අප ගේ රටෙහි තිබෙන දුර්වලතාවයකි, පශ්චාත් යුධ සිනමාවක අහේනිය.වසර 40ක් වියට්නාමයේ යුද කර පසුපස බිම ඇනගත් අමෙරිකානුවන් ද, එහි සිය වීරත්වය පෙන්වන සිනමා කෘති ගනනාවක් කලේ, අමෙරිකානු අභිමානය ඉහල නංවනු සදහාය.නමුත් අප ගේ පශ්චාත් යුධ සමයේ දී, යුද්ධයේ බිහිසුණු මානසික වාතාවරණය යන්තමින් හෝ අහුලාගත් සිනමා පට බිහිවූයේ කීපයක් පමණි. ගාමණි, අලිමංකඩ එවැනි කෘති දෙකකි. නමුත් එල්ටීටීඊය සිනමාව ඉතා යහපත් අවියක් ලෙස අප දෙසට මෑනුවෝය. උන් තවමත් එය මානති. ඊනියා සටන් විරාම සමයේ දීම ඔවුහු My Daughter;Terrorist නමින්මරා ගෙන මැරෙන කළු කොටින් ගේ ක්‍රියාකාරීත්වය පූජනීයත්වයට නංවන සිනමාපටයක් ජාත්‍යන්තරය වෙත මුදා හලහ. එපමණක් නොව එන්ජීඕ හරහා සිය මතය ගෙන එන සිනමාපට ගෙන එන්නට ද ඔවුහු දායක වූහ. My Daughter;Terrorist (මගේ දියැණිය-ත්‍රස්තවාදිනිය),Forsaken Land(සුළග එනු පිණිස(-යනුවෙන් රවටන නමක් යෙදූ))සහ දැන් උත්කර්ෂයට නංවන්නට වලිකන Flying Fish(ඉගිල්ලෙන මාළුවෝ) මෙවැනි සිනමා කෘතිය.
කොටින්ට රිදෙන්නේ එකකිනි. ඒ INTERCEPT THE TRUTH යන්නනෙනි..........සත්‍යයට රිදෙන්නේ අසත්‍යය වපුරන උන් හට විනා වෙන කවුරුන් හට ද?
ඒ අතින්, පශ්චාත් යුධ සිනමාවක් නැති අපේ යුද්ධයට මෙවන් සිනමාපට ගෙන ඒම පිළිබදව එහි අදියුරු සූජිත් සිර්කාර් වෙත ද, නිපැයු ජෝන් ඒබ්‍රහම් වෙත ද අපි තුති පිදිය යුතුය.