Lockdown කරනවා කියන එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහෝ දුරට අවසන් විකල්පය. ඒ සඳහා යම් සැලසුමක් සහ නිරන්තර වෙනස් වන තත්වයන් අවධානයෙන් පියවරෙන් පියවරට යාමක් තමයි අවශ්‍ය.
දැන් ඊයේ එකපාරට lockdown කලා කියමුකෝ. ඒ කියන්නේ සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වහනවා වගේම මගී ප්‍රවාහනය නවත්තන්න වෙනවා. අත්‍යවශය විශේෂ අවසරයකින් තොරව නිවසින් එලියට යන්නවත් බැහැ. ඒක ඇඳිරි නීතිය හෝ ඊට බොහෝ ආසන්න තත්වයක්.
එතකොට කොළඹ ඉන්න රැකියා කරන දහස් ගාණකට අඩුම තරමින් ගමට යන්නවත් බැරුව හිර වෙනවා. (අවුරුද්දට නිවාඩු දෙනකොට බස් පෝලිම මතක් කර ගන්න) ඊළඟට එක පාරට කොළඹ හිරවෙන මිනිසුන්ට කන්න බොන්න දෙයක් - ගන්න තැනක් නැතිවෙනවා.
මිනිස්සු ගෙවල් වල හිටියට කන්න බොන්න අවශ්‍ය සහල් සහ එළවලු වගේ දේවල් ප්‍රවාහනය සහ අලෙවිය නවතිනවා. සති දෙකක් රට වැහැව්වොත් කන්න බොන්න තරම් හැම කෙනෙක්ම ගෙදර බඩු පුරවාගෙන නැහැ. ගන්න මිනිසුන්ට හැකියාවකුත් තියෙනවද?
අපේ රටේ සෑහෙන පිරිසකට Credit/ Debit cards නැහැ. බැංකුවට ගිහින් සල්ලි ගන්නවා. ඒ මිනිසුන්ට යම් කාලයක් දෙන්න ඕනේ අඩුම තරමින් මුදලක් හරි බැංකුවෙන් ගන්න.
ඒ වගේම දිනපතා ලැබෙන ආදායමකින් යැපෙන මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. එහෙම මිනිස්සු සහ ඒ පවුල්වල මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.
සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ වෙනකොට රටේ ඉන්නවා. සමහරු ඇවිත් ඉන්නේ කුඩා දරුවොත් එක්ක. ඒ අය ගැනත් අපට රටක් විදිහට වගකීමක් තියෙනව.
මේ දක්වා රජය ගත් පියවර සාධනීයයි. මුලින්ම නිරෝධායනය පටන් ගත්තා. ඒ එක්කම පාසල් වැහැව්වා. විශාල මහජන හමුවීම් තහනම් කලා. නැත්නම් අවලංගු කළා. ඊයේ නිවාඩුවක් දුන්නා. අද අතවශ්‍ය දේ සඳහා ඉඩ දීලා නිවාඩුව දීර්ඝ කළා. අද රාත්‍රී ජනාධිපතිවරයා ජාතිය අමතනවා.තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්වන තත්වයන් යටතේ තවත් වෙනස්කම් සිදුකල යුතුයි.
ජනතාව සංසුන්ව තම තමන්ගේ පුද්ගල වගකීම හරියට ඉටු කලොත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගෙදර ඉන්න කම්මැලියි කියල ඊයේ අර නිව්ස් වල දැක්ක වගේ මුදේ රංචු පිටින් නාල හරි නම් යන්නේ නැහැ.
සාගතය සමහර විට වසංගතයකට වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම යම් සමබරතාවයකින් කළමනාකරණය කරගත යුතුයි කියලයි මගේ අදහස.
අපිට මතකයි ඉස්සර යුද්දෙ සම්බන්ධවත් ඔහොම තමයි කිව්වෙ. ඒක එක අය විවිධ විවිධ මතවල බැහැගෙන හිටියා. බැහැගෙන නිකන් හිටියෙ නෑ, ඒ බෙහෙත් දාලා තුවාලේ හොඳ කරන්නත් උත්සහකරා. හැබැයි ඒකෙන් උනේ තුවාලේ තවත් වැඩි වෙච්ච එක විතරයි. සමහරු නෙළුම් මල් අරන් ගියා, සමහරු කප්පම් දුන්නා, සමහරු ගිවිසුම් ගැහුවා, සමහරු එලිපිට සාකච්ඡා කරා, සමහරු හැංගිලා සාකච්ඡා කරා ඒත් කොටින්ව ඉවරකරන්න පුළුවන් උනේ යුද්දයකින් විතරයි. පරක්කු උන නිසා ජීවිත හානි වැඩි උනා.
ඉතින් ලොක්ඩවුන් කරල ආණ්ඩුව පොල් ගගා හිටියොත් කන්න නැතුව මැරෙයි තමා. අමාරුවෙ වැටිලා ඉන්න මිනිස්සුන්ව බේරගන්න එක පූරුවෙ පවක් කියලා හිතන කෙනෙකුට දැන් ඉන්න වයසත් එක්ක, ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන් වෙයි කියලත් හිතන්න අමාරුයි. මොකද නොනිදා ගහන්න ඕන ගේමක් තියෙන්නෙ. නායකත්ව හැකියාව උපරිමේටම තියෙන කෙනෙක් වෙන්නත් ඕන.
ෆොන්සේකා මහත්තය නම් කිව්වෙ මෙන්න මෙහෙමයි
Ane palayan ban yanna.fonseka kiyana katha okkoma aththa da?3 denek mala kiwwa neda oya wachalaya eeye..
