Love Elakiri

Status
Not open for further replies.

Nadun Buwa

Member
Aug 22, 2017
14
0
0
එළකිරි ආදරවන්තයින් සඳහාමයි
එළකිරි ඩොට් කොම් (Elakiri.com) කිව්වම ලංකාවෙ අන්තර්ජාලය භාවිතා කරන්නවුන් බොහෝ දෙනෙකු දන්නා වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය බොහෝ සෙයින්ම 2008-2010 කාලයේ ලංකාවේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව තිබුණ බව විවාදයකින් තොරව පිළිගතයුතු සත්‍යයකි. එක්තරා කාලයක මෙය ලංකාවේ ඇති වෙබ් අඩවි අතරින් පළමු ස්ථානයටද පත්ව තිබීම සුවිශේෂීය.
විකිපීඩියා සෙවුම් මෙවලුමට අනුව එළකිරි වෙබ් අඩවිය 2004මාර්තු 16 දින ලියාපදිංචි කර, 2006 අප්‍රේල් මස පළමු බීටා මෙහෙයුම එලිදක්වා ඇත. විවෘත මූල සංසද මෘදුකාංගයක් (නොහොත් phpBB, VBulletin) භාවිතයෙන් නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවියේ ජනප්‍රියත්වය සඳහා හේතු කිහිපයක්ම බලපාන ලදී. ඒවා නම්,
01. එවකට ලාංකික ජනතාවට අන්තර්ජාලය අළුත් අත්දැකීමක් වීම සහ සැරිසැරීම සඳහා සීමිත වෙබ් අඩවි ප්‍රමාණයක් පමණක් තිබීම.
02. එකල චැට් (Chat) නොහොත් සජීවී සංවාද මණ්ඩප අන්තර්ජාලය භාවිතා කරන්නවුන් අතර වැඩි අවදානයකට ලක්ව තිබීම සහ එවැනි ජනප්‍රිය සජීවී සංවාද මණ්ඩපයක් එළකිරියේද ස්ථාපිතකර තිබීම.
03. ලාංකික අන්තර්ජාල භාවිතා කරන්නවුන්ට නවතම අත්දැකීමක් වූ ෆෝරමය (Forum) නොහොත් විවෘත සංවාද මණ්ඩපය හරහා එළකිරියේ සාමාජිකයන් අතර දැනුම බෙදාගැනීම, පුණ්‍යමය කටයුතු සංවිධානය, මිතුරු හවුල් පවත්වාගැනීම වැනි කටයුතු සිදු කිරීම.
04. එවකට ජනප්‍රියත්වයට පත්වන ගීත සහ ගීත වීඩියෝ නොමිලයේම භාගතකිරීමට සැලැස්වීම සහ එම ගීත තුලට එළකිරි නාමය ඇතුලත් කර ජනතාව අතරට එළකිරි නාමය ගෙනයාම.
05. එළකිරි ස්ටිකර්, ටී ෂර්ට්ස් වැනි දෑ ප්‍රචාරණය
06. එවකට ප්‍රසිද්ධ පුද්ගලයින් සංවිධානය කරනු ලැබූ ප්‍රසංග, නාට්‍ය සහ උත්සව අවස්ථාවන් සඳහා අන්තර්ජාල ප්‍රචාරණය එළකිරි ඩොට් කොම් හරහා ලබා දීම.
07. එළකිරි ඩොට් කොම් හි ලියාපදිංචි වීමේ පහසුව සහ සත්ය තොරතුරු වසන් කරමින් ලියාපදිංචි විය හැකි බව
08. ලියාපදිංචි වීමකින් තොරව වුවත් ලිපිකියවීමේ සහ භාගත කිරීමේ හැකියාව
වැනි කාරණා වේ.
ඒ හේතු නිසාවෙන්ම මේ වන විට ලක්ෂ පහකට අධික පිරිසක් එළකිරි ඩොට් කොම් හි සාමාජිකත්වය ලබා ඇත. නමුත් කිව යුතු කාරණය වන්නේ මේ වන විට එළකිරිය ලංකාවේ මුල් වෙබ් අඩවි 50 අතරවත් නොමැති වීමයි.
කෙසේ වුවත් මේ පිළිබඳව මා විසින් කරුණු පළකිරීමට හේතු කිහිපයක් ඇත. එකක් නම්
මේ මා විසින් එළකිරියේ සාදාගන්නා ලද සත් වන ගිණුමයි. මින් ඉහත මා විසින් සාදවා ගත් සියළුම ගිණුම් බෑන්ඩ් වීමට නොහොත් තහනම් කිරීමට ලක්විය. ඒ සඳහා විවිධ හේතු බලපාන ලදී.
පළමු ගිණුම තහනම් වීමකට ලක්වූයේ 2008 වසරේ දීය. ඒ වෙන කිසිවක් නිසා නොව. නිල් චිත්‍රපට නිළියකගේ ඡායාරූපයක් පළකිරීම හේතුවෙනි. නමුත් අද වන විට නිල් චිත්‍රපට නිළියන්ගේ ඡායාරූප පමණක් නොව, වීඩියෝ පට කොටස්වල ඇමිණුම් පවා මෙහි එළිපිටම සංවාදයට ලක්වෙමින් පවතියි. එපමණක් නොව සමහර ගිණුම් මගින් එම ඇමිණුම් වෙනත් කෙටි ඇමිණුම් සමග බද්ධ කර බෙදා හරිමින් ඒ හරහා මුදල් ඉපයීමද කරමින් සිටිති. මා හට අයත්ව තිබූ දෙවන ගිණුම තහනම් කිරීමකට ලක්වූයේ එවැන්නක් මවිසිනුත් අත්හදා බැලීමට යාම හේතුවෙනි. එසේ ඇමිණුම් බෙදා හැරීම මගින් සැබැවින්ම මුදල් ඉපයිය හැකි බව එමගින් මවිසින් ප්‍රත්‍යක්ෂ කරගත් නමුදු වෙනත් ගිණුමක් භාවිතයෙන්ද එම ක්‍රමය සාර්ථක ලෙස අත්හදා බැලීමට මා හට හැකිවූයේ බොහෝ කෙටි කාලයක් පමණි.
ඒ කෙසේ වුවත් විවිධ අවස්ථාවන්හිදී මා එළකිරියට පිවිස මෙහි ඇති සංවාද කියවීම සහ දන්නා දේ සඳහා පිළිතුරු සැපයීම වැනි කටයුතුවලද නියැළුණු බව දන්වා සිටිමි. වරක් මවිසින් ආරම්භ කරන ලද වෙබ් අඩවියක් සඳහන් කර මෙහි නූලක් ප්‍රචාරය කරන ලද වරද හමුවේ නැවතත් මා තහනමකට ලක්විය. නමුත් සමහර පුද්ගලයින් මෙහි එළිපිට විවිධ වෙබ් අඩවි පිළිබඳ නූල් ප්‍රචාර ගෙනයන අතර සමහර පුද්ගලයින් විවිධ යොමුකිරීමේ ඇමිණුම් නූල් මගින් ප්‍රචාරය කරවීම සිදු කෙරෙනවා.
වෙබ් අඩවියේ ගුණාත්මක බව දැන් මේ වන විට කොහොම නමුත් පිරිහී අවසන්. අද දින පළකර තිබූ එක් නූලකට මවිසින් ලබා දුන් ප්‍රතිචාරය හේතුවෙන් අද දින නැවත වරක් වාර දෙකක් ඇතුලතදී, මා තහනමකට ලක්වූවා. පරුෂ වචන සඳහනක්, එසේත් නැතිනම් අසැබි දෙයක් බෙදා හැරීමක්, කිසිඳු ප්‍රචාරණයක් නොකර නැවත වරක් එසේ තහනමකට ලක්වීම කුමන හේතුවක් නිසා සිදු වූවක්දැයි සිතා ගත නොහැක. මන්ද, මෙහි ඇති නීති රීති කිසිවකට පටහැනි ලෙස මා කටයුතු නොකල නිසාවෙනි.
මේ මවිසින් සඳහන් කර ඇත්තේ මා විසින් ලබා දුන් ප්‍රතිචාර වේ.

