අපෙ පැත්තෙ දන්න හදුනන අංකල් කෙනෙක් තමයි ලොයිඩ් අංකල්. ඉස්සර ඉදලා හිටලා ඩ්රින්ක් එකක් එහෙම පොරත් එක්ක දාලා තියෙනවා. හරිම හිත හොඳ අවංක මනුස්සයා. අපේ තාත්තාගෙ හොඳ යාළුවෙක්. පොරගෙ ළමයි ඔක්කොම ඔස්ටෙලියා. පොරත් කාලයක් එහෙ ගිහිං හිටියා.
ලොයිඩ් අංකල් හොදට බයික් හදනවා. ගොඩක් අය ජපන් බයික් දීලා හදාගන්නවා.මාත් අප්රෙල් මුල ගියා මගේ බයික් එකට ඉස්සරහා බුශ් ගහගන්න. කොහොම හරි අවුරුදදත් එක්ක වැඩේ කට් වුණා. අවුරුදදෙන් පස්සෙ 22 වැනිදා මම පොරව හම්බුවෙලා බුෂ් ටික ඉල්ලා ගත්තා වෙන තැනකින් දාගන්නම් කියලා, මොකද එයා මට කිව්වා එයාට හොස්පිටල් යන්න වෙලා කියලා.
අද ආරංචි වුණා අංකල් කොරොනා වලින් මැරිලා කියලා. මැරිලා දවස් තුනක් ලු. තාම හිතාගන්න බැහැ වුණ දේ.
ඉස්සර හොදට ඉන්න එකෙක් මලාම මල ගෙදර ගිහිල්ලා අපි පොර ගැන කොච්චර කතා කරනවද. කොරොනා හැදිලා මරුනම ඒවා මුකුත් නැහැ. මැරුණා කිව්වට තාම හිතට ඒක දැනුණේ නැහැ.
දන්න අය 5ක් විතර දැනට මැරැණා. මට හිතෙන්නෙ ලංකාව ඉන්නෙ ඉන්දියා ව ඉන්න තැනම හරි ඊට වඩා භයානක තැනක මේ කේස් එකේ.