ඊළම මගේ සැබෑ නොවූ සිහිනයයි - කරුණානිධි
March 23, 2012 10:12 am
ද්‍රවිඩ ඊළම යථාර්ථයක් බවට පත්නොවූ සිය සිහිනය බවත්, එය යථාර්ථයක් බවට පත්කරගැනීම වෙනුවෙන් සටන්වදින බවත් ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ සභාපති එම්. කරුණානිධි මහතා පවසයි.
ඊයේ(22) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනාව සම්මත වීම පිළිබඳව මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමින් කරුණානිධි මහතා මේ බව සඳහන් කර තිබේ.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස ඉල්ලමින් අමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් විසින් ගෙන එන ලද අදාළ යෝජනාව පක්ෂව ඡන්ද 24 ක් හා විපක්ෂව ඡන්ද 15 ක් ලබමින් සම්මත විය.
ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඊළම් රාජ්‍යයක් ගොඩනැගීම එකම ඉලක්කය බව ද ඉදිරියේ දී ද්‍රවිඩ ඊළම පිළිබඳ සිහිනය සැබෑවක් බවට පත්වේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළීතුරුදෙමින් කරුණානිධි මහතා පෙන්වා දී ඇත.
හැකියාව ලදහොත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු කාර්යයභාරය තමිල්නාඩුවේ සියලුම පක්ෂ ඒකරාශී කරගනිමින් ඉටුකිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වීම හරහා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට නිසි සාධාරණත්වයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඩී. එම්. සභාපතිවරයා අවධාරණය කර තිබේ.[FONT=verdana,geneva,lucida,'lucida grande',arial,helvetica,sans-serif]
[/FONT]






. dan 87yrs lu neda 
