මේක මගේ ජීවිතේ අලුත් පියවරක්. මම් මේ පෝස්ට් එක දාන්නේ මගේ දුක මුල් වරට එලකිරි එකට දැම්මට පස්සේ කාලයක් යද්දි මගේ දුක සතුටක් බවට පත්වුන නිසා දුකේදී විතරක් නෙවෙයි සතුටෙදිත් මගේ මුල් පෝස්ට් වලට කමෙන්ට් කරපු අයව අමතක නොකරන බැවිනි.
කෙටියෙන් මතක් කරන්නම් , මම් මචන් මීට අවුරුදු 4කට කලින් මගේ අවන්ක ආදරය AL කරන කෙල්ලෙක්ට දුන්නා. ඒ කෙල්ල ගමක හොද පවුලක ජීවත් වුන අහින්සක කෙල්ලෙක්. හැබැයි ලස්සනක් නෑ. සුදුත් නෑ. ඒත් මට ලස්සනයි ඒ අවන්ක ආදරේ නිසාද මන්දා. කෙල්ල AL ලියලා ගියා කොළබ ජොබ් එකකට. කෙල්ලට මගේ ආදරේ මදි වුනා. අන්තිමට එයාලගේ අම්ම සහ තාත්තා මට සල්ලි නැති නිසා අකමැති වුනා. කෙල්ලට ගොඩාක් ප්‍රශ්න ආවා මම් ඒ හැම වෙලාවකදිම කෙල්ල එක්ක හිටියා. කෙල්ලට කොලබ බැන්කුවක ජොබ් එකක් සෙට් වුනා. කෙල්ල වෙනස් වුනා. මගේ සල්ලි නෑ කිව්වා. අපේ අම්මා තාත්තා ඒ නිසා කැමති නෑ කිව්වා. කෙල්ල AL කාලේ ගත්තේ මෝඩ තිරණයක් කියලා අවුරුදු 3කට පසුව මගෙන් වෙන් වුනා. මට දරාගන්න බැරි දුකක් බන් දැනුනේ කියලා වැඩක් නෑ...
ඒ දුක අතරේ මම් ජොබ් එකට යනකොට බස් එකේදී හැමදාම කෙල්ලෙක් මම් යන වෙලාවටම සෙට් වෙලා මාත් එක්ක ෆිට් වුනා. කාලයක් ඔහොම්මම ගියා මම් ගොඩක් දුක් වුනා මාව දාලා ගිය නංගි ගැන. ඒත් ඒ දුක අස්සේ බස් එකේ කෙල්ල මට ආදරේ කරන්න පටන් ගත්තා. මම් කලින් සීන් මේ කෙල්ලට කිව්වා. මට ආදරේ කරන්න හිතක් නැතත් ගිය දේ ගියා ලගට ආපු දේ නැතිකරගන්න ලෝබ කමක් තිබුණා.
කාලයක් ගියා බස් කෙල්ල කලින් කෙල්ලට වඩා ලස්සනයි, කලින් කෙල්ල මාව ගනන් ගත්තෙවත් නෑ ඒත් මෙයා මම් ගැන හොද අවදානෙන් හිටියා. මමත් කොල්ලෙක් නිසා කාලෙත් සමග මේ කෙල්ලට ආදරයක් ඇතිකරගත්තා. කලින් කාපු බූට නිසා ආදරේ එපා වෙලා තිබ්බේ බන්. කාලයක් ගියා මේ අතරේ අපිට තිබුණා ලොකු ප්‍රශ්නයක්. මට වඩා කෙල්ල අවුරුදු 3ක් වැඩිමල්.
ඒත් පෙනුම මට වඩා අවුරුද්දක් බාලයි වගේ කෙල්ල. ඉතින් මේ ප්‍රශ්න මැද අවුරුද්දක් විතර අපි ආදරේ කරා. කාලය පැමිණියා අපේ ගෙදරටත් කෙල්ලගේ ගෙදරටත් කිව්වා.
වයස ප්‍රශ්නේ නිසා අපේ ගෙදරින් කැමති වුනේම නෑ බන්. අනික අපේ ගෙදර අම්මා එහෙම හෙන සැරයි. ඉතින් අපි දෙන්නා තීරනය කරා දෙමව්පියන්ගේ කැමැත්ත නැතිව මේක කෙරෙන්නේ නෑ කියලා. කාලයක් ගියා ලොකු ලොකු ප්‍රශ්න ආරවුල් ආවා.. ඒවා මගේ පරණ නූල් බැලුවනම් තේරෙයි.
ඔන්න දැන් තමයි හොදම ටික
අපේ ගෙදර කාලයත් සමග ශේප් වුනා කෙල්ලගේ පෙනුම බාල නිසා. අපේ කස්ටිය ගියා කෙල්ලගේ ගෙදර. පොඩි පොඩි කේස් ඇදුනා එහෙදි ඒත් ඔක්කොම ශේප් වුනා. දැන් කෙල්ලගේ ගෙදරින් අපේ ගෙදර මේ ලගදි එනවා. අම්මෝ බන් මම් කාපු කට්ට කියලා වැඩක් නෑ ලව් හින්දා. දැන් කෙල්ල මගේ හැම ප්‍රශ්නෙකදිම ලගින් හිටියා දාලා ගියේ නෑ. මම් අවන්කවම ආදරේ කරනවා. 
මට මචන් පරණ කෙල්ලව සින්දු එහෙම අහද්දි මතක් වෙනවා බන්. ඒකි මුලදී කියපුවා අන්තිමට වුන දේවල්, එ කෙල්ල එක්ක ෆිලිම් බලද්දි ආදෙරෙන් හිටිය හැටි.
( පරණ කෙල්ල එක්ක රූම්, බොක්ස් ගියේ නෑ ) දැන් ඉන්න කෙල්ලට අසාධාරනයක් වෙන නිසා මම් ඒ මතකයන් අමතක කරනවා බන්. උබලටත් මෙහෙම වෙලා තියෙද බන්
මම් ගැන උබලා මොකද හිතන්නේ.
මගේ කලින් වෙච්ච සිදුවීම් සහ ප්‍රශ්න
01. http://elakiri.com/forum/showthread.php?t=1733600
02. http://elakiri.com/forum/showthread.php?t=1734692

කෙටියෙන් මතක් කරන්නම් , මම් මචන් මීට අවුරුදු 4කට කලින් මගේ අවන්ක ආදරය AL කරන කෙල්ලෙක්ට දුන්නා. ඒ කෙල්ල ගමක හොද පවුලක ජීවත් වුන අහින්සක කෙල්ලෙක්. හැබැයි ලස්සනක් නෑ. සුදුත් නෑ. ඒත් මට ලස්සනයි ඒ අවන්ක ආදරේ නිසාද මන්දා. කෙල්ල AL ලියලා ගියා කොළබ ජොබ් එකකට. කෙල්ලට මගේ ආදරේ මදි වුනා. අන්තිමට එයාලගේ අම්ම සහ තාත්තා මට සල්ලි නැති නිසා අකමැති වුනා. කෙල්ලට ගොඩාක් ප්‍රශ්න ආවා මම් ඒ හැම වෙලාවකදිම කෙල්ල එක්ක හිටියා. කෙල්ලට කොලබ බැන්කුවක ජොබ් එකක් සෙට් වුනා. කෙල්ල වෙනස් වුනා. මගේ සල්ලි නෑ කිව්වා. අපේ අම්මා තාත්තා ඒ නිසා කැමති නෑ කිව්වා. කෙල්ල AL කාලේ ගත්තේ මෝඩ තිරණයක් කියලා අවුරුදු 3කට පසුව මගෙන් වෙන් වුනා. මට දරාගන්න බැරි දුකක් බන් දැනුනේ කියලා වැඩක් නෑ...
ඒ දුක අතරේ මම් ජොබ් එකට යනකොට බස් එකේදී හැමදාම කෙල්ලෙක් මම් යන වෙලාවටම සෙට් වෙලා මාත් එක්ක ෆිට් වුනා. කාලයක් ඔහොම්මම ගියා මම් ගොඩක් දුක් වුනා මාව දාලා ගිය නංගි ගැන. ඒත් ඒ දුක අස්සේ බස් එකේ කෙල්ල මට ආදරේ කරන්න පටන් ගත්තා. මම් කලින් සීන් මේ කෙල්ලට කිව්වා. මට ආදරේ කරන්න හිතක් නැතත් ගිය දේ ගියා ලගට ආපු දේ නැතිකරගන්න ලෝබ කමක් තිබුණා.
කාලයක් ගියා බස් කෙල්ල කලින් කෙල්ලට වඩා ලස්සනයි, කලින් කෙල්ල මාව ගනන් ගත්තෙවත් නෑ ඒත් මෙයා මම් ගැන හොද අවදානෙන් හිටියා. මමත් කොල්ලෙක් නිසා කාලෙත් සමග මේ කෙල්ලට ආදරයක් ඇතිකරගත්තා. කලින් කාපු බූට නිසා ආදරේ එපා වෙලා තිබ්බේ බන්. කාලයක් ගියා මේ අතරේ අපිට තිබුණා ලොකු ප්‍රශ්නයක්. මට වඩා කෙල්ල අවුරුදු 3ක් වැඩිමල්.
ඒත් පෙනුම මට වඩා අවුරුද්දක් බාලයි වගේ කෙල්ල. ඉතින් මේ ප්‍රශ්න මැද අවුරුද්දක් විතර අපි ආදරේ කරා. කාලය පැමිණියා අපේ ගෙදරටත් කෙල්ලගේ ගෙදරටත් කිව්වා.
වයස ප්‍රශ්නේ නිසා අපේ ගෙදරින් කැමති වුනේම නෑ බන්. අනික අපේ ගෙදර අම්මා එහෙම හෙන සැරයි. ඉතින් අපි දෙන්නා තීරනය කරා දෙමව්පියන්ගේ කැමැත්ත නැතිව මේක කෙරෙන්නේ නෑ කියලා. කාලයක් ගියා ලොකු ලොකු ප්‍රශ්න ආරවුල් ආවා.. ඒවා මගේ පරණ නූල් බැලුවනම් තේරෙයි.ඔන්න දැන් තමයි හොදම ටික

Last edited: