LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද?

e31c427efb24c6079b0db169866efafa_L.jpg


LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්

මේ වනවිට පුනරුත්ථාපනය ලැබ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතා විසින් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පරීක්ෂණය ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවයි.

මුලතිව් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ටී. රවීහරන් මහතා විසින් සකස් කර ඇති මෙම යෝජනාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී. ටී. ඊ සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට හඳුනානොගත් රෝගයකින් පෙළෙන බවත් සාමාජිකයින් 107දෙනෙකු හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටී. රවීහරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එම හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගත කර ඇති බවට දෙමළ ජනතාව විසින් සිදුකරන චෝදනා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගත් බවයි.

 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම තමා කරන්න ඕනෙ :yes: :yes:
නිකංම මරල දැම්මොත් මිනීමරනව කියල චෝදනා එල්ල වෙනව රටේ නමත් සවුත්තු වෙනව විශ හරීරගත කල්ල ටික ටික මරන එක තමා කරන්න ඕනෙ :yes: :yes:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ විග්නේෂ්වරන්කියන පරයා ප්‍රභාකරන්ටත් එහානේ.....
    අහිංසක කොටි වෙනුවෙන් ගල් පැලෙන බොරැ කියන්නේ
    මේවට කඩේ යන ඇමසින් වගේ හාල්පාරුවෝ බස් බෝම්බෙකට අහුවෙලා කුඩුවෙන්න තිබුණ එකෙක්...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ විග්නේෂ්වරන්කියන පරයා ප්‍රභාකරන්ටත් එහානේ.....
    අහිංසක කොටි වෙනුවෙන් ගල් පැලෙන බොරැ කියන්නේ
    මේවට කඩේ යන ඇමසින් වගේ හාල්පාරුවෝ බස් බෝම්බෙකට අහුවෙලා කුඩුවෙන්න තිබුණ එකෙක්...

    amasin කියන්නේ පුනරුත්ථාපනය නොවුණ කොටියෙක් වගේ මටනම් පේන්නේ..:dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මේක තමයි පොලිටික් කියන්නේ කරන්න බැරිවුනත් ඉදල හිටලා හරි මෙහෙම ජාතිවාදී ටෝක් එකක් දුන්නේ නෙත්තන්ම් මුගේ චන්ද ටික නිකම්ම අඩුවෙනබබා උ හොදට දන්නවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    තොට කියන්නෙ අර ''හරීන්'' කියපුඑක තමයි
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම තමා කරන්න ඕනෙ :yes: :yes:
    නිකංම මරල දැම්මොත් මිනීමරනව කියල චෝදනා එල්ල වෙනව රටේ නමත් සවුත්තු වෙනව විශ හරීරගත කල්ල ටික ටික මරන එක තමා කරන්න ඕනෙ :yes: :yes:

    :cool::cool::cool::cool:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීම සදහා අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් උතුරු පළාතට පැමිණ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ සිටින බවයි උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ.

    එම පළාත් සභාවේ ඉල්ලීමක් මත පැමිණ සිටින මෙම කණ්ඩායමට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අවශ්‍ය වියදම් දරණ බවද මෙහිදී අනාවරණ වුණා. උතුරු පළාත් ප්‍රධාන අමාතය සී වී විග්නේෂ්වරන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

    එහිදී සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයාබැලීම කඩිනම් කළයුතු බවයි. ඒ පිළිබදව කලබල නොවිය යුතු බවත් දිවයිනට පැමින සිටින අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකරගෙන යන බවත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

    පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් වුණා.

    මුලතිව් දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් සකස් කළ එම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 107 දෙනෙකු හදුනා නොගත් රෝගයකින් ජීවිතක්‍ෂයට පත්වීම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි ටී. රවිහරන් මීට පෙර ප‍්‍රකාශ කළේ.
     

    Similar threads