copyright :sonodilan blogspot
2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ.
දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.
සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද,
ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්රී ලංකා නාමය යටතේ 2008 මා රැකියාව කරපු රෙස්ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්රී ලංකා කෙලවල්ලට අබ සරනයි...
අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ...