6. Nightmare Exposure and Rescripting
මෙම ක්‍රමය Dr.Joanne L davis යන පුද්ගලයා විසින් හදුන්වා දුන් ක්‍රමයක්. මෙය උපකාරී වන්නේ නපුරු හීන (Nightmares) පෙනෙන අයටයි.. මේ කියන්නේ කල්තුරකින් දකින නපුරු හීනයක් ගැන නෙවෙයි. සමහර අය ඉන්නවා නිතරම එකම, හෝ එක වගෙ නපුරු හීන පෙනෙනවා, නින්දක් නෑ, රෑට ඇහැරෙනවා, හීන පෙනෙන නිසා නිදා ගන්න බයයි, ඒ වගෙ. ගොඩක් වෙලාවට අතීත සිදුවීමක් නිසා Post Traumatic Stress Disorder (PTSD) ඇති පුද්ගලයින්. PTSD වලදී මෙම ක්‍රමය වඩා සාර්තකයි..
මෙහිදී කරන්නේ දකින සිහිනය වෙනස් කිරීමයි, (rescripting).. හරියට පරන script එකට අලුත් script එකක් ලියනවා වගෙ වැඩක්. මේක කොහොමද කරන්නේ? දවසින් දෙකෙන් නම් බෑ, කාලයක් පුහුනු කරන්න ඕනේ...
මතක තියාගන්න හීනයකට බැහැ තමන්ගේ පාලනය අතට ගන්න, නමුත් අපිට පුලුවන් හීනය පාලනය කරන්න. අපෙ මොලයට ඒ හැකියාව තියෙනවා..
එහෙනම් අපි වැඩෙ පටන්ගමු...මේ වැඩේට ගන්න පොතක්, අපි අලුත් script එකක් ලියන්නයි යන්නෙ.
1. Confront Your Nightmares (හීනයට අභියෝග කරන්න.)
මොකක්ද ඒකෙ තේරුම??? ඒ කියන්නේ හීනය නිසා ඔබ කරන වැඩ කටයුතු අතපසු කරගන්න එප, සාමන්‍යය ජීවිතයේ වැඩ ඒ විදිහටම කරගෙන යන්න. ඒ වගෙම මම හීන වලට බය නැහැ කියන එක නිතරම හිතින් මෙනෙහි කරන්න. මේක තමයි පලමු පියවර. දැන් යමු ඊලග පියවරට.
2. Look into the Abyss (ගැඹුරටම අධ්‍යයනය කරන්න.)
දැන් තමයි ටිකක් අමාරු ටික. PTSD අයෙක්ට මෙම ක්‍රමය මුලින් මුලින් ගොඩාක් අමාරු වෙයි, නමුත් අත හරින්නෙ නැතුව කරන්න.
ඔබ දකින සිහිනය මතක් කරගන්න. මෙක අනේක් වැඩ අතරතුර නෙවේ, වෙනම වෙලාවක් අරන් කරන්න. දැන් හීනය අර පොතේ ලියන්න. ඒ හීනයෙ භයානකම, නැතිනම් ඔබට දරාගත නොහැකි කොටස Highlight කරන්න. මෙය කරන්න පහසු නැහැ. නමුත් මෙම ක්‍රමය ඔබට ගොඩ ඒමට හොද විදිහක්. ඒ ලියපු එක කිහිප වතාවක් ශබ්ද නගා කියවන්න. හොදින් හිත යොමු කරන්න.
3. Focus on Your Experience (ඔබේ අත්දැකීම ගැන අවදානය යොමු කරන්න.)
අපි දන්නව අපිට හීනයක් දකිනකොට බයක්, කලකිරීමක් වගෙ හැගීම් පමනක් නෙවෙයි, අපේ ඇගටත් යම් දේ දැනෙනව, වෙවුලන්වා, කවුරුහරි අල්ලන් ඉන්නවා වගෙ දේ. ඒ අත්දැකීම් හොදින් මතක් කරන්න, ඒවාත් අත්දැකීම් කියලා වෙනම ලියාගන්න. ශබ්ද නගා කියවන්න.
4. Dream vs. Reality (සිහිනය සහ යතාර්ථය.)
අපි හීනයක් දකිනකොට අපිට එය ඇත්තට සිදු වුනා වගේ, දවසෙ වැඩ කරද්දිත් සමහරවිට හිතනවා ඒක හීනයක්ද, ඇත්තට උනාද කියලා. නමුත් කෙසෙහෝ අපි වටහාගන්නවා එය හීනයක් කියලා. අන්න ඒ මෙය ඇත්ත නොවේ හීනයක් කියලා හිතන්න හේතු උන දෙය ලියාගන්න. ශබ්ද නගා කියවන්න. මෙය යතාර්ථය නොවන බව වටහාගන්න මෙය උපකාරී වේවි.
5. What Would Be a Better Feeling? (වඩා හොද හැගීම මොකක්ද?)
දැන් හොදින් අවදානය යොමු කරන්න.
ඔබ ඉහත අංක 3 ඉදිරිපත් කලානේ ඇතිවූ අත්දැකීම්. ඔබ කල්පනා කරන්න ඔබ ඒ අතරින් වෙනස් කරන්න කැමති අත්දකීම් මොනවාද? (උදා - බිය.).. වෙනස් කරලා ඒ වෙනුවට ඇති කරගන්නට කැමති අත්දැකීම මොකක්ද? (උදා : සතුට.) .. මෙහි දී වඩා specific වීමට උත්සහ කරන්න. හරියටම එම අත්දැකීම හදුනාගන්න ඕනෙ.
6. Change the Story (කතාව වෙනස් කරන්න.)
අපිට අපෙ දැනීම, හැගීම් වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා. අපි දැන් හීනය වෙනස් කරන්නයි යන්නේ.
දැන් ඔබ දන්නවා ඔබ වෙනස් කරන්න කැමති අත්දැකීමත්, ඔබ හීනයේ අකමැතිම කොටසත්.
දැන් හිතන්න ඔබ ඉහත කිව්ව වෙනස් කරන්න කැමති අත්දැකීම වෙනස් කරන්න නම්, හීනය වෙනස් වෙන්න ඕනෙ, හීනයේ අවසානය කොයි වගෙ වෙන්න ඕනෙද?
7. Visualize the New Story (අලුත් කතාව මවාගන්න.)
දැන් ඔබ වෙනස් කර කොටස ඇතුලත් කර අලුත් හීනය මවාගන්න, එය අර පොතේ ලියන්න, ශබ්ද නගා කියවන්න, ඇස් වහගෙන එය මවන්න. මෙය එකවරම කරන්න අමාරුඉ, මොකද ඔබගේ පරන සිහිනය මතකෙට එයි, නමුත් පුහුනුව සමග එය අමතක වී යයි. මෙය දිගින් දිකට කරන්න, මනස හුරු වන තුරු. කාලයක් මෙය කරන විට ඔබගේ සිහිනය වෙනස් වේ.. මෙය අමුතුම දෙයක්,, මෙයින් වන්නෙ අපගේ මොලය විසින් සිහිනය රැවැට්ටවීමකි. එහි විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවා, නමුත් මම එයට කාලය වැය කරන්නේ නැහැ.
8. Start Light
මෙය Nightmares කිහිපයක් නිතරම තිබෙන අයට වැදගත්. ඔබේ සියලුම සිහින ලියාගන්න, බරපතලකමින් අඩුම සිහිනයෙන් පටන්ගෙන මෙම ක්‍රමය පුහුනු කරන්න.