අපේ එවුන් ෆේස්බුක් ආවේ 10 වසරෙදි වගේ. ඒ කාලෙ ෆේස්බුක් කියන එකෙන් තොර ලෝකයක් නෑ. යාළුවො වැඩි කරගන්නයි කෙල්ලො ටෝක් කරන්නයි. කෙල්ලෙක් දැක්කොත් request එකක් යවන්න අමතක කලේ නෑ. ඒ කාලෙනම් ඉතිං එහෙම ඉන්න හැම කෙල්ලෙක්ම ඇත්ත. දැන් වගේ බොරුවට කොල්ලො හදපු ඒවා නෙවෙයි. අවලමේ යන එවුන් ෆේස්බුක් එකට ආවට පස්සෙ තමා හොඳට තිබ්බ එක චාටර් වුනේ. ඉතිං එහෙම කෙල්ලෙක් එක්ක චැට් කලොත් ඉතිං ඉස්කෝලෙට ඇවිත් ඒ ගැන ලොකුවට කියවන එක තමා අපි කලේ. එහෙම කිව්වහම අනිත් එවුනුත් ගිහින් ඒ කෙල්ලටම request එකක් දානව. එකම කෙල්ල පස්සෙන් මුලු පංතියම යනවා. ඇත්තටම ඒ කාලෙ ගොඩාක් හොඳයි. දැන් වගේ හොරෙන් කෙල්ලො ටෝක් කලේ නෑ. මුලු පංතියටම කියල ප්‍රසිද්ධියේ තමය කරන මඟුලක් කලේ. ඒ කාලෙ ෆේස්බුක් ගැන තමයි ඒ.
මේ කාතාවෙ කතා නායකයා. කවුරුත් කතා කලේ ලාල් කියල. ලාල් කියන නම වැටුනෙ උන්ගෙ ගෙවල් ලඟ තියෙන ලාල් කියන කඩේ නිසා. අපි ලාල් කියල කතා කලොත් කෙලින්ම ගහ ගන්න වගේ ඇවිත් මල පැනල අහනව “කවුද හු&%@* ලාල්?” කියල. ඔය නම වැටුනෙ 8 වසරෙදි. පස්සෙ පස්සෙ නමට අලුත් කෑලිත් එකතු වුනා. ලාල් ක්‍රිකට් ගහද්දි බෝල දාන්නෙ ලසිත් මාලිංග වගේ. බෝලත් හොඳයි. ඒත් බැටිං අප්සෙට්. බැට් කරන්නෙ වීසී ගහනව වගේ කියල තමයි අනිත් එවුන් කීවෙ. ඒ නිසා වී.සී. ලාල් මාලිංග කියල නමකුත් හැදුනා. ඒ නම වැඩි කල් තිබ්බෙ නෑ. හැබැයි අදටත් ලාල් කියන එකනම් තියෙනව.
දැන් තමයි කතාව. 10 වසරට ආවට පස්සෙ ලාල් ෆේස්බුක් ආව. ඇවිත් තව කවුරු හරි කියපු කෙල්ලෙක් එකක් චැට් කරල. පහුවද කුණුහරුප කියාගෙන මූ එනවා. ඇවිත් “තෝ අරකිට කීවද මට ලාල් කියන්න කියල?” අහනව. අපේ ඒ තරම් චාටර් එවුන් හිටියේ නෑ ඒ කාලෙ. කෙල්ලෙක් කොල්ලෙක් ගැන ඇහුවත් කොල්ලා කොච්චර නරක වුනත් ඌ ගැන හොදමයි කියන්නෙ. අපිත් උඩ බිම බලනව මොකද වෙලා තියෙන්නෙ කියල. ඇයි කියල අහපුවාම මූ කියනව “තොපි කීවෙ නැත්නම් ඒකි මට LOL කියල එව්වෙ මොකද?” කියල. ඔය වචනෙ තේරුම දැන්න හිටපු හැම එකාටම හිනා. වෙලාවට වැඩිය කට්ටිය ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. මූ හිතල තියෙන්නෙ LOL කියල එවල තියෙන්නෙ ලාල් කියන එකට කියල.
Rep+ බාරගනු ලැබේ
උපුටා ගත්තේ http://isuru71.wordpress.com/2012/04/18/lol/

Last edited: