Lost Camera

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    "ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන මට බ්‍රහස්පතින්දා රාත්‍රියේ හොඳටම ඒත්තු ගැනුනි. එම කතාව කෙටියෙන් මෙසේය.....
    මගේ පියාට හදිසියේ ඇතිවූ රොගී තතිවයක් නිසා වෛදය උපදෙස් මත කොළඹ The Central රෝහලට ඇතුලත් කරන බව මව දුරකතනය මගින් මට දැනුම් දුනි. ඒ වන විට මම සිටියේ රූපවහිනී සංස්ථාවේ කාර්යාලයේ සුපුරුදු ලෙස රාජකාරියේය. ආරංචිය කනවැකුනු වහාම උන්හිටි තැන් අමතක වී කඩාගෙන බිඳගෙන The Central රොහල වෙත මගේ මෝටර් රථයෙන් ගියෙමි. Gastritis රෝගය උග්‍ර වීම නිස ඇතිවූ ආසද්මිකතාවක් මත මෙලෙස රෝගී වී ඇති බව කල පරීක්ෂණ මගින් පෙන්නුම් කරන බව වෛදය වරුන් පැවසූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා එක් රාත්‍රියක් එහි ගත කරන ලෙස අපට දැනුම් දුනි. ඉතින් එලෙස රෝහලේ කාමරයක් වෙන්කරවාගෙන පියාව නතරකර මමත් අම්මාත් ගෙදර ගොස් පියාට අවශය ඇදුම් පැලදුම් හා අනෙකුත් දෑ ගෙන ඒමට පිටත් වීමට සැරසුනි. අම්මාත් තාත්තාත් මුලින් ගමන් කර තිබුනේ ගෙදර මෝටර් රථයෙනි . එය Peugeot 406 වර්ගයේ රථයක් වන අතර හදිසියේ ඇතිවූ තත්වය මත එය අතුරු මාර්ගයක නවතා වෙනත් වාහනයකින් රෝහල වෙත ගමන් කර ඇත. මේ වන විටත් එම රථය ඇත්තේ එම අතුරු පාරේමය. එමනිසා මා පළමුව කලේ එය නවතා තුබූ ස්ථානයට ගොස් එය රෝහල අසළට ගෙන ඒමයි. ඉන් පසුව මගේ මෝටර් රථයේ ඇති බෑගය මෙම කාරයට දමාගෙන ගෙදර ගොස් නැවත පැමිණීමේ අදහසින් අම්මාත් මමත් මාගේ රථය නවතා තැබූ රෝහලේ දෙවන මහලේ ඇති රථ ගාල වෙත පැමිණියෙමු. මාගේ මොටර් රථයද Peugeot 406 වර්ගයේම එකකි. නමුත් වාහනය අසළට පැමිනි විට සිදුවී ඇති දෙය දැකීමෙන් මමත් අම්මාත් තුශ්නිම්භූත වූවෙමු. දකුණු පස පිටුපස ඇති quarter glass එක කුඩුකර ඇති බව දැකගැනීමට හැකිවුනු අතර කාරය තුළ වූ මාගේ බෑගය අන්ත්‍රස්දාන වී ඇති බව දැන මම ගල් ගැසුනි. මෙම බෑගය තුල මාගේ water proof Olympus TG3 (SN : BH6267676) දරණ කැමරාව තිබුනි. ඊට අමතරව රාජකාරී හැඳුනුම් පත රක්ශන සහතික, හා වෙනත් රාජකාරි ලිපි ලේඛන ගනනාවක්ම තිබුනි. මාගේ ජීවිතේ පලමු වතාවට 119 අමතා මංකොල්ලය ගැන දැන්වීය. පොලීසිය ඉක්මනින් පැමිනි අතර වැඩිදුර කටයුතු සඳහා මරදාන පොලිසිය වෙත යන ලෙස දැන්වීය. කෙසේ හෝ එම වැඩකටයුතු අවසන් කර මා නිවසට පැමිණිනෙන විට පාන්දර 2.30 පමන වී තිබුනි. රෝහලේ දෙවන මහලේ CCTV කැමරා නොමැත. වගකීම මේවන විට රෝහල හා TANGA Car park අතර බෝල පාස් කිරීමක් සිදුවේ. කෙසේ හෝ මට සිදුවූයේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීමේ සිද්දියයි.

    Elakiriyei kaata ho me Camerawa gena Olympus TG3 serial Number BH 6267676 gena thorathurak lebunoth mata PM ekak danna .

    Loku udawwak

    tnx


    sp_camera_tg_3_productgallery_fg_01.png


    z-tg3-front-water__largest-no-more-than-580x630.jpg


    :(
    11053317_10153383729316520_5724780522679613133_n.jpg
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    sirawatama ubata wunu siddiya ahuwama pattama awul
    jara yakku mun oka gaththa ewuntanam hondak wenna epa
    hospital ekata enne prashnayak athiwunu welawakane e welaweth mun horakam karanawanm eka maha kari wadak
    anyway bump machan :(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    sirawatama ubata wunu siddiya ahuwama pattama awul
    jara yakku mun oka gaththa ewuntanam hondak wenna epa
    hospital ekata enne prashnayak athiwunu welawakane e welaweth mun horakam karanawanm eka maha kari wadak
    anyway bump machan :(

    ow aniwa , epawenawa mehema wunama, api gas walin salli kadanne ne, ethanol kudu wikunanae ne, amaruwen hamba karala ganna dewal mehema horakam kalama epa wenwa :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වාහන ඇතුලේ එලියට පේන්න ලැප්ටොප්, කැමරා වගේ අනන් මනන් තිබ්බොත් කුඩ්ඩො ඕවට වැඩේ දෙනවා මචන්ලා කාටත් හොද පාඩමක්...උබ ඒ වෙලාවේ පත් වෙලා තිබ්බ තත්වෙත් එක්ක ඕවා ගැන කොහෙ මතක් වෙන්නද....

    වෙච්ච දේ ගැන කණගාටුයි මචං.. ඉක්මනට හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :sorry: