#LockDownSL

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
එහෙම තත්වයක් නැ ඔක්කොම අසාධිතයො ඩිරෙක්ට් කන්ටැක් වලින් ආසාධිත පිරිස් .. බය වෙන්ඩ එපා මැතිවරණෙට කලින් ලෙඩ හොද කරන්ඩ ෆුල් ට්‍රයි අපි..
:lol::lol::lol:

ඇයි කර්ෆිව් දැම්මෙ :lol:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එහෙම තත්වයක් නැ ඔක්කොම අසාධිතයො ඩිරෙක්ට් කන්ටැක් වලින් ආසාධිත පිරිස් .. බය වෙන්ඩ එපා මැතිවරණෙට කලින් ලෙඩ හොද කරන්ඩ ෆුල් ට්‍රයි අපි..
    උබ ෆුල් ට්‍රයි කරන්නෙ ලෙඩ හොඳ කරන්නද? මැතිවරනෙ තියන්නද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දානව කිවෙ දවස් 2 3කට කලින් ඉදන් දැක්කෙ නැද්ද මගෙ කමෙන්ට්???

    මේවා මහ බලු වැඩ එදා වේල හොයා ගන්න රෑට පාරට බහින සහෝදර සොහහෝදරියන්ට මෙහෙම කරලා ඒ අයගෙ ළමයි බඩ ගින්නෙ තියන එක ද ඔයාලගෙ මහලොකු සෑර්ගෙ ප්‍රතිපත්තිය ලැජ්ජයි හලෝ.

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    anna pavithra wanni kiwwa lock down karanne na kiyala

    palath matamin thama tempory karanne kiwwa

    news just in SLRC live now :)

    මේවා මහ බලු වැඩ එදා වේල හොයා ගන්න රෑට පාරට බහින සහෝදර සොහහෝදරියන්ට මෙහෙම කරලා ඒ අයගෙ ළමයි බඩ ගින්නෙ තියන එක ද ඔයාලගෙ මහලොකු සෑර්ගෙ ප්‍රතිපත්තිය ලැජ්ජයි හලෝ.

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3XS2NgS.png
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මේවා මහ බලු වැඩ එදා වේල හොයා ගන්න රෑට පාරට බහින සහෝදර සොහහෝදරියන්ට මෙහෙම කරලා ඒ අයගෙ ළමයි බඩ ගින්නෙ තියන එක ද ඔයාලගෙ මහලොකු සෑර්ගෙ ප්‍රතිපත්තිය ලැජ්ජයි හලෝ.

    Baya wenna epa ban Nomination ewara wenakan loku deyak karan na., 😀
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    Lock Down කිරීම යනු: ජනතාව කිසියම් නිශ්චිත ප්‍රදේශයකට ඇතුළු වීම හෝ පිටවීම වළකාලීමයි. ඒ හරහා හමුදාව සහ පොලිසිය හැරුණ විට රටේ අනෙකුත් සියල්ලන්ටම සිදුවන්නේ තමන්ගේ ගෙවල් ඇතුළට වී සිටීමටයි.

    චීනයේ වූහාන් පළාත රටෙන් පහළොවෙන් එකකටත් වඩා අඩු ප්‍රදේශයක්. ලෝකයේ සිටින අති විශාලතම හමුදාවට පුළුවන් අන්න ඒ කුඩා ප්‍රදේශයේ ජන ජීවිතයට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් ලබා දී සති දෙකක් ආරක්ෂා කරන්න. නමුත් ශ්‍රී ලංකාවම Lock Down කළොත් අපේ රටේ හමුදාව රටේම ජනතාවට ආහාර ආදී සැපයුම් ලබා දීමට ප්‍රමාණවවත් වේවිද..?

    රජය සහ රණවිරුවන් සියලුම පහසුකම් උපරිමයෙන්ම දීලත් නිරෝධායනය වෙන්න බෑ කියමින් සමහරු දඟලපු හැටි අපි ඔවුන්ගේ ලයිව් වීඩියෝ වලින් දැක්කා. ලංකාවේ මහ පොළොවේ දූවිල්ලලු, ඩබල් ඇඳන් වල ඉන්න බෑලු, ලංකාවේ රස්නේ වැඩියිලු. උදේට සැන්විච් කාලා මදිලු. ඉතින් හිතල බලන්න ලංකාව දවස් 14 කට වැහුවට පස්සේ, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ගියාම, බඩු මිල දහ ගුණයකින් වැඩි වුණාම අපේ රටේ මිනිස්සු කොහොම හැසිරේවිද?

    මුදල් ඇති අයට සති දෙකක් නොව මාස දෙකක් වුවද ‍රැකියාවක් නොකර ජීවත් වීමට පුළුවන්. වත් පොහොසත් සමහර අය දැනටමත් මාස දෙකකට විතර බඩු මිලදීගෙනයි තියෙන්නෙ. නමුත් එදිනෙදා සල්ලි හම්බ කරන දුප්පත් අහිංසක ජනතාවගේ තත්ත්වය කෙබඳු වේවිද… පාස්කු දින ප්‍රහාරය සමග දින කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පැනවීත් සමග සමහර දුප්පත් මිනිස්සුන්ට ආහාර හිඟ වුණ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සහ ෆාදර්ලා එකතු වී තමයි ඔවුන්ට හාල් ටික හෝ යැව්වේ. නමුත් දින 14 ක් Lock Down කළොත් දවස් කුලිය හම්බ කරගන්න උදවිය ජීවත් වෙන්නේ කෙසේදැයි ඔබ සිතා බලන්න. ෆේස්බුක් එකේ රට Lock Down කරන්න කියන කවුරුවක්වත් දවස් කුලිය හම්බ කරගන්න මිනිස්සු නෙමෙයි.

    අනෙක් අතට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පසුව දින කිහිපයක් ඇඳිරි නීතියට දැම්මාට අවශ්‍ය කෙනෙකුට පොලිස් අවසර පත්‍රයක් සහිතව ගමන් යාමට හැකියාව තිබුණා. අත්‍යවශ්‍ය සේවාවන් වැඩ කරනවා. එනමුත් සෞඛ්‍ය හේතුවක් මත රටම Lock Down කිරීමේදී අත්‍යවශ්‍ය සේවාවන් පවා අක්‍රීය කිරීමට සිදුවෙනවා. මන්ද යත් අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන අයට පවා රෝග වැළ‍ඳෙන්නට පුලුවන් වීම නිසයි.

    සති දෙකක් පුරාවටම රටේ පොදු කටයුතු කරන් යාම හමුදාවට සහ පොලිසියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා කරන සියලුම දෙනාගේ රාජකාරීන් අවශ්‍ය වෙනවා.

    රටම Lock Down කළහොත් විදුලි සේවකයන්ට රාජකාරියට එන්න වෙන්නේ නෑ. එවිට කිසියම් ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් හෝ විදුලි කාන්දුවක් හෝ විදුලි ‍රැහැනක් ගිණි ගැනීම සිදුවුවත් එවිට ඒ සඳහා අවශ්‍ය සේවකයන් නෑ.

    දුරකථන ‍රැහැන් නිතර අලුත්වැඩියා කරන්නට සිදුවෙනවා. ඉතින් දුරකථන සමාගම් වල සේවකයන් වැඩට ආවේ නැති වුණොත් දුරකථන මෙන්ම අන්තර්ජාල පහසුකම්ද ඇණ හිටීවි. එසේම අපට දුරකථන ඇමතුමක් ගැනීමටනම් දුරකථන සමාගම් වල සේවකයන් අදාල පරිගණක පද්ධතීන් ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන් වැඩට ආවේ නැති වූ විට රටේ සමස්ත සන්නිවේදන පද්ධතිය බිඳ වැටෙනවා.

    ඊගාවට ජල සැපයුම. උදේට ඇවිත් ස්විච් ඒකක් දානවාට වඩා විශාල ක්‍රියාවලියක් ජල සැපයුම් හා ජලාප්‍රවාහන ඒකකයේ සිදුවෙනවා. ඔවුන් ‍රැකියාවට නාවොත් ගෙවල් වලට වතුර නොලැබී යාවි.