Unnamed_QQ_Screenshot20170822091023.jpg


මෙහි සඳහන් වන්නේ මා තහනමකට ලක් කිරීමට හේතුවයි.
Unnamed_QQ_Screenshot20170822111152.jpg


Unnamed_QQ_Screenshot20170822092512.jpg


සඳහන් කර ඇති පරිදි මා තහනමකට ලක් කර ඇත්තේ වෙනත් කිසිවක් නිසා නොව. ෆේක් නාමයක් භාවිතා කිරීම නිසාවෙනි. කලින් සඳහන් කල පරිදි මාගේ ගිණුම් සියල්ලම තහනමකට ලක්වී හමරය. දැන් රියල් එකෙන් පැමිණීමට ‍යැයි පවසන්නේ මීට වසර 09කට පෙර අතහිටුවන ලද ගිණුම පිළිබඳවද? එසේනම් ඇඩ්මින් එම ගිණුමේ ඇති තහනම ඉවත් කරන්න. එසේම මෙහි සිටින සියල්ලන්ම සිටින්නේ නිවැරදි නම් වලින්ද?? එසේත් නැතිනම් "ප්‍රදීප් චමින්ද වික්‍රමආරච්චි" ලෙසින් සම්පූර්ණම නාමය මෙහි භාවිතා කල යුතුද? එසේනම් මෙහි ඇඩ්මින් ලෙස කටයුතු කරන භාවිතා කරන්නවුන් (User) තහනමකට ලක් කරන ජී.ටී.ආර්.ඉසෙඩ්. (GTRZ)ලෙසින් අපත් අකුරු පමණක් භාවිතා කල යුතුද?
මේ සඳහා ඇඩ්මින් වරයාගෙන් පිළිතුරක් මිසක මෙම ගිණුම අක්‍රිය කිරීම සහ, මෙම නූල මකාදැමීම මම කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි.

ප.ලි. මට හැඟෙන පරිදි මෙහි චමිත් නමින් කිසිවකු මුදල් යොදවන්නෙක් නොමැත. ප්‍රදීප් නොහොත් ලීච් (Lich) නමින් මියුසික් මොඩරේටර් වරයෙකුත් සිටියේ නැත. සිටින්නේ එකෙකු පමණි. ඌ කවුද කියා එළකිරි භාවිතා කරන්නවුන් කිසිවෙක් තවම හරි හැටි දන්නේ නැත. නමුත් ඇඩ්මින් යන පුද්ගලයා ඔහුගේම ගිණුම් භාවිතා කරමින් විවිධ ඇමිණුම් සහ වීඩියෝ හුවමාරු කරමින් මුදල් ඉපයීම යහමින් සිදු කරයි. එසේම ඔහුගේ වෙබ් අඩවි ප්‍රචාරය මැනැවින් සිදු කරගනියි. කෙසේ නමුත් ඇඩ්මින් මෙසේ හිතුමනාපයට භාවිතාකරන්නවුන් තහනමට ලක්කිරීම හේතුවෙන්, 2009 වසරේ ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය හිමිකරගත් එළකිරිය අභාවයට යාම තව වැඩි ඈතක නොවනු ඇත.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇඩ්මින් කෝටිපතියෙක් නම් නෙවෙයි .
    එදා වේල ගේමක් දීලා ගැටගහන්න කෙනෙක් කියලා කියන්න නම් දන්නවා .

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    පරණ එවුන්ට දකින්න පරණ කියලා දැම්මෙ ඈ.. නැතුව ත්‍රේඩ් එකට එන්න එපා කියල දිනුකයා ඒකෙන් අදහස් කරලා නෑ..:yes:



    මේවයෙ ඉතිං අලුත් පරණ කේස් නෑ බං.. හොදට හිටියොත් කොයි එකාටත් තැන තියෙනවා.. නිකන් පොර වගේ රඟන්න ගිහින් රෙද්දෙ ගූ ගානන්නෙ නැතුව පාඩුවෙ ඉන්නවා නම් එච්චරයි.. අන්තිමේ ගූ වෙලා නාහෙන් අඩලා මං යනෝ මං ආයෙ එන්නෑ ගගා ත්‍රේඩ් දාන්න ඕන නෑ.. අනුකම්පාව සහ අවධානය ගන්න..;)



    මට කවුරුත් එකයි.. අලුත් උනත් පරණ උනත්.. මට වඩා පරණ උන් මේකෙ කොච්චර ඉන්නවද.. 2006 ඉදන් ආපු..:D


    /////////////
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    duk wenna epa ban uba e reply dapu account ekath me mase hadapu ekakne
    posts 6yne dala tiyenne

    BTW ehema site eka ban karanna one na ban, .lk register karaddi aththa details denawa
    oni nam ewalin nadu danna puluwan. eth elakiri ekata ehema wenne na mokada site eka ehema music audio video dala naha :lol: uba dala tiyana anith sites walatanam ehema wei, ube e sites wala parana accounts ehema tiyanawanam sorry.com :( mata penne ube posts wetenne e sites wala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පබ්ලික් ෆෝරම් වල කොහොමත් ඇත්ත නම් වලින් එනවා අඩුයි.. ලංකාවෙ නෙමේ පිටරට ෆෝරම් එකක උනත් එහෙමයි.. සයිබර් එකේ කොහොමත් තමන්ගෙ ඇත්ත විස්තර වසං කරගෙන ඉන්න එක තමා හොදම වැඩේ.. නැත්තං අපිට ප්‍රශ්න එන්න පුලුවන් ඉඩකඩ වැඩියි..


    මියුසික් ඩොට් එල්කේ, අනං මනං එක කරන උන් ෆෝරම් කරන්නෙ නෑනේ බං.. අනංමනං එකේ නම් ෆෝරම් එකක් තිබ්බද කොයිද.. ඒත් වැඩිය ඒවයෙ මෙම්බර්ස්ලා නෑ.. උන් සිංදු වලට තමා සයිට් එකේ මුල්තැන දීලා තියෙන්නෙ.. එළකිරි එක ෆෝරම් එකට මුල්තැන දීලා තියෙන්නෙ..

    මේකෙ ඇඩ්මින් මුණගැහිච්ච, කතාබහ කරපු උන් ඕන තරම් ඉන්නවා.. අවශ්‍යතාවයක් තියේ නම් ඉතිං එයා එක්ක කතා කරතැහැකි..



    මේකෙ ඇත්ත විස්තර දාලා එකවුන්ට් හදනවා කියමුකො.. උන් කොහොමද විස්වාස කරන්නෙ.. ඇයි උන්ට බොරු විස්තර දාන්න බැරිද, බොරු නම් දාගන්න බැරිද.. සයිබර් එකේ ඉන්න උන්ව එහෙම විස්වාස කරන්න යනවා නම් ඒක පට්ට ගොන් වැඩක්..

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    LOL ada aluthen hadapu fake walin irisiyawata awith gahana ewa ganan ganne naha ewa ban karanawa.
    Katha karanna ona nam real eken enna. Ban karapu eketh gahala thiyanawane reason eka.

    Oyage danatath elakiri eke wenath account thiyanawa. Dawasa gane fake ID hada hada anunta mada gaha gaha kale nasthi karanawa.

    Mama kochchra meken hamba karanawada nadda kiyala meke members la wagema poddak hari internet gana danumak thiyana ekek site eka dakkama dannawa :lol:

    Enisa prashnayak thiyanawa nam real ID eken kelin katha karanna. 2008 thibba ban una bila kiyan dawasa gane fake hadan enna epa. 2008 ban unama awrudu 10kata passe 2017 ada thama neda aluth ekak hadan enna hithune hehe. boru danna epa ban.

    Umbalata thiyenne ledak ban hangila anunta bana bana yanawa :yes:
     

    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    පබ්ලික් ෆෝරම් වල කොහොමත් ඇත්ත නම් වලින් එනවා අඩුයි.. ලංකාවෙ නෙමේ පිටරට ෆෝරම් එකක උනත් එහෙමයි.. සයිබර් එකේ කොහොමත් තමන්ගෙ ඇත්ත විස්තර වසං කරගෙන ඉන්න එක තමා හොදම වැඩේ.. නැත්තං අපිට ප්‍රශ්න එන්න පුලුවන් ඉඩකඩ වැඩියි..


    මියුසික් ඩොට් එල්කේ, අනං මනං එක කරන උන් ෆෝරම් කරන්නෙ නෑනේ බං.. අනංමනං එකේ නම් ෆෝරම් එකක් තිබ්බද කොයිද.. ඒත් වැඩිය ඒවයෙ මෙම්බර්ස්ලා නෑ.. උන් සිංදු වලට තමා සයිට් එකේ මුල්තැන දීලා තියෙන්නෙ.. එළකිරි එක ෆෝරම් එකට මුල්තැන දීලා තියෙන්නෙ..

    මේකෙ ඇඩ්මින් මුණගැහිච්ච, කතාබහ කරපු උන් ඕන තරම් ඉන්නවා.. අවශ්‍යතාවයක් තියේ නම් ඉතිං එයා එක්ක කතා කරතැහැකි..



    මේකෙ ඇත්ත විස්තර දාලා එකවුන්ට් හදනවා කියමුකො.. උන් කොහොමද විස්වාස කරන්නෙ.. ඇයි උන්ට බොරු විස්තර දාන්න බැරිද, බොරු නම් දාගන්න බැරිද.. සයිබර් එකේ ඉන්න උන්ව එහෙම විස්වාස කරන්න යනවා නම් ඒක පට්ට ගොන් වැඩක්..

    තැන්ක් යූ මචන් විස්තරේට. මට අවුල තියෙන්නෙ බං මේකයි. නීතියක් තියෙනවනම් ඒක හැම යූසර් කෙනෙක්ටම එකක් වෙන්න ඕනි. එහෙම වෙනවනම් හොඳයි. මොකද එහෙම වුණොත් අපිටත් පුළුවන් ඒ නීති දැනගෙන ඒ නීති වලට අනුව වැඩ කරන්න.
    මම අන්තිමට රිප්ලයි කරපු දේවල් නිසා ඇඩ්මින් ඇයි මාව බෑන් කරේ කියන දේ තමයි මට හිතාගන්න බැරි. මම මොකුත් වැරදි දෙයක් කියල තියෙනවද??
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ අපේ සිරිකොත කොලු සදුන් බුවාගේ මල්ලිද? :confused:
     

    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    රෙප් කපන්නෙ ඇයි බං මේක දැම්ම කියල? මොකක්ද හේතුව? :(:(:(

    EnqpDCg.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තැන්ක් යූ මචන් විස්තරේට. මට අවුල තියෙන්නෙ බං මේකයි. නීතියක් තියෙනවනම් ඒක හැම යූසර් කෙනෙක්ටම එකක් වෙන්න ඕනි. එහෙම වෙනවනම් හොඳයි. මොකද එහෙම වුණොත් අපිටත් පුළුවන් ඒ නීති දැනගෙන ඒ නීති වලට අනුව වැඩ කරන්න.
    මම අන්තිමට රිප්ලයි කරපු දේවල් නිසා ඇඩ්මින් ඇයි මාව බෑන් කරේ කියන දේ තමයි මට හිතාගන්න බැරි. මම මොකුත් වැරදි දෙයක් කියල තියෙනවද??

    මම මචෝ උඹගෙ අනිත් එකවුන්ට් නම් දන්නෑ.. හේතුවක් නැතුව නම් ඇඩ්මින් බෑන් කරන්නෙ නෑ මං දන්න තරමින්.. අනික ලොකු වැරැද්දක් නැතුව එකපාරම බෑන් කරන්නෙත් නෑ.. මුලින් වෝනිං එකක් දෙනව හෝ දවස් කීපයකට බෑන් කරනවා ඇරෙන්න හේතුව කියලා.. ඇඩ්මින්ගෙන්ම තමා උඹට සීන් එක අහගන්න වෙන්නෙ..


    මේකෙ හරියට නීති කලා නම් අපිත් බෑන් වෙලා හුගක් කල් බං.. මේකෙ අපි කියන කුනුහරුප වලට, දාන පිංතූර වලට, දාන ත්‍රේඩ් වලට, ත්‍රෙඩ් වලට දාන රිප්ලයි වලට..


    මැසේජ් එකක් දාලා හේතුව අහලා බලපං.. ත්‍රේඩ් දාල තේරුමක් නෑ බං ඕවට.. ඇඩ්මින්ට ඩිරෙක්ට් PM කරන්න පුලුවන්නේ..:yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම අන්තිමට රිප්ලයි කරපු දේවල් නිසා ඇඩ්මින් ඇයි මාව බෑන් කරේ කියන දේ තමයි මට හිතාගන්න බැරි. මම මොකුත් වැරදි දෙයක් කියල තියෙනවද??
    ekama ip ekin id godak haduwada danne na.ekarala meke userslata wathayak unanam samaharawita monitor karala ban karanna athi:eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤



    මේකෙ හරියට නීති කලා නම් අපිත් බෑන් වෙලා හුගක් කල් බං.. මේකෙ අපි කියන කුනුහරුප වලට, දාන පිංතූර වලට, දාන ත්‍රේඩ් වලට, ත්‍රෙඩ් වලට දාන රිප්ලයි වලට..




    :yes::yes:agreed!!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    lol Lichath ෆේක් ලු. ඒ කාලේ t-shirt ගහල හොරා කාපු එකට ඌව මරන්න හිටියේ කට්ටිය. මට තමයි ඌ වැඩිපුරම කෙලියේ.
    උබ get together පාටි එකකට වත් ආපු එකෙක් නෙමෙයි වගේ. පලවෙනි get එකේදී සහ නුවර ට්‍රිප් එකේදී GTRZ සහ Lich දෙන්නම ආව.

    නොදන්න දේවල් ගැන කතා නොකර හිටපං බං ෆෝරම් කරලා සල්ලි හොයන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම.
    වැඩිය ඕනේ නැහැ ලෝක ප්‍රසිද්ද ෆෝරම් තියෙනවනේ ඒවා වල ඔවුනර්ස ල එහෙමනම් කොටි පතියෝ වෙන්න ඕන.
    මේ සයිට් එක දන්න කාලේ ඉඳන් පාඩු පිට ඇදගෙන ගියේ.
    donation වත් ගත්තේ නැහැ donate කරන්න ඕන තරම් බොක්කේ උන් හිටියත්. එකට හේතුවක් තියෙනව.
    ඉරිසියා කරනවානම් සල්ලි හොයන මොකෙක් හරි හොයාගෙන ඉරිසියා කරපන්. උබ බුරන්නේ වැරදි ගහකට
     
    Status
    Not open for further replies.