Lucid Dreaming gena..(heenayak asse heenayak )

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    lucid-dreaming1%2Bcopy%2Bcopy.jpg

    හීනයක් දකිනකොට ඔයා අවදි නොවී සිහිනය තුලදිම ඒ දකින්නෙ හීනයක් බව තේරුනොත් මොනා වෙයිද?
    අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. Lucid Dreaming කියලා තමයි මේකට කියන්නෙ.යාලුවනේ ඔයාලා සිහින දැකලා ඇති. මම කිව්වෙ දවල් හීන නම් නෙවේ නින්දේදී දකින සිහින. ඒත් ඔය සිහිනය දකින වෙලාවට ඔයා දන්නෙ නැහැ ඒක සිහිනයක් කියලා. ඇහැරුනාට පස්සෙ තමා දන්නෙ ඒක සිහිනයක් කියලා. කොහොමද හීනෙකදි ඔයාට තේරුනොත් ඒක හැබෑවක් නෙවේ හීනයක් කියලා :O ඔයාට මොන තරම් දේවල් කරන්න පුලුවන් වෙයිද? අන්න එහෙම කරන එකට තමා Lucid Dreaming කියන්නෙ. අපි සිහින ලෝකයට සාපේක්ශව පැය ගණනක සිහිනයක් දකිනවා කියන්නෙ ඇත්ත ලෝකයට සාපේක්ශව තත්පර ගණනක සිහිනයක්. මතකනෙ Inception ච්ත්‍රපටය. ඔව් දැනට සොයාගෙන ඇති පරිදි ඒ කාල සාපේක්ශතාව නිවැරදියි.Inception චිත්‍රපටයෙදිත් කරේ Lucid Dreaming ද? අනිවා. දැක්කනෙ ඒකෙ හිටපු අය හීනයක් තුලදි ඒ දකින්නෙ හීනයක් බව තේරුම්ගත්තා. ඇත්තම කිව්වොත් එයාලා හීනයක් තුලදි හීනෙන් නින්දට ගිඉහ්න් හීනයක් දකින්න හැදුවා, ඊට පස්සෙ ඒ හිනෙදි හීනෙන් නින්දට ගිහින් ටහ්වත් හීනයක් දකින්න ගියා ඒ කියන්නෙ හීනෙන් දකිනවා හීනයක් දකිනවා ඒ හිනෙදි දකිනවා හීනයක් :/ පිස්සු වගේ නේද හරි එහෙනම් චිත්‍රපටය ගැන කතා නොකර ඉමු.
    Lucid Dreaming ගැන කතා කරමුකො එහෙනම්.
    යාලුවනේ ඔයලට You Tube වෙබ් අඩවියෙ Lucid Dreaming Sleep Track කියලා search කලොත් පැය ගණනක නාද රටාවන් අසන්න පුලුවන්. මේකත් එක්තරා ආකාරයක භාවනාවක් වගේ දෙයක් හොදින් ප්‍රගුණකළොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබන්න පුලුවන්. ඒ Sleep Track වල සඳහන් ආකාරයට ඒවා ශ්‍රවනය කරමින් නින්දට යෑමෙන් Lucid Dreaming පහසු වෙන බව තමයි පෙන්වලා දීල තියෙන්නෙ. මොකද මේ Sleep Track වල තියෙන්නෙ ඇල්පා,බීටා වගේම අපේ මොළයෙ තිබෙන සංඛ්‍යාත වලට සමාන සංඛ්‍යාත. ඉතින් අපි භාවනාවක් වගේ සිතට ලබාදෙන ව්‍යායාමට ස්ආර්ථකව කරගන්න මේකෙන් උදව් වෙනවා.

    කොහොමද සාර්ථකව මේ වැඩේ කරන්නෙ?
    ඔයා හීනයක් දැකලා අවදි උනු පසුව එය අමතක වන්නට ඉඩ නොදී එය සටහන් කරගන්න.
    සැබෑ ජීවිතයේදී මම ඉන්නෙ මේ හීන ලෝකෙකද කියලා තමන්ගෙන්ම ප්‍රශ්ණ කරගන්න පුරුද්දක් ඇති කරගන්න.හීනෙකදිත් ඔය පුරුද්ද නිසා ප්‍රශ්න කරගත්තොත් වැඩේ ගොඩනෙ.
    නින්දට යන විට තමන් සිහිනයක් දැකීමට ඉඩ ඇති බව සිහියේ තබා නින්දට යන්න.
    නිතර නිතර දකින සිහින වල පොදුවේ සංකේතවත් වන දෙයක් තිබේ නම් ඒ ගැන අවධානය යොමු කරන්න.
    සිහිනයක් මැද අවදි වුවහොත් එය සටහන් කරගෙන නැවත් සිහිනයේ සිහියෙන්ම නින්දට යන්න.
    Lucid Dreaming සඳහා වෙන් වූ Sound Track මෙන්ම Lights පවා තිබෙනවා, නමුත් ඉතින් සුළු මුදලක් යන නිසා ඒක කරදර වැඩක්.
    නින්දට ගොස් පළමු මිනිත්තු 90න් පස්සෙ තමා ගොඩක් වෙලාවට සිහින පෙනෙන්නෙ, ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
    හදිසියෙවත් ඔයා Lucid Dreaming තත්වයට ලඟා වෙනවා වගේ තේරෙනවානම් සිහිය තබා ගන්න අතේ ඇඟිලි සියුම්ව සොවන්න උත්සාහා ගන්න.
    නින්දට යාමට ප්‍රථම භාවනා කරන්න.
    Lucid Dreaming වලට ආධුනික අයට තියෙන ගැටලුවක් තමා පුදුමය නිසාම අවධානය/සිහිනය බිඳෙන එක, ඉතින් ඒකෙන් බේරෙන්න සිහිනයේ තිබෙන ඔබේ කය දෙපසට සොලවන්න, සිහිනයේ ඔබ සිදු කරමින් සිටි දෙය දිගටම කරන්න උත්සාහ ගන්න.
    Video Game ගහන අයට Lucid Dreaming කිරීමේ හැකියාව අනිත් අයට වඩා වැඩි බවක් තිබෙනවා කියලා හොයාගෙන තියෙනවා .
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ මන් ඉන්නේ හීනෙක මන් නම් ඉන්නේ ලොකුම ලොකු හීනෙක
    මහින්ද මාමත් පැරදිලා ආතක් පාතක් නැති හිටන් එකෙක් රටේ පාලකයා උනානේ බන්ස්.....

