Low Quality වීඩියෝ බලපු කාලේ ඉවරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,318
    113
    Low Quality වීඩියෝ බලපු කාලේ ඉවරයි

    Low Quality වීඩියෝ බලපු කාලේ ඉවරකරන Samsung 8K QLED TV

    හිතන්න පොඩි කාලේ ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක් නැත්නම් චිත්‍රපටයක් ඔයාට ආයෙම බලන්න ආසාවක් ආවා කියලා.කොහොමහරි හොයාගත්තා කියලත් කියමුකෝ අමාරුවෙන් ඒක. ඒත් අනිවාර්යෙන් මූණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ වීඩියෝ වල ගුණාත්මකභාවය එහෙමත් නැත්නම් පික්චර් කොලිටි (Picture Quality) එක සහ සවුන්ඩ් කොලිටි (Sound Quality) එක සාපේක්ෂව ඉතා දුර්වල වීම. අද වෙනකොට ලෝකෙම කතා වෙන 4K,8K වගේ සුපිරි තාක්ෂණයකින් ඔයාට ඉස්සර කාලේ විඩියෝ බලන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද…??? විශ්වාස කරන්නම වෙනවා. මොකද ලෝක ප්‍රසිද්ධ සැම්සුන්ග්(Samsung) සමාගම ඉදිරියේදී හදුන්වා දීමට නියමිත 8K QLED TV ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය නිසා.


    මොකද්ද මේ අලුත් TV එක?


    image-1-701x395.jpg

    කාලෙන් කාලෙට ලෝකෙට අලුත් අලුත් තාක්ෂණික ප්‍රවණතා හදුන්වා දෙන මුල්පෙළේ ආයතනයක් වෙන Samsung ආයතනය තමයි මේ රූපවාහිනී යන්ත්‍රය ලෝකෙට හදුන්වා දෙන්න සූදානමින් ඉන්නේ. අඟල් 65ට වඩා වැඩි මාදිලි වලින් මෙය වෙළදපොලට නිකුත් කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ගුණාත්මකභාවය අඩු වීඩියෝ වල පික්චර් කොලිටි (Picture Quality) එක විතරක් නෙවෙයි සවුන්ඩ් කොලිටි (Sound Quality) එකත් ස්වයංක්‍රියව හඳුනාගෙන ඒවා 8K වගේ ඉහල ගුණාත්මකභාවයකට පරිවර්තනය කලහැකි කෘත්‍රිම බුද්ධියකින් මෙම රූපවාහිනී යන්ත්‍රය සමන්විත වෙනවා. ඉතිං තවදුරටත් අපැහැදිලි දසුන් හින්දා අපිට අපි කැමතිම පැරණි වැඩසටහන් නොබලා ඉන්න වෙන්නේ නැහැ. සුපිරි 8K තාක්ෂනයෙන්ම සියලුම දේවල් බැලීමේ හැකියාව Samsung සමාගම අපිට අවස්ථාව සලසා දෙනවා.

    මොනවද මේ TV එකේ විශේෂතා?


    Image-2-701x393.jpg

    8K TV ලෝකෙට හදුන්වාදෙන මුල්ම සමාගම් වලින් එකක් බවට මෙම රූපවාහිනිය හදුන්වාදීමත් සමග Samsung සමාගම පත්වෙනවා. 7680 x 4320 පික්සල් ප්‍රමාණයේ ගුණාත්මකභාවයකින් යුක්ත රූප ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් මෙය යුක්ත වෙනවා. නමුත් තවමත් 8K තාක්ෂණයෙන් යුක්ත වීඩියෝ ඉතාම අඩු ප්‍රමාණයක් තිබීම මෙයට ගැටළුවක් වෙනවා. නමුත් එහිදී Samsung සමාගම ඉදිරිපත් කර ඇති පහසුකම වන්නේ කෘත්‍රිම බුද්ධියකින් යුක්ත පද්ධතියයි. එමෙන්ම චිත්‍රපට ආදිය විතරක් නෙවෙයි, සාමාන්‍ය රූපවාහිනී නාලිකා වල විකාශයන් පවා 8K තාක්ෂණයට පරිවර්තනය කිරීමේ හැකියාව මෙම රූපවාහිනී යන්ත්‍රයට ඇති බවයි Samsung සමාගම පවසන්නේ.

    කෘත්‍රිම බුද්ධිය

    image-3-1-701x421.jpg


    මිලියනයකට අධික පින්තූර ප්‍රමාණයක් නිරීක්ෂණය හා විශ්ලේෂණය කල හැකි දියුණු දත්ත ගබඩාවකින් මෙම පද්ධතිය සමන්විතයි. ඒ මගින් පින්තුරවල ගුණාත්මකභාවය 64 ගුණයකින් වැඩි කල හැකි බව සමාගම පවසනවා. එමෙන්ම පින්තූර වලට අදාල Brightness,Contrast වැනි ගුණාංග වලද යම් වෙනස්කම් සිදුකර අතිශය පැහැදිලි සුමට වීඩියෝවක් ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් මෙම පද්ධතිය සමන්විත වෙනවා. වීඩියෝ පමණක් නෙවේ ඕඩියෝ එහෙම නැත්නම් සවුන්ඩ් කොලිටි එකේ වෙනස්කම් ස්වයංක්‍රියව

    සිදුකිරීමටත් මෙම රූපවාහිනී යන්ත්‍රයට හැකි බව සමාගම පවසනවා. තෝරාගත් ඇතැම් රූපරාමු සඳහා විශේෂ ශබ්ද ප්‍රයෝග යෙදීමටත් මෙම රුපවාහිනියට හැකියි. උදාහරණයක් ලෙස ඔබ ෆුට්බෝල් තරගයක් නරඹන අවස්ථාවක ප්‍රේක්ෂක ඝෝෂා වල හඬ මතුකර ඔබට එම තරගයේ ආශ්වාදය උපරිමයෙන් ලබාගැනීමට මෙන්ම ලයාන්විත සංගීත වැඩසටහනකදී සියුම් සංඛ්‍යාත වලින් යුක්ත හඬ මතු කර උපරිම වින්දනයක් ලබාදීමටත් මෙම පද්ධතිය මගින් ප්‍රේක්ෂක ඔබට අවස්ථාව සලසා දෙනවා.

    මෙම කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැතිනම් AI තාක්ෂණය මෙම රූපවාහිනිය සමග එකතු කිරීමේ මූලික අරමුණ 8K තාක්ෂණය භාවිතා කරන වීඩියෝ මේ වන විට හිඟවීම​ බවයි සමාගම පවසන්නේ. මෙම පද්ධතිය භාවිතා කර 4K,HD වීඩියෝ පමණක් නොවෙයි SD වීඩියෝ පවා 8K තාක්ෂණයට පරිවර්තනය කල හැකි බවයි Samsung සමාගම පවසන්නේ.

    QLED තාක්ෂණය


    Image-4-1-701x395.jpg


    QLED කියලා කියන්නේ Quantum dot Light-Emitting Diode යන දිගුවයි. මෙහිදී සුදු LED සහ වර්ණ ප්‍රේරක උපයෝගී කරගෙන වර්ණ සංයෝජනය කිරීම වෙනුවට වෙනත් උපක්‍රමයක් භාවිතා කරනවා. නැනෝ මීටර 2 සිට 10 දක්වා විශ්කම්භයෙන් යුක්ත Quantum Dots මෙහිදී භාවිතා කරන අතර ඒවාගේ ප්‍රමාණය අනුව විවිධ වර්ණ නිපදවීමේ හැකියාව දරනවා. උදාහරණයක් ලෙස ප්‍රමාණයෙන් විශාල Dots රතු පැහැය ගෙනදීම සඳහා වැදගත් වෙන අතර කුඩා Dots නිල් පැහැය ගෙනදීම සදහා වැදගත් වෙනවා.

    QLED තාක්ෂණය මගින් සුපැහැදිලි පුළුල් පරාසයක පැතිරුණු වර්ණ සමුදායක් නිපදවීමට හැකියාව ලැබෙන අතර ඒ මගින් රූප වල ගුණාත්මකභාවය ද ඉහල දමනවා. නිෂ්පාදනයේදී සාපේක්ෂව අඩු පිරිවැයක් වැයවිමත් OLED තාක්ෂණයට වඩා ඉහල කාර්යයකින් යුක්ත වීමත් මෙම QLED තාක්ෂණයේ සුවිශේෂිතා ලෙස දක්වන්නට පුළුවන්.

    TV එක නිකුත් කරන දිනය

    image-5-701x526.jpg

    ලොව ප්‍රසිද්ධම තාක්ෂණික සමුළු වලින් එකක් වන CES (Consumer Electronics Show) හිදී මෙහි මුල්ම හඳුන්වාදීම සිදු කෙරුණා. 2018 වසරේ අග භාගයේදී වෙළදපොල සදහා මෙය නිකුත් කිරීමට සමාගම අදහස් කරගෙන සිටිනවා. අඟල් 65ට වඩා වැඩි මාදිලි වලින් මෙය වෙළදපොලට නිකුත්කිරීමටයි Samsung සමාගමේ අදහස. තවත් 8K තාක්ෂණයෙන් යුක්ත රූපවාහිනී නිකුත් කිරීමට කටයුතු කළ​ Sony,Panasonic සහ LG සමාගම් වලට බලවත් තර්ජනයක් බවට මෙය පත්වෙන බව නම් නොඅනුමානයි.






    මූලාශ්‍රය RankRed.com


    roar-tech-sinhala.svg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,318
    113
    ambo kiyak weida

    තාම දන්නේ නැහැ බන්.:sorry:

    :cool: :shocked: :cool:
    TFS! මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :love:

    Wow.patta.ko ban dan sony?un kisima aluth deyak loketa denne nahane.samsung,LG thamai phones walin unath aluth deyak karana try karanne.

    ඔව් බන්.කොරියා තමා දැන් අළුත් වැඩ ඔක්කොම දාන්නේ.



    :love:


    :yes:


    :yes:



    :D


    :D

    seems like everything is coming with AI these days

    :yes::D