LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..
    November 20, 2020 at 10:00 am | lanka C news
    LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී තිබේ.


    ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත.


    මෙම ක්‍රීඩකයා තරගාවලියේදී ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණ සිටි ක්‍රීඩකයෙකි.


    මේ තොරතුරු අත ජාතික පුවත්පතක්ද වාර්තා කර ඇත.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මෙච්චර ප්‍රශ්න අස්සේ මේක ගහන්නේ ඇයි බන් ? ක්‍රිකට් කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක්ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    Source: neth news

    LPL තරගාවලියට පැමිණි සොහයිල් තන්වීර්ට කොරෝනා

    ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන වේග පන්දු යවන ක‍්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා. ඔහු මෙවර තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
    තන්වීර් ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එල්.පී.එල් තරගාවලිය සදහා පැමිණි ක‍්‍රීඩකයින් අතරින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හ`දුනා ගැණුනු දෙවැනි විදෙස් ක‍්‍රීඩකයා වන්නේ ඔහුයි. කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටින කැනඩා ක‍්‍රීඩක රවීන්ද්‍රපාල්
    සිං ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට මීට පෙර හදුනා ගැණුනා.
    කෙසේ වෙතත්, රවීන්ද්‍රපාල් සිං සමග එකම ගුවන් යානයේ සහ බස් රථයේ පැමිණි ඇන්ඩි‍්‍ර රසල් ඇතුළු සෙසු ක‍්‍රීඩකයින්ට මේ තුළින් බලපෑමක් එල්ල වී නොමැති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කර ඇත්තේ.
    මේ අතර, ලංකා ප‍්‍රීමියර් ලීග් කි‍්‍රකට් තර`ගාවලියේ තේමා ගීතය එළි දැක්වීම අද කොළඹදී සිදු කෙරුණා.