.LK Domain Name Registration must not belong to one person

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Read this in a Sinhala Blog - http://lankanthoughts.blogspot.com/2009/08/lk.html.

    If you cant see the Sinhala Unicode Fonts..Get it From Here - Fonts.lk

    ------------------------
    මේක ගැන අදහස් දක්වලා නඩුවක් වැ‍ටෙයිද දන්නේ නෑ. ඒත් රටේ සම්පත් කියන්නේ ‍භෞතිකව පේන්න තියෙන ඒවා විතරක් නෙවෙයි කියලා අපේ පරම්පරාවේ වැඩි දෙනෙක් දන්න නිසා (අපිව පාලනය කරන පරම්පරාව මේක දන්නවනම් මෙහෙම වෙන්න දෙන එකක් නෑ) මේ ගැන අදහසක් ලියන්න හිතුවා.

    අපේ ර‍ට වෙනුවෙන් වෙන්වුණු domain name එක .lk කියලා කවුරුත් දන්නවනේ. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පවත්වාගෙන යන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ domain name එක යටතේ තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ එය වෙබ් අඩවියට නීත්‍යානුකූල බවක් මෙන්ම දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති කරවන්න‍ක් නිසයි.

    මේ domain name එක ලංකාවට වෙන්වුණේ අද ඊයේ නෙවෙයි. මේක ‍හුඟාක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ පාලනය යටතේ පවතින එකක් බව මට මේ ගැන සොයා බැලීමේදී දැන ගන්න ලැබුණා. ඒක කොයි තරම් දුරට සත්‍යයක් ද කියලා මම හරියටම දන්නේ නැති වුණත් (ඒ ගැන පර්යේෂණ කරන්න තරම් වෙලාවක් නෑනේල කරුමෙට.) හැබැයි මේක රාජ්‍ය ආයතනයකට මුවා වෙලා කරන දෙයක් බවයි දැනගන්නට ලැබුණේ. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය විසින් අදාල registrations පාලනය වන බව දැනගන්නට තිබුණත් ඒක කොයිතරම් දුරට ඇත්තක් දැයි සැකයක් තියෙනවා. ඒ මේක පාලනය වෙන්නේ විශ්වවිද්‍යාලය විසින් නම් ඒ සඳහා තවත් ආයතනයක් company act යටතේ පිහිටුව තිබෙන්නේ කුමක් සඳහා ද කියන එකත් ගැටලුවක්. මේකේ අධ්‍යක්ෂකවරු විදියට මම අර කලින් කී පුද්ගලයා හැර තවත් ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ නම් දකින්නට තිබෙනවා. සොය බැලිය යුත්තේ මේ company act යටතේ register කරලා තිබෙන ආයතනය අයත් වෙන්නේ රජයටද එහි ආදායම් (වැට් බද්ද හැර) හෝ ලාභ රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලැබෙනවාද කියලයි.

    නාමිකව මොරටුව විශ්ව විද්‍යාලයය හා ඒ ආචාර්යවරුන් මේකට involve වුණත් මෙහි සම්පූර්ණ ආදායමම පාහේ (සොච්චමක් හැර) යන්නේ මම ඉහත කී මහාචාර්යවරයාගේ අතට බවයි මේ ගැන තොරතුරු පැවසූ අයගේ අදහස වුණේ.

    මේක පැහැදිලි වෙන එක මූලික දෙයක් තමයි ලංකාවේ .lk domain name registrations කරන http://www.nic.lk වෙබ් අඩවියේ contact details වලට තිබෙන්නේ එක පුද්ගල යොමුවක් පමණක් වීම. මේකේ විශ්ව විද්‍යාලය තියෙන්නේ අදාල පුද්ගලයා එතන වැඩ කරන නිසා විතරයි කියලයි මට නම් හිතෙන්නේ.


    -----------------------------------------------------------------------------------------------
    E-mail: [email protected]
    Snail Mail: LK Domain Registrar, C/O Dr. Gihan Dias, Dept. of Computer Science and Eng. University of Moratuwa
    Tel: +94 114 216061, +94 114 219124 ,+94 112 650 301 Ext.3141
    Fax: +94 114 216068 ATTN: Dr. Gihan Dias / Hostmaster, .lk Domain Registry
    Web: http://www.nic.lk/
    ------------------------------------------------------------------------------------------------

    දැනගත්ත විදිහට මේ පුද්ගලයා රටවල් වලට domain නාම වෙන් කරපු කාලයේ ඒ කටයුත්තට සම්බන්ධ වෙලා ඒක විශ්වවිද්‍යාලයය භාවිතා කරලා අරගෙන තියෙනවා. ඒ කාලේ මේ විෂය ගැන දැනගෙන හිටපු කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි මොහු.

    තත්ත්වය මොකක් වුණත් මගේ අදහස නම් මෙවැනි සම්පත් විශ්ව විද්‍යාල වල හෝ තනි පුද්ගලයෙකුගේ බූදලයක් නොවිය යුතු බවයි.

    මේ රටේ තරංග භාවිතය නියාමනය කරන්න ආයතන තියෙනවා වගේ මෙයටත් රාජ්‍ය ආයතනයක් පිහිටුවා එය නියාමනය කළ යුතු බවයි මගේ අදහස.

    අපිට මේ සම්බන්ධව පාඩම් ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමයි ඉන්දියාව.

    ඉන්දියාව මේ කටයුත්ත වෙනුවෙන් IN Registry කියලා ආයතනයක් නිර්මාණය කරලා තියෙනවා National Internet eXchange of India (NIXI) කියන ලාභ නොලබන ආයතනය යටතේ. මේක තියෙන්නේ Ministry of Communications and Information Technology එකේ Department of Information Technology යටතේ.
    http://www.registry.in

    මිළ ගණන් වල තත්ත්වය බලා ගන්න පුලුවන් අපිට sites දෙක compare කළාම. අහසට පොළොව ‍වගේ නේද ?
    http://www.registry.in/policies/
    http://www.nic.lk/facts.html

    මේ ගැන තව දුරටත් හොයලා බලමු. මේක නිවැරදි කරවිය යුතු තරමේ වැරුද්දක් නම් මේ පිළිබඳව මොනවා හරි කරන්න අපිටත් බැරි වෙන එකක් නැහැ.

    -------------

    what r your views on this ?
     
    Last edited:

    CSE.Talk.lk

    Member
    Jan 13, 2010
    9
    0
    0
    Good job! Are you still working on this? You are 100% correct LK registration should be under government institution like company registrar. Other thing is should not exceed the price of .com domain.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,960
    99,339
    113
    oYJ1hTS.png


    meka non profit organization ekak ehema nan mekata lebana sali walata une mokada kiyana eka aniwa public document ekak widiyata thiyena oni.