    මේ හීනෙන් ගැලවෙන්නේ කෝමද බන්ස් ?
    තාමත් ලයිට් නෑ හීන දැක දැක ඉන්නවා.... :sorry:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මේ මන් ඉන්නේ හීනෙක මන් නම් ඉන්නේ ලොකුම ලොකු හීනෙක
    මහින්ද මාමත් පැරදිලා ආතක් පාතක් නැති හිටන් එකෙක් රටේ පාලකයා උනානේ බන්ස්.....

    මේ හීනෙන් ගැලවෙන්නේ කෝමද බන්ස් ?
    තාමත් ලයිට් නෑ හීන දැක දැක ඉන්නවා.... :sorry:

    ඔය හීනේ එළිවෙන්න නම් තව කල් යයි
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මේ මන් ඉන්නේ හීනෙක මන් නම් ඉන්නේ ලොකුම ලොකු හීනෙක
    මහින්ද මාමත් පැරදිලා ආතක් පාතක් නැති හිටන් එකෙක් රටේ පාලකයා උනානේ බන්ස්.....

    මේ හීනෙන් ගැලවෙන්නේ කෝමද බන්ස් ?
    තාමත් ලයිට් නෑ හීන දැක දැක ඉන්නවා.... :sorry:

    :lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ මන් ඉන්නේ හීනෙක මන් නම් ඉන්නේ ලොකුම ලොකු හීනෙක
    මහින්ද මාමත් පැරදිලා ආතක් පාතක් නැති හිටන් එකෙක් රටේ පාලකයා උනානේ බන්ස්.....

    මේ හීනෙන් ගැලවෙන්නේ කෝමද බන්ස් ?
    තාමත් ලයිට් නෑ හීන දැක දැක ඉන්නවා.... :sorry:
    :D:D:D
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේ මන් ඉන්නේ හීනෙක මන් නම් ඉන්නේ ලොකුම ලොකු හීනෙක
    මහින්ද මාමත් පැරදිලා ආතක් පාතක් නැති හිටන් එකෙක් රටේ පාලකයා උනානේ බන්ස්.....

    මේ හීනෙන් ගැලවෙන්නේ කෝමද බන්ස් ?
    තාමත් ලයිට් නෑ හීන දැක දැක ඉන්නවා.... :sorry:
    අතේ ඇගිලි ගණන් කරපන්.. ටීන් වුල්ෆ් එකට අනුව නම් අතේ ඇගිලි ගාන වෙනස්
    හීනෙන් ගණන් කරනකොට. ඒ කියන්නේ උබ හීනෙන් ඉන්නේ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල දන්නවද මචන් අපිට නිදාගන්නෙ නැතුවම හීනලෝකයට යන්න පුලුවන් කියල ?? ඔව් පුලුවන් ඒකට එක්තරා මත්ද්‍රව්යක් පාවිච්චි කරන්න ඕනේ. ඇසිඩ්, නැත්නම් එල්. එස්.ඩී කියන්නෙ ඒ ඩ්‍රග් එක.. මේකෙ දි වෙන්නෙ අපි හිතන ලෝකයකට අපිව ගෙන යෑමල් සාමාන්යයෙන් අපි දකින සිහිනයක් සෑබෑ ලෝකයදි තත්පර 12ක් වගේ උනත් .. එල් .එස්. ඩී වලදි ඒක සැබෑ ලෝකයදි මිනිත්තු 30ක් දක්වා දිග වෙන්න පුලුවන්..
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Oka gana mamath study karala thiyenawa... Aawata giyata karanda bari scene ekak... ethakota risky... poddak praguna karala thamai honda experience ekak ganda puluwan... hondata karana un fatta aathal ekak gannawa kiyala mama post dakala thiyenawa... matanam karanda baryai oii.... LOL!
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    උබල දන්නවද මචන් අපිට නිදාගන්නෙ නැතුවම හීනලෝකයට යන්න පුලුවන් කියල ?? ඔව් පුලුවන් ඒකට එක්තරා මත්ද්‍රව්යක් පාවිච්චි කරන්න ඕනේ. ඇසිඩ්, නැත්නම් එල්. එස්.ඩී කියන්නෙ ඒ ඩ්‍රග් එක.. මේකෙ දි වෙන්නෙ අපි හිතන ලෝකයකට අපිව ගෙන යෑමල් සාමාන්යයෙන් අපි දකින සිහිනයක් සෑබෑ ලෝකයදි තත්පර 12ක් වගේ උනත් .. එල් .එස්. ඩී වලදි ඒක සැබෑ ලෝකයදි මිනිත්තු 30ක් දක්වා දිග වෙන්න පුලුවන්..

    :yes::yes::yes: LSD Bump
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027

    LOL