Mahinda Ge Anduwata Hena Gahapan

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කොටි ත්‍රස්‌තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මෙන්ම යුද ජයග්‍රහණයෙන් පසු මේ දක්‌වාමත්, මේ රටේ බහුතර කෘතවේදී ජනයා තම බඩට වඩා රට ගැන සිතුවේය. මානුෂීය මෙහෙයුම සමයේදී යුද්ධය සමග ජනතාව සිටීම සහ ඒ සඳහා මහජනතාවගෙන් ලද ආශිර්වාදය කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීමට විශාල ශක්‌තියක්‌ විය. යුද ජයග්‍රහණයෙන් පසුව පැවැති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදීත් මේ රටේ බහුතර ජනතාව මේ රජයට විශිෂ්ට ජයක්‌ අත්කර දුන්නේය. ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා රාජ්‍ය සේවකයන්ට රු. 10,000 ක වැටුප් වැඩිවීමක්‌ ඇතුළුව ජනතාවට ලබාදෙන සහන පොදියක්‌ ගැන කතා කරද්දී, ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ කීවේ රාජ්‍ය සේවකයන්ට රු. 2500 ක වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන බවයි. ඕනෑවට වඩා සහන දෙන බවටද ඔහු පොරොන්දු වූයේ නැත. එහෙත් බහුතර ජනතාව ඡන්දය දුන්නේ කාටද? මේ රජයටමය. ඒ නිසා මේ රටේ ජනයා බඩට වඩා රට ගැන සිතා ක්‍රියා කොට තිබේ. දැන් රජය ඒ ජනතාවට සිය යුතුකම් කොටස ඉටු කළ යුතුව තිබේ. එනම් බඩට වඩා රට ගැන සිතූ ජනතාවගේ බඩ ගැන ද දැන් රජය බැලිය යුතුව තිබේ. පසුගිය (දෙසැම්බර් 12) "දිවයින ඉරිදා සංග්‍රහයේ" කතුවැකියෙන් පෙන්වා දුන් පරිදිම රට ගැන මෙන්ම බඩ ගැන ද බැලිය යුතු මොහොතකට අප එළඹ තිබේ.

    ආණ්‌ඩුවේ නාස්‌තිකාර වියදම්, වංචා හා දූෂණ සහ සුපිsරි සාද හා උත්සව පිළිබඳව ද ජනතාව නිරන්තරයෙන්ම කතා කරති. රජයේ මැති ඇමැතිවරුන්ට ප්‍රාඩෝ වැනි සුපිරි වාහන ලබාදෙන බවට වූ පුවත් ද ජනතාවට අසන්නට තිබේ. ඇමැති මණ්‌ඩලය තවත් විශාල වී ඇත. එසේම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට සියයට 50 සිට 70 දක්‌වා තීරු බදු සහන සහිතව වාහන ගැනීම සඳහා මෝටර් රථ බලපත්‍ර ලබාදීමටද රජය තීරණය කර ඇත. මේ කිසිවක්‌ ජනතාවගෙන් වසං කළ නොහැකිය. එහෙත් මේ රටේ බහුතර ජනතාව අද ගෙවන්නේ ඉතා දුක්‌�ත ජීවිතයකි. ඒ ජීවිත ඉතා කටුකය. ජීවත්වීමේ ප්‍රශ්නය එන්න එන්නම උග්‍රවෙමින් තිබේ. දිනෙන් දිනම බඩු මිල ඉහළ යමින් ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය උග්‍ර අතට පත්ව ඇත. එහෙත් ජනතාව වෙනුවෙන් රජය ප්‍රමාණවත් සහන සලසා තිබේද? "කළගුණ සලකමු" "මව්බිම දිනවමු" යෑයි කියා ඡන්දය ලබාගත් මේ ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට හැරෙන්නට මේ රටේ බහුතර ජනතාවට කළගුණ සලකා තිබේද? යුද ජයග්‍රහණයෙන් පසුවත් සෑහෙන කාලයක්‌ ගත වී හමාරය. එසේ නම් මව්බිම දිනවන්නට කළගුණ සැලකූ, බඩට වඩා රට ගැන සිතූ බහුතර ජනතාව ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මීට වඩා සිතිය යුතු මොහොතක්‌ දැන් උදාවී ඇති බව ද කිව යුතුය

    පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ ගිය නිසා ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය උග්‍ර වී තිබේ. ජීවන වියදම ඉහළ යන්නේ බඩු මිල ඉහළ යන නිසාය. මේ බඩු මිල ඉහළ යැමේ තත්ත්වය අප හඳුන්වන්නේ "උද්ධමනය" කියාය. මෙකී උද්ධමනය යනු අංක එකේ මහජන සතුරායි. රටක මහජනතාවට බොහෝ සතුරන් සිටී. ඒ සතුරන් අතරින් උද්ධමනය අංක එකේ මහජන සතුරා ලෙස සලකන්නේ, දිනෙන් දිනම ජනතාව පෙළමින් ජනතාවට වඩාත්ම සතුරුකම් කරන්නේ උද්ධමනය බැවිනි. ඒ නිසා මේ මහජන සතුරාට එරෙහිව කටයුතු කොට මහජනතාවට තිබෙන පීඩනය අඩු කිරීම රජයේද වගකීමකි.

    පසුගිය කාලය තුළ උද්ධමනය නම් වූ අංක එකේ මහජන සතුරාගේ හැසිරීම කෙබඳුද? මේ වසරේ (2010) ජනවාරි මාසයේදී පැවැති උද්ධමනය සියයට 6.5 කි. මෙය කොළඹ පාරිභෝගිsක මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත ගණනය කළ උද්ධමනයයි. 2010 ජනවාරි මස පැවති සියටය 6.5 ක උද්ධමනය, ජුලි මස අගදී සියයට 4.3 දක්‌වා අඩු වූයේය. එහෙත් ඉන්පසු දිගින් දිගටම බඩු මිල ඉහළ යැමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් උද්ධමනය ද ඉහළ යන්නට පටන් ගත්තේය. ඒ අනුව අගෝස්‌තු මාසයේදී සියයට 5 දක්‌වා ද සැප්තැම්බර් මාසයේදී සියයට 5.8 දක්‌වාද, ඔක්‌තෝබර් මාසයේදී සියයට 6.6 දක්‌වා සහ නොවැම්බර් මාසයේදී සියයට 7 දක්‌වා ද උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස්‌ ඇත.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මෙසේ උද්ධමනය ඉහළ යැම නිසා ජනතාවගේ ජීවන වියදමට ඇති වී ඇති බලපෑම කෙබඳු ද? ඉකුත් මාස දෙක සැලකුවොත් ඔක්‌තෝබර් මස පාරිභෝගික වියදම රු. 470.43 කින් සහ නොවැම්බර් මාසයේ පාරිභෝගික වියදම රු. 447.39 කින් ඉහළ ගොස්‌ තිබේ. මෙම පාරිභෝගික වියදම් ඉහළ යැම ගණනය කර ඇත්තේ කොළඹ පාරිභාaගික මිල දර්ශනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්‌ඩ මල්ල සම්බන්ධයෙනි. ඉහතින් සඳහන් කළ පරිදි පාරිභෝගික වියදම ඉහළ යැමේ අදහස කුමක්‌ද? එනම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්‌ඩ කූඩයේ ඇති භාණ්‌ඩ ප්‍රමාණය මිලදී ගැනීමට සැප්තැම්බර් මාසයට වඩා රු. 470.43 ක්‌ ඔක්‌තෝබර් මාසයේදී වැය වන බවයි. එසේම එම භාණ්‌ඩ ප්‍රමාණයම මිලදී ගැනීම සඳහා ඔක්‌තෝබර් මාසයට වඩා නොවැම්බර් මාසයේදී තවත් රු. 447.39 ක මුදලක්‌ අවශ්‍ය වන බවයි. මෙසේ මාසයෙන් මාසය ජීවන වියදම ඉහළ ගියත්, මීට සාපේක්‍ෂව ජනතාවගේ ආදායම මට්‌ටම් ඉහළ යන්නේද? ජනතාවගේ පඩිපත ඉහළ යන්නේ ද? මේ ඉහළ යන පාරිභෝගික වියදම දරා ගැනීමට නම් අඩු තරමේ සෑම මසකම පඩිපත රු. 500 කින්වත් ඉහළ යා යුතුය. රාජ්‍ය සේවකයන්ට නම් අඩු තරමේ ජීවන වියදම් දීමනාවක්‌ හෝ ලැබේ. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයාගේ තත්ත්වය කෙබඳුද? ගොවීන්, ධීවරයන් සහ කම්කරුවන්ගේ තත්ත්වය කෙබදුද? මේ දැවෙන ජීවන වියදම් ප්‍රශ්න ගැන රජයට සංවේදීභාවයක්‌ තිබේද? පසුගිය සතියේ පුවත්පත් වාර්තා කර තිබූ පරිදි ජීවන වියදම අවම කිරීමට ඇමැති අනුකමිටුවක්‌ ද පත් කර තිබේ. ඒ අනුව අපට පෙනී යන්නේ ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය ගැන රජයේ අවධානය යොමු වී ඇති සැටියකි
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    දැන් අප මේ කතා කළ උද්ධමනය ඉහළ යාමට නැතහොත් ජනතාවගේ පාරිභෝගික වියදම් ඉහළ යාමට වැඩි වශයෙන්ම බලපා ඇත්තේ කවර භාණ්‌ඩ වර්ගද? ඒ පිළිබඳ සොයා බැලීමේදී අපට පැහැදිලි වන්නේ පාරිභෝගික වියදම් ඉහළ යාමට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම බවයි. එනම් ඔක්‌තෝබර් මස රු. 470.43 කින් පාරිභෝගික වියදම ඉහළ යැමට රු. 448.95 කින්ම දායක වී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. එසේම නොවැම්බර් මස රු. 447.39 කින් පාරිභෝගික වියදම් ඉහළ යැමට රු. 419.64 කින්ම දායක වී ඇත්තේ ද ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. මේවා වැඩි වශයෙන්ම එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වේ.

    මේ අනුව පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහළ ගොස්‌ ඇත්තේ කවරාකාරයෙන්ද? මේ සමග පළව ඇති වගුව බලන්න. ඒ අනුව පසුගිය වසරක කාලය තුළ එනම් 2009 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ (2010) නොවැම්බර් දක්‌වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යැමේ වර්ධනය එම වගුවෙන් දක්‌වා තිබේ. මේ අනුව පසුගිය වසර තුළ පොල් මිල සියයට 50.47 කින්ද, පොල් තෙල් මිල සියයට 39.78 කින් ද, බිත්තර මිල සියයට 20.48 කින්ද රතුලුනු මිල සියයට 36.69 කින්ද, ලොකු ලූනු මිල සියයට 14.86 කින් සහ සීනි මිල සියයට 8.38 කින්ද ඉහළ ගොස්‌ තිබේ. විශේෂයෙන්ම පොල් මිල, ජනතාවට එලොව පොල් පෙන්වමින් වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය වසරේ නොවැම්බරයේ රු. 25 ට, රු. 30 ට අලෙවි වූ ලොකු පොල් ගෙඩියක මිල අද වන විට රු. 50, රු. 55 සහ රු. 60 දක්‌වාද ඉහළ ගොස්‌ තිබේ. මේ නිසා කඩේට ගොස්‌ පොල් මිල අසන ජනතාවගේ දෙලෝ රත්වෙයි. එසේම 2009 වසරේ නොවැම්බරයේදී රු. 140 ක්‌ වූ පොල්තෙල් බෝතලයක මිල දැන් රු. 210 කි. මීට අමතරව සෑම එළවළුවකම මිල ඉහළ ගොස්‌ ඇත. මාළු සහ කරවල මිල ගණන් ද වැඩි වී ඇත. මේ අනුව පසුගිය වසරක කාලය තුළදී බෝංචි මිල සියයට 12 කින්ද, තක්‌කාලි මිල සියයට 47 කින්ද, කරවිල මිල සියටය 19 කින්ද, ගෝවා මිල සියයට 16 කින්ද, බීට්‌රූට්‌ මිල 21 කින්ද, ලීක්‌ස්‌ මිල සියයට 56 කින් සහ වැටකොළු මිල සියයට 32 කිsන් පමණද ඉහළ ගොස්‌ ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා අනාවරණය කරයි.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පසුගිය වසරක කාලය තුළ කිසිම ආහාර ද්‍රව්‍යයක මිල අඩුවී නැතිද? අඩුවී තිබේ. එනම් බොහොමයක්‌ සහල් වර්ගවල මිල ගණන් තරමක්‌ අඩුවී ඇත. එහෙත් රජය සහල් පාලන මිල ඉවත් කිරීම නිසාත් යළි පාලන මිලක්‌ පැනවීම නිසාත් සහල් මිල ගණන් යළිත් වෙළෙඳුන් විසින් ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනයා රජයට චෝදනා කරති. කවරක්‌ නමුත් මේ සම්බන්ධයෙන් අප නම් කියා සිටින්නේ සහල් මිල ඕනෑවට වඩා අඩුවීම එතරම් සුදුසු දෙයක්‌ නොවන බවයි. සහල් ඕනෑවට වඩා අඩු වුවහොත් අපේ ගොවියාට සිදුවන්නේ කුමක්‌ද? එසේ වීම ග්‍රාමීය ආර්ථිකයටද එතරම් හොඳ දෙයක්‌ නොවේ. සහල් මිල ඉහළ ගියත් ගොවියාට ඒ වාසිය නොලැබෙන බවටද චෝදනා නැඟේ. මේ නිසා සහල් මිල අතරමැදියන් හෝ මෝල් හිsමියන් විsසින් කෘත්‍රිම ලෙස ඉහළ නංවන්නේ නම් එය වැළැක්‌වීමට රජය වහාම පියවර ගත යුතුය. කොහොම නමුත් සහල් මිල ඉහළ ගියත් ඒ මුදල් රැඳෙන්නේ අපේ රටේමය. එහෙත් තිරිඟු පිටි හෝ වෙනත් ආනයනික ආහාර ද්‍රවයයක මිල ඉහළ ගියොත් ඒ මුදල් යන්නේ රටින් පිටටය. මෙයද අප අවධානයට ලක්‌ කළ යුතු කරුණකි. මේ අතරම පසුගිය වසරක කාලය තුළ පරිප්පු සහ වියළි මිරිස්‌වල මිල ගණන් අඩුවී තිබේ.

    හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන වරක්‌ කීවේ ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කළ නොහැකි බවයි. එය බොරුවක්‌ නොවේ. බඩු මිල කියන්නේ රටක පොදු මිල මට්‌ටමයි. මේ පොදු මිල මට්‌ටම අඩු කරන්නට පුළුවන් කමක්‌ නැත. අඩු කළ හැක්‌කේ මෙම පොදු මිල මට්‌ටම හෙවත් බඩු මිල නොව, බඩු මිල ඉහළ යැමේ වේගය හෙවත් උද්ධමනයයි. අපට උද්ධමනය අඩු කරන්නට පුළුවන. එනම් අපට බඩු මිල ඉහළ යන වේගය අඩුකර ගන්නට පුළුවන. එසේම අපට "බඩු මිල" අඩු කිරීමට නොහැකි වුවත් "භාණ්‌ඩ මිල" අඩු කළ හැකිය. එනම් එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්‌ඩයක හෝ භාණ්‌ඩ කීපයක මිල අඩු කරන්නට රජයට පුළුවන. මේ තුළින් ජනතාවගේ දැවෙන ජීවන වියදම් ප්‍රශ්නයට සහන සැලසීමට රජයට පුළුවන්කමක්‌ ඇත. ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මත පනවා ඇති තීරු බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම ද රජයට කළ හැකිය. එසේම ජීවන වියදම අඩු කිරීමට කළ යුතු වෙනත් පිළියම් ද රජය සොයා බලා ඒවා වහාම ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. අද දසතින්ම ඇසෙන්නේ "බඩු මිල වැඩියි ජීවත්වීම අමාරුයි" වැනි කතාය. එසේ නම් බඩට වඩා රට ගැන සිතමින් මෙතෙක්‌ කලක්‌ ඉවසූ පොදු මහජනයාගේ බඩ ගැනද ආණ්‌ඩුව දැන්වත් බැලිය යුතුය. ඒ සඳහා දිගුකාලීන ආර්ථික සංවර්ධනය උදා වන තෙක්‌ ජනතාවට බලා සිටීමට පුළුවන්කමක්‌ නැත.

     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ela kiri post machan .. Mr Pu** dena un sinhala kiyawanna dannawada danne ne meka kiyawanna kiyewwath molaya kiyenawada danne ne meka terum ganna .. lole lol e patte inne okkoma ela harak saha mee harak nisa