Madras Cafe ත්‍රස්තවාදයේ සළු පිළි උනා දමයිද?

MacroMP

Member
Mar 6, 2013
648
173
0
Madras Cafe ත්‍රස්තවාදයේ සළු පිළි උනා දමයිද?

John Abraham රඟන නවතම හින්දි සිනමාපටය පිළිබඳ ඉන්දියාවේ ආන්දෝලනයක් ඇති වෙලාලු. ඒ බව අපිත් දැනගත්තේ “අද දෙරණ” පුවතකින්. ඊළාමයටත් දමිළ ජනයාටත් අපහාසයක් සිදු කරන චිත්‍රපටියක් ලෙස සලකලා ප්‍රදර්ශනය තහනම් කරන මෙන් මෙම පෙත්සම ඉදිරිපත් වෙලා තිබෙන බවයි කියැවෙන්නේ.

මෙම චිත්‍රපටියට අධ්‍යක්ෂණ දායකත්වය Shoojit Sircar ගෙන්. හමුදා නිලධාරියෙක් ලෙස සේවය ආරම්භ කරලා පසු කාලීනව RAW ඔත්තු සේවය හා එක්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අත්දැකීම්, මෙහෙයුම් සමග දිගහැරෙන කතාවක් මෙහි එන බව සඳහන්.

මෙහි පෙරපටය Farhan Aktar‘ගේ Bhaag Milkha Bhaag චිත්‍රපටිය හා සමග නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එසේ නිකුත් වූ පෙරපටය නැරඹූ පසුවයි මෙලෙස විරෝධතාවයන් එල්ල වී ඇත්තේ. අධ්‍යක්ෂකවරයා කියන විදිහට ‘මේක චරපුරුෂ සේවයේ කතාවක්. ඒ වගේම මේක හරිම තාත්විකයි.’

ජෝන් ඒබ්‍රහම්’ට අනුව මේක ඉතාම හොඳ අන්තර්ජාතික තලයේ චිත්‍රපටියක්. ඔහු කියන විදිහට ඉන්දියාවට ආඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කළ හැකි ආකාරයේ චිත්‍රපටයක් වන මෙය Paramount හා එක්ව උතුරු ඇමෙරිකාවටත් යුරෝපයටත් බෙදාහරින්නටත් ඔහු කටයුතු සලස්වලා තිබෙනවා. ඔහුට ඒක දැනෙන්නේ හරියට Amores Perros වගේ චිත්‍රපටියක් විදිහටලු.

මෙහි නිෂ්පාදනයත් සිදු කර ඇත්තේ ජෝන් ඒබ්‍රහම් විසින්මයි. මෙය තිරගතවීම ආරම්භ වීමට නියමිත දිනය අගෝස්තු 30 ලෙස වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ වෙනුවෙන් John Abrahamට අමතරව Jacqueline Fernandez, Nargis Fakhri, Leena Mari, Siddhartha Basu යන නළු-නිළියන් ද රංගන දායකත්වය සපයනවා. මෙම චිත්‍රපටය මුලදී Jaffna ලෙස නම් කර තිබුණත් පසුව නම වෙනස් කර තිබෙනවා. මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී රූගත කරන ලද්දක් බවත් සඳහන්.

Trailer එකේ හැටියටනම් පට්ට එකක් වගේ පේනවා... බොරු මූණු දාගත්ත ශාරුක් ලට අමිතාබ් ලට වඩා අපේ රටට වටින මේ වගේ film එකක් ජෝන් වගේ සුපිරි නළුවෙක්ගේ අතින් නිෂ්පාදනය වෙලා ලංකාවේ යුද්ධේ ඇත්ත තත්වේ ලෝකයට අරන්යන්න කරන උදව්වම ඇති අපිට මේ චිත්‍රපටයට උපරිම සහයෝගය දක්වන්න...
We Want Madras Cafe :yes: :yes: :yes: :yes:

 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
හින්දි මගුල් මටත් එපා වෙලා... එත් සමහර නළුවෝ ඉන්නවා, ඇත්තටම ලංකාවත් එක්ක එකතුයි, පර තමිල්නාඩුවේ හරක් ගේ තර්ජන හින්දයි උන්ට එහෙම ඉන්න බැරි... සල්මන් කාන්, විවේක ඔබරෝයි වගේ අය ප්‍රසිද්දියේ සහයෝගය දීල තිබුන.. දැන් ජෝන් මේ film එක කරේ අන්තර්ගතය ගැන හොදින් දැනුවත්වනේ... එකේ තේරුම උන් පිලිගන්නවා කවුද හරි කවුද වැරදි කියල... ඇත්තටම තමන් උන්ට එරෙහි වෙලා අපේ පැත්තට වැඩ කලොත් උන්ගේ පවුල් වල උදවියට අපේ රටෙන් ආරක්ෂාවක් නෑනේ... වෙලා තියෙන්නේ උන්ගේ system ඒකම තමිල්නාඩුවට බලය දීල තියෙන්නේ... ඔය දේම තමයි අපේ රටේ දී උන්ට ඊලම දුන්නනම් වෙන්නෙත්...
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1.jpg


    වැඳපං වැඳපං අපේ දෙයියෝ දෙයියෝ™!!

    meme-yao-ming.jpg