Lnkawe උග්‍ර_විෂ ගෝනුසු විශේෂයක්‌

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Lnkawe උග්‍ර_විෂ ගෝනුසු විශේෂයක්‌

    උග්‍ර විෂ ගෝනුසු විශේෂයක්‌ හඳුනා ගැනේ



    Snickers.jpg



    මේ දින වල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති -ගෝනුස්‌සෙකු පිළිබඳව පුවතක්‌ යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. පලාලි, කරෙයිනගර් හා අච්චුවේලි යන ප්‍රදේශවලින් වාර්තා වූ අන්දමට ගෝනුස්‌සෙකු සපාකෑමෙන් මිනිසුන් මරණයට පත්වන බවත් එම සත්වයා මාරාන්තික විෂ සහිත බවත් දැනගන්නට ලැබේ. අප නිතර දකින කලු පැහැති විශාල ප්‍රමාණයේ ගෝනුස්‌සාට වඩා බොහෝ සෙයින් රූපීයව වෙනස්‌ ස්‌වරූපයක්‌ (කුඩා) ගන්නා මෙම සත්වයා සාමාන්‍ය ජනව්‍යවහාරයේ -කිරිගෝනුස්‌සා ලෙස හැඳින්වේ. ඒ ඔහු අනෙක්‌ ගෝනුස්‌සන්ට වඩා අවර්ණ බවක්‌ (සුදු පැහැති) පෙන්වන නිසාය. අප මේ සොයායන්නේ එම මාරාන්තික විෂ සහිත ගෝනුස්‌සාවය.

    යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍ය නන්දන දිනමිත්‍ර හා සිවපාලන් සිවන් සුදන් යන මහත්වරුන් හට පරීක්‌ෂා කිරීමට ලැබුණු රෝගීන් කිහිපදෙනෙකු මෙම ගෝනුස්‌සාගේ දෂ්ඨනයට ලක්‌ වී ඇත. නිවැරදි හඳුනා ගැණීමක්‌ කිරීමට අපහසුවූ හෙයින් එම වෛද්‍යවරුන් මෙම සත්වයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්ය සෑම් කුලරත්න මහතා වෙත යොමුකර ඇත. ඒ මහතා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ක්‌ෙෂ්‍රaත්‍රයේ විශාරදයෙක්‌ ලෙස ප්‍රකටය. කෙසේ වෙතත් ඔහු මෙම සත්වයාගේ ජීවී හා අජීවී සාම්පල කිහිපයක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ මහාචර්ය කිත්සිරි රනවණ මහතා වෙත යොමුකර ඇත්තේ වැඩි දුර පරීක්‌ෂණ කටයුතු සඳහාය.

    යාපනය රෝහලේ වෛද්‍ය දිනමිත්‍ර හා වෛද්‍ය සිවපාලන් යන මහත්වරුන්ගේ මහත් වූ අවධානය හේතුවෙන් මෙම හඳුනානොගත් ගෝනුසු විශේෂය පිළිබඳව මාතෘකාව කරලියට පැමිණ ඇත, මාස කිහිපයක පර්යේෂණ හා සංසන්දනය කීරීම් ගනණාවකින් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේදී සිදුකරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් දැනට ශ්‍රී ලංකාවේ වාර්තා වන උග්‍ර විෂ සහිත ගෝනුසු විශේෂය මෙය බවට තහවුරු කරගෙන ඇත. වැඩිදුරටත් මෙය තහවුරුකර ගැණීම සඳහා චෙක්‌ ජනරජයේ අදාල විෂය සම්බන්ධ ප්‍රවීණයෙකු වන µeන්ටිස්‌ක්‌ කෝවරික්‌ මහතා වෙත වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව සත්වයාගේ අජීවී සාම්පල යවා ඇත. ඔහුගේද අවසාන නිගමණයවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායම මඟින් කරන ලද සොයා ගැනීම ඉතා නිවැරදි බවයි.

