LKTips - Sinhala Meaning Tooltip Dictionary Chrome extension

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    QG24gIN.jpg


    LKTips - Sinhala Meaning Tooltip Dictionary Chrome extension එක්ස්ටෙන්ෂන් එක දැන් ගූගල් ක්‍රෝම් වෙබ් ස්ටෝර් එකේ හොයාගන්න නෑනේද? විකල්පයක් හම්බ වුනාද? එහෙනම් මේක ට්‍රයි කරලා බලන්න.​



    1.මේ ලින්ක් එකෙන් ෆයිල් එක බාගන්න. Link

    2.බාගත්තු ZIPෆයිල් එක Extract කරගන්න. LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary කියලා ෆෝල්ඩර් එකක් හැදෙන්නේ.

    3.දැන් යන්න ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකට(මම ට්‍රයි කලේ ක්‍රෝම් එකට විතරයි.අනිත් ඒවායේ කරලා බලන්න.).

    4.ක්‍රෝම් එකේ දකුණු කෙලවරේ තිත් තුන උඩ ක්ලික් කරලාම එන ඩ්‍රොප් ඩවුන් මෙනුවේ More tools වලට ගිහින් එතනින් Extensions තෝරන්න.

    r7piPRJ.png





    5.Extensions ටැබ් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති Developer mode ඕන් ඕෆ් බටන් එක.ඒක ඕන් කරන්න.

    JJq91GH.png





    6.Developer mode ඕන් කලාම Load unpacked ,Pack extension ,Update කියලා ඔප්ෂන් තුනක් එකක් බාර් එකක් මතු වෙයි search extension ෆීල්ඩ් එකට යටින්.

    KKiQcGX.png





    7.එතනින් Load unpacked ක්ලික් කරලා ඇතුලට යන්න.ඇතුලට ගියාම අපි කලින් Extract කරපු LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න.එතකොට Extension එක ලෝඩ් වෙයි.


    UxCrBVg.png



    ixj6wmJ.png


    MfWAv7k.png


    8.මේ වගේ තමයි ලෝඩ් වුනාම පේන්නේ.Errors කියන එක එච්චර ගණන් ගන්න ඕනේ නෑ.ඒක තිබුණත් අපේ වැඩේ කෙරෙනවා.දැන් ඉතින් කලින් වගේ නොදන්න ඉංග්‍රීසි වචනයක් ගාවට මවුස් පොයින්ටර් එක අරන් ගිහින් බලන්න.

    EeLC5Mt.png



    මාත් අද තමයි මේක ට්‍රයි කලේ.ඒ හින්දා මොන මොන ලෙඩ එයිද කියන්න බෑ.ක්‍රෝම් එකේ නම් ඉස්සර වගේම වැඩ ..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එලියෙන් දාගන්න extension දාල වැඩ කරනවනම් privacy ගැන සැලකිලිමත් වෙන්න.
    ඔය වගේ tool හැම page එකකටම access permission ගන්නවනෙ.
     
    • Wow
    Reactions: NRTG