    දවස් 14 ක් රටම Lock Down කළහොත් රටේ ජනතාව දවස් 14 ටම එක වර ආහාර ද්‍රව්‍ය මිලදී ගනී කියල හිතන්න බෑ. සමහරුන් සුපර්මාකට් වලදී පොර කමින් ගහ මරා ගනිද්දී, තවත් සමහරුන්ට එක වර සති දෙකකට බඩු ගන්න වත්කමක් නැති වෙන්න පුලුවන්. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැළෙන අයට තම රාජකාරිය අතපසු කර ශොපින් යන්නට නොහැකියි. අන්න ඒ නිසා සතොස ආදී රජයේ ආහාර සැපයුම් ජාලයන් පවත්වාගෙන යන්න බැරි වුණොත් අර මිනිස්සුන්ගේ පවුල් වල අයට බඩගින්නේ මැරෙන්නයි වෙන්නෙ.

    ඊගාවට බස් රථ වල රියදුරු මහතුන් ‍රැකියාවට නාවාම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. හදිසියකට ලෙඩෙක්ට බේතක් ගන්නවත් ඉස්පිරිතාලෙකට යන්න වෙන්නේ නෑ.

    ඉස්පිරිතාලෙකට පුද්ගලික වාහනයකින් යන්න හැදුවත් ඒ සඳහා තෙල් ‍රැස් කරන් නැති අයට ශෙඩ් වහල නිසා තෙල් නැති වෙනවා. මොකද කියනවානම් ශෙඩ් වල අය සහ තෙල් සංස්ථාවේ සේවකයන් ‍රැකියාවට එන්නේ නැති වීමෙන් සම්පූර්ණ තෙල් සැපයුම අඩාල වෙනවා.

    නගර පවිත්‍රකරණය සහ කසල බැහැර කිරීම ඇණ හිටීමෙන් ජනාකීර්ණ ප්‍රදේශ වල සහ මහල් නිවාස වල නිවෙස් වලින් දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා.

    රටේ විදේශ විනිමය හුවමාරු සිදු වන්නේ නෑ. මන්ද යත් මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම සම්බන්ධීකරණය කිරීමේ මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිගණක පද්ධතීන් මෙහෙයවන නිලධාරීන්ද ගෙවල් වලයි ඉන්නෙ. එවිට රටේ මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙවන් තත්ත්වයකදී සිතාගත නොහැකි ආකාරයේ විදේශ විනිමය උද්ධමනයක් සිදුවන්නට පුලුවන්.

    දැන් ඔබට සිතේවි, එහෙනම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා රට Lock Down කරන්න කියලා. එතකොට වෙන්නේ: විදුලිබල මණ්ඩලයේ අය වැඩ, ජල සැපයුමේ අය වැඩ, සතොස ෆුල් ඕපන්, සතොසෙන් විතරක් ඇරල තිබුණොත් එතන කිලෝමීටර් ගනන් පෝලිම් හැදෙන නිසා අනිකුත් කඩත් අරින්න කියන්න වෙනවා, එතකොට කඩ ඔක්කොම ඇරලා., දුරකථන සමාගම් වල අය වැඩ, රෝහල් සහ කාර්ය මණ්ඩල වැඩ, නගර පවිත්‍ර කරන කම්කරුවන් වැඩ, රටේ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සිදුකරන අය වැඩ. ඒ සියල්ලම ප්‍රවාහනය කිරීම සඳහා ලංගමේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය වැඩ, ලංගම ඇතුළු පෞද්ගලික ප්‍රවාහන වලට තෙල් ලබා දීමට ශෙඩ් වැඩ, හදිසියේ වාහන කැඩුණොත් කියලා වාහන රෙපෙයාර් කරන ගරාජ් වැඩ. මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ නිලධාරීන් වැඩ. වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය කොහොමත් වැඩ. බැලුවාම රටෙන් බාගයක්ම එලියට බහිනවානෙ. බැලින්නම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා Lock Down එකක් වෙන්නෙ නෑ.

    ඔන්න ඔය නිසා තමයි රජය විසින් තවත් දින 3 ක නිවාඩු කාලයක් ලබා දුන්නේ. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නොයෙලෙන, සිකුරාදා නිවාඩු ගත හැකි බොහෝ අය සිකුරාදාත් වැඩට යන්නේත් නැති අතර, එවිට සති අන්තයත් සමගම තවත් අමතර දවස් 3 ක් නිවාඩුයි. එවිට පසුගිය ඉරිදා සිට දින 8 ක් එක දිගටම නිවාඩු තිබෙනවා.මීට අමතරව ගුවන්තො‍ටුපොළද සති දෙකකට වසා දමා තිබෙනවා.

    එහිදී මුදල් ඇති ආහාර ‍රැස් කරගෙන ඉන්න අයට පුලුවන් ගෙවල් ඇතුලටම වෙලා ඉන්න. කවුරුවත් බලෙන් ගේ ඇතුළට එන්නේ නෑ. රට Lock Down නොකිරීම නිසාම ‍රැකියාවට එන්න පුලුවන් වුණ දුරකථන සමාගම් වල සේවකයන් පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීම හේතුවන්, නිවසට හෝ තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන අන්තර්ජාල පහසුකම භාවිතා කරමින්, රට Lock Down කළ යුත්තේ ඇයි කියල ෆේස්බුක් එකේ තර්ක කරන්න ඒ අයට පුළුවන්.

    නමුත් එදිනෙදා රස්සාවක් කරලා කුලියක් මලියක් කරගන්න අයට සහ, විදුලිය, ජලය, සන්නිවේදන, ප්‍රවාහන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, වෙළඳ, බලශක්ති, ඉන්ධන, අනෙකුත් අත්‍යවශ්‍ය සේවා යන අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන අයට, අර රටින් ආපු සමහර අය වගේ වගකීම් විරහිතව හැසිරෙන්නේ නැතිව නිසි පරිදි මුහුණු ආවරණ පැළඳගෙන රාජකාරීන් කළ හැකියි.

    අද රටේ ජනාධිපතිව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේකම් වරයා. රටේ අග්‍රාමාත්‍යව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ජනාධිපති වරයා. රටේ හමුදාපතිව සිටින්නේ යුද බිමටම ගොස් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියාව පරළොව යැවීමට සේනාව මෙහෙයවූ 58 සේනාංකයේ සේනාධිපතිවරයා. මේ අය සෞඛ්‍ය සහ ආරක්ෂක සේවයේ ඉහළතම බුද්ධිමතුන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉතාමත් විද්‍යානුකූලව කොරෝනා මර්දනය සඳහා කටයුතු සිදුකරනවා. විදෙස් සංචාරකයින් විසින් ශ්‍රී ලංකා රජයේ කොරෝනා මර්දන යාන්ත්‍රණය මහ ඉහළින් වර්ණනා කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කාලයේදී ආරක්ෂාකාරීව සංචාරය කිරීමට වඩාත් සුදුසු රටක් ලෙසට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේත් රජයේ මෙම විධිමත් වැඩපිළිවෙළ නිසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දින ජාතිය අමතමින් පැවසූවේ මුළු රටම නිරෝධායනය කරන තත්ත්වයට රට ඇවිල්ලායි තමන් විශ්වාස නොකරන බවයි. එතුමන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිකරුනේ රස්තියාදු වෙන්නේ නැතිව ඉතාමත් වගකීම් සහගතව මේ දින ටිකේ හැසිරෙන ලෙසටයි.

    එසේම මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටියේ ලොවම එකා වන්ව කටයුතු කළ යුතු මේ මොහොතේදී රජයටත් රණවිරුවන්ටත් පක්ෂ පාට බේධ නැතිව සහයෝගය ලබා දෙන ලෙසටයි.

    ඒ වගේම අවස්ථාවාදීන් විසින් කරන උසිගැන්වීම් සහ කුපිත කිරීම් වලට හසු නොවීමට මේ ගැන දැනුවත් කිරීම අපි කළ යුතුයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ඒ වගේම අවස්ථාවාදීන් විසින් කරන උසිගැන්වීම් සහ කුපිත කිරීම් වලට හසු නොවීමට මේ ගැන දැනුවත් කිරීම අපි කළ යුතුයි.

    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ

    ඕවා කියන්න එපා මේකේ LockDown ඕස්ථාර් ලා රෙද්ද උස්සගෙන එන්නේ :lol::lol::lol::lol::lol:
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,613
    4,309
    113
    Lockdown කරනවා කියන එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහෝ දුරට අවසන් විකල්පය. ඒ සඳහා යම් සැලසුමක් සහ නිරන්තර වෙනස් වන තත්වයන් අවධානයෙන් පියවරෙන් පියවරට යාමක් තමයි අවශ්‍ය.

    දැන් ඊයේ එකපාරට lockdown කලා කියමුකෝ. ඒ කියන්නේ සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වහනවා වගේම මගී ප්‍රවාහනය නවත්තන්න වෙනවා. අත්‍යවශය විශේෂ අවසරයකින් තොරව නිවසින් එලියට යන්නවත් බැහැ. ඒක ඇඳිරි නීතිය හෝ ඊට බොහෝ ආසන්න තත්වයක්.

    එතකොට කොළඹ ඉන්න රැකියා කරන දහස් ගාණකට අඩුම තරමින් ගමට යන්නවත් බැරුව හිර වෙනවා. (අවුරුද්දට නිවාඩු දෙනකොට බස් පෝලිම මතක් කර ගන්න) ඊළඟට එක පාරට කොළඹ හිරවෙන මිනිසුන්ට කන්න බොන්න දෙයක් - ගන්න තැනක් නැතිවෙනවා.

    මිනිස්සු ගෙවල් වල හිටියට කන්න බොන්න අවශ්‍ය සහල් සහ එළවලු වගේ දේවල් ප්‍රවාහනය සහ අලෙවිය නවතිනවා. සති දෙකක් රට වැහැව්වොත් කන්න බොන්න තරම් හැම කෙනෙක්ම ගෙදර බඩු පුරවාගෙන නැහැ. ගන්න මිනිසුන්ට හැකියාවකුත් තියෙනවද?

    අපේ රටේ සෑහෙන පිරිසකට Credit/ Debit cards නැහැ. බැංකුවට ගිහින් සල්ලි ගන්නවා. ඒ මිනිසුන්ට යම් කාලයක් දෙන්න ඕනේ අඩුම තරමින් මුදලක් හරි බැංකුවෙන් ගන්න.

    ඒ වගේම දිනපතා ලැබෙන ආදායමකින් යැපෙන මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. එහෙම මිනිස්සු සහ ඒ පවුල්වල මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.

    සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ වෙනකොට රටේ ඉන්නවා. සමහරු ඇවිත් ඉන්නේ කුඩා දරුවොත් එක්ක. ඒ අය ගැනත් අපට රටක් විදිහට වගකීමක් තියෙනව.

    මේ දක්වා රජය ගත් පියවර සාධනීයයි. මුලින්ම නිරෝධායනය පටන් ගත්තා. ඒ එක්කම පාසල් වැහැව්වා. විශාල මහජන හමුවීම් තහනම් කලා. නැත්නම් අවලංගු කළා. ඊයේ නිවාඩුවක් දුන්නා. අද අතවශ්‍ය දේ සඳහා ඉඩ දීලා නිවාඩුව දීර්ඝ කළා. අද රාත්‍රී ජනාධිපතිවරයා ජාතිය අමතනවා.තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්වන තත්වයන් යටතේ තවත් වෙනස්කම් සිදුකල යුතුයි.

    ජනතාව සංසුන්ව තම තමන්ගේ පුද්ගල වගකීම හරියට ඉටු කලොත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගෙදර ඉන්න කම්මැලියි කියල ඊයේ අර නිව්ස් වල දැක්ක වගේ මුදේ රංචු පිටින් නාල හරි නම් යන්නේ නැහැ.

    සාගතය සමහර විට වසංගතයකට වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම යම් සමබරතාවයකින් කළමනාකරණය කරගත යුතුයි කියලයි මගේ අදහස.