-
-
-
-
-
-
-
ගත්තේ Macbook එකක් ඒත් ආවේ පින්තුරයක් ! Ebay එකෙන් මිලදී ගන්නේ බලාගෙනයි.
ලෝක ප්‍රසිද්ධ Ebay වෙබ් අඩවිය ගැන අපි කවුරුත් අසා තිබෙනවා. Ebay වෙබ් අඩවියෙන් විවිධ දෑ මිලදී ගැනීමට බොහෝ දෙනෙකු යොමු වන්නේ සාමාන්‍ය වෙළඳපොළට වඩා තරමක් අඩුවෙන් තමාට අවශ්‍ය බොහෝ දෑ මිලදී ගැනීමට ඇති හැකියාව නිසයි. මේ සිදුවීම අපට වාර්තා වන්නේ එංගලන්තයේ Ilfracombe ප්‍රදේශයෙන්. 38 හැවිරිදි පෝල් බැරින්ටන් ට (Paul Barrington) මුහුණ දීමට සිදු වුයේ තමන් සිහිනෙන්වත් නොසිතු සිදුවීමකටයි.
විවාහ මංගල උත්සව වල Dj කිරීමේ ආසාවකින් පෙළුණු මේ පුද්ගලයා තමාගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් Ebay වෙබ් අඩවියට පිවිසියේ Apple Macbook ලැප්ටොප් එකක් මිලදී ගැනීමටයි. එහිදී ඔහුට අදහාගත නොහැකි මිලකට මෙම වර්ගයේ ලැප්ටොප් එකක් විකිනීමට ඇති බව දැක ගැනීමට ලැබිණ. £1,500 පමණ වන පරිගණකයක් £300 කට විකිණීමට ඇති බව දුටු ඔහු ප්‍රීතියෙන් පිනා ගියේය. මේ දකින්නේ සිහිනයක් දැයි ඔහුට සිතෙන්නට ඇත. බොහෝ කාලයක් රල මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (surfing) නියුතුව සිටි ඔහු තමන්ගේ surf බෝර්ඩ් එකත් විකුණා දැමුවේ අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයා ගැනීමටයි. නමුත් ඔහුගේ අපේක්ෂාවන් සියල්ල සුනු විසුනු වී යන්නේ ඔහුට ලැබුණු පාර්සලය විවෘත කිරීමෙන් අනතුරුවයි. තමා දෑස් දල්වාගෙන බලාසිටි ලැප්ටොප් පරිගණකය වෙනුවට එයතුල වුයේ ලැප්ටොප් පරිගණකයේ ඡායාරූපයක් පමණි. තමන් වංචාවකට ලක්වී ඇති බව ඔහුට වැටහී යන්නේ එවිටයි.
” මම මගේ අභිමානය හා වින්දනය කොළ කැල්ලකට විකුණලා දැම්මා. මට අවුරුදු 10යේ ඉඳන් Surfboard තිබ්බා. පලවෙනි වතාවට තමයි මගේ ළඟ surfboard එකක් නැත්තේ. ලැප්ටොප් එකකුත් ඕන වුනා. මං මේක මිලදී ගත්ත පුද්ගලයා වසර කිහිපයක් මේකේ සාමාජිකයෙක් වෙලා හිටපු එක්කෙනෙක්” පෝල් ඉතා කනස්සල්ලෙන් පවසා සිටියා.
තමාට වූ මේ අකරතැබ්බය ගැන Ebay වෙබ් අඩවියේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති අතරම ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් ඉතා කණගාටුවන බවත් එම මුදල් නැවත ලබාදීමට, අදාළ කුට වෙළෙන්දා සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි.
මේකෙන් අපිට ගත හැකි වැදගත්ම පාඩම තමයි ලාබෙට බඩු මිලගත්ත වගේ නෙමෙයි අන්තිමට සල්ලිත් නැතිවෙන්න පුළුවන් කියන එක. ඒක හින්දා මිලදී ගැනීමක් කරද්දී ඉතාමත් කල්පනාකාරී වෙන්න.

Last edited: