරන් එනකං ගිහින් එන්නම්.


    Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer


    FOSS වලට ජයවේවා !!

    මගේ බ්ලොග් එක පැත්තත් ඇවිත් යන්න :lol::)
     
    Last edited: