LTTEයට සොහොන් බිමක් !!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    LTTEයට සොහොන් බිමක් !!!

    කිලිනොච්චියේ කොටි සොහොන් බිමක් හදන්න දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් විසින් ඔහුට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක් ලබාදී ඇත.

    කිලිනොච්චියේ, කනකපුරම් ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. සොහොන් බිම විනාශයට පත්ව ඇති නිසා මෙවර මහ විරු දිනය සැමරීමට නව සොහොන් බිමක් ඉදිකිරීමට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් විසින් රුපියල් ලක්‍ෂ 40ක මුදලක් ලබාදී ඇත.
    මන්ත්‍රිවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මේ මුදල ලබාදීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනුමතය ලබාගෙන තිබේ.

    කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේ මේ එල්.ටී.ටී.ඊ. සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද, කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී තිබේ. කිලිනොච්චියේ ආරක්‍ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්ව තිබියදී එල්.ටී.ටී.ඊ. සුසාන භූමියක් කිලිනොච්චියේ ඉදිකිරීමට අවසරදීම ප්‍රශ්නකාරී බවයි.

    2009 වර්ෂයේ මේ ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී.ඊ. සොහොන් කොත් 97ක් තිබූ බවත් මේ මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම සකස් කරන බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්‍ෂණය කිරීමට 2017.11.22දා එම ස්ථානයට පැමිණි ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා පවසා තිබේ.



    HEr6ndY.jpg

     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :sorry::sorry::sorry:

    ඔවා මොනාද බන්. චේගේ, කස්තොගේ ගුණ සමරන උන්නේ මේකේ ඉන්නේ.. හරියට උන් ඇවිත් මෙහේ නිදහස් නිවහල් කලා වගේ. ඒ අතින් දෙමෙල්ලු හරි. සින්හලු නම් හැදෙන ජාතියක් නෙමෙයි..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් රට වෙනුවෙන් දිවි පුදපු උන් සමරන්නත් එපැයි.... වෙනස තමා....ලක්ෂ 40 ක් නම් මදිවෙයි.... මදිපාඩුව ජනාධිපති අරමුදලෙන්වත් දැම්මනම් තවත් හොදයි
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔන්න බලහං තව ටික කාලයක් යද්දී ඔයපැති වල අලුතෙන් ඉපදෙන උන්ගේ ඔලුවලට යන්නේ ප්‍රභාකරන් කියලා අහිංසකයෙක් මරපු මිනිමරූ හමුදාවක් කියන අදහස.. මැරුණ එකා වීරයෙක් වෙයි.. ඌ නිසා දුක් විඳගෙන යුද්ධ කරපු හමුදාවේ උන් මිනිමරුවෝ ගාණට වැටෙයි..
    වෙච්ච හැමදේම දැක දැකත් දැන් ඉන්න උනුත් දැක්කේ නෑ වගේ උන්ටම කඩේ යන එකයි මට තියෙන දුක...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් ඉතින් රට වෙනුවෙන් දිවි පුදපු උන් සමරන්නත් එපැයි.... වෙනස තමා....ලක්ෂ 40 ක් නම් මදිවෙයි.... මදිපාඩුව ජනාධිපති අරමුදලෙන්වත් දැම්මනම් තවත් හොදයි


    කියල වැඩක් නෑ :yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මොනවත් කියන්න එපා යකෝ..සහජීවනේ මෙව්ව වෙයි...