    මහාචාර්ය කුලරත්න හා මහාචාර්ය රණවන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කරන ලද පර්යේෂණයන්ට අනුව නිකුත් කරන ලද First Report on Hottentottatamulus(Scorpiones: Buthidae) from Sri Lanka, and its Medical වාර්ථාවට අනුව මෙම ගෝනුසු විශේෂය මින් පෙර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයෙන් වාර්ථා වී ඇත. කෙසේ වුවත් මෙම සත්වයා මෙරටට සංක්‍රමණය වූ ආකාරය පිළිබඳ තවමත් ගැටලුවක්‌ පවතියි. ධීවර කටයුතු සඳහා භාවිත කරන විවිධ ආම්පන්න සමගින් හෝ ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහණය කළ යම් යම් උපකරණ සමග හෝ මෙම සත්වයා මෙරටට සංක්‍රමණය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පර්යේෂකයන්ගේ අදහස වී තිබේ. 2006, 2007 හා 2009 වර්ෂ වලදී එක්‌ රෝගියෙකු බැගින් යාපනය රෝහලට වාර්තා වී ඇති අතර 2003 වර්ෂයේදී මෙම සත්ත්වයාගේ දෂ්ඨකිරීම හේතුවෙන් කුඩා ළමුන් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බව එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි. වැඩිදුරටත් එම වාර්තාව දක්‌වන පරිදි 2012 ජනවාරි මස සිට 2013 පෙබරවාරි මස දක්‌වා මෙම ගෝනුස්‌සා දෂ්ට කිරීම් හේතුවෙන් රෝගීන් 80 ක්‌ වාර්තා වී ඇත. එය ප්‍රතිශතයක්‌ ලෙස 52% ක්‌ ගැහැණු සහ 48% ක්‌ පිරිමි අය වශයෙනි. මෙයින් 30% පමණ වයස අවුරුදු 3ත් 12ත් අතර ළමුන් බවත් මෙම සත්වයා වාර්තා වූ ප්‍රදේශයන්හි නිවෙස්‌ ආශ්‍රිතව නිතර ගැවසෙන කුඩා ළමයින් හා කාන්තාවන් බහුල වශයෙන් මෙම සත්වයාගේ දෂ්ඨනයන්ට ගොදුරු වන බවත් එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.

    මෙම සත්වයා පිළිබඳව දැන් පැනනැගී ඇති ගැටලුව වනුයේ මොහුගේ ව්‍යාප්තිය, සාමාන්‍ය ජනයා කෙසේ මෙම සත්වයා හඳුනා ගන්නේ ද හා දෂ්ඨනයකදී කළ යුතු සුදුසුම දෙය කුමක්‌ද යන්නය. වෛද්‍ය දිනමිත්‍ර හා වෛද්‍ය සිවපාලන් යන මහත්වරුන් ප්‍රකාශ කරන අන්දමට මෙම ගෝනුස්‌සෙකු දෂ්ඨ කළ වහාම රෝගියා රෝහල් ගත කළ යුතුය. ක්‌ෂණිකව ක්‍රියාත්මක නොවුවහොත් රෝගියාගේ ජීවිතය පිළබඳව දැඩි අවධානමක්‌ ඇතිවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතය හා නිගමනය වී ඇත. අනෙක්‌ අනතුර වනුයේ මෙම ගෝනුස්‌සා වාර්තා වූ ප්‍රදේශ වල සිට වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහණය කරන වැලි සහ අනෙකුත් බඩුබාහිරාදිය සමග මෙම සත්වයා වෙනත් ප්‍රදේශයන් කරා පැතිර යාමට ඇති අවධානම් සහගත තත්වයයි. බාහිර ස්‌වරූපයෙන් කෙසේ හෝ හඳුනා ගත්ත ද මෙම සත්වයා ප්‍රාමාණිකව කුඩා හෙයින් ඔහුගෙන් ඇති වන අනතුර නම් සුලුකොට තැකිය නොහැක. යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍ය නන්දන දිනමිත්‍ර හා වෛද්‍ය සිවපාලන් සිවන්සුදන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්ය සෑම් කුලරත්න හා සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රනවණ, ඉරෝනි නාගසේන හා චෙක්‌ රාජ්‍යයේ µeන්ටිස්‌ක්‌කෝ වරික්‌ යන පිරිස මෙම පර්යේෂණය මෙහෙයවන ලදී.

    සංජීව ජයරත්න,
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය




    babycurusjacksoni11.jpg


    213210851760caaecd35o.jpg


    bjacksonibrood3i4ib.jpg

     
    • Like
    Reactions: smad

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කිරි ගෝනුස්සා කියන එකා මම කෑගල්ලේදී දැකලා තියෙනවා.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මෙහෙන් අහස උසට ජීවන වියදම. ඒ මදිවට දැන් ගෝණුස්සො! අයියෝ සල්ලි